එකම විදියට කන අල වලින් එක එක රසට අල කරි 7ක්

අල තෙල් දාලා, හොදි හදලා කන විදි වලින් එහාට ගිය අල කරි රෙසිපි ටිකක් කාලෙක ඉඳන් ගෙන්න හිටියෙ. ඔන්න අද තමා ඒකට අවස්ථාවක් ලැබුණේ. බලන්න මේ රෙසිපි ට්‍රයි කරලා කොච්චර රසට අල හදාගන්න ක්‍රම තියනවද කියලා.

 

1. ආලු මසාලා (Aloo Masala)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ග්‍රෑම් 500
  2. තක්කාලි ගෙඩි 4-5
  3. චොප්කරගත් ළූණු ගෙඩි 2
  4. අමුමිරිස් කරල් 3
  5. තලාගත් සුදුළූණු බික් 3-4
  6. තෙල් ස්වල්පයක් 
  7. සූදුරු තේ හැඳි 1
  8. කුරුඳුපොතු කෑල්ලක්
  9. කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
  10. කහකුඩු තේ හැඳි 1/2
  11. මිරිස්කුඩු මේස හැඳි 1
  12. තුනපහකුඩු තේ හැඳි ½
  13. රස අනුව ලුණු 

 

  • අල ටික තම්බගන්න. තක්කාලි හීනියට කපාගන්න. අමුමිරිස් කරල් ටික පලාගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා සූදුරු ටික දාලා කුරුඳුපොතු, සුදුළූණු ටිකත් දාගන්න. ටිකකින් ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු දාගන්න. ටිකකින් තක්කාලි ටික දාගන්න. 
  • ඒකට කොත්තමල්ලි කුඩු, කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩුටික දාගන්න. කලවම් කරලා අමුමිරිස් ටික දාගන්න. 
  • ටිකකින් තම්බා කපාගත් අල ටික දාලා වතුර කෝප්ප 1/2ක් දාගන්න. දැන් වතුර හිඳෙනකල් හොඳින් පිසගන්න. 

 

2. අල කුර්මා (Potato Kurma)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ග්‍රෑම් 500
  2. තෙල් ස්වල්පයක් 
  3. සූදුරු තේ හැඳි 1/4
  4. තලාගත් ඉඟුරු, සුදුළූණු මේස හැඳි 1
  5. කපාගත් ළූණු ගෙඩි 1
  6. චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක් 
  7. කපාගත් තක්කාලි ගෙඩි 1
  8. මිරිස්කුඩු තේ හැඳි 1
  9. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  10. ගරම් මසාලා තේ හැඳි 1/2
  11. කහකුඩු තේ හැඳි 1/4

 

මසාලා පේස්ට් එකට 

 

  1. කෑලි කපාගත් පොල් කෝප්ප 1/2
  2. රෝස්ට් කරගත් කඩල පරිප්පු මේස හැඳි 2
  3. කජු කෑලි ටිකක්
  4. සූදුරු තේ හැඳි 1/2
  5. මාදුරු තේ හැඳි 1/2
  6. කජු ස්වල්පයක්

 

  • අල ටික තම්බගන්න. මසාලා පේස්ට් එකට අදාළ සියල්ලම ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා සූදුරු ටිකක් දාගන්න. ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා කලවම් කරගන්න. ටිකකින් ළූණු හා මින්චි කොළ ටික එකතු කරන්න. හොඳට තෙම්පරාදු කරගෙන තක්කාලි ටික දාගන්න.
  • මිරිස්කුඩු හා අනික් තුනපහ සියල්ලම දාගන්න. හොඳට තෙම්පරාදු උනාම අල ටික දාගන්න. 
  • කලවම් කරලා ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක දාගන්න. ටිකකින් වතුර කෝප්ප 2ක් දාලා රස අනුව ලුණු දාලා පොඩ්ඩක් හින්ඳගන්න. 

 

3. පූරි ආලු කරි (Poori Aloo Curry)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අල කෝප්ප 1
  2. අබ තේ හැඳි 1
  3. කඩල මේස හැඳි 2
  4. ලියාගත් ළූණු ගෙඩි 3
  5. තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  6. අමුමිරිස් කරල් 3-4
  7. කරපිංචා ස්වල්පයක් 
  8. ලුණු ස්වල්පයක් 
  9. කහකුඩු තේ හැඳි 1/4

 

  • අල ටික පොඩි කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. 
  • ටිකකින් කඩල, ළූණු, ඉඟුරු, පලාගත් අමුමිරිස්, කරපිංචා ටිකත් දාගන්න. හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න. 
  • මේකට කහකුඩු ටික දාගන්න. හොඳට තෙම්පරාදු වෙන්න තියලා අල ටික එකතු කරන්න. ඊළඟට වතුර කෝප්ප 1/2ක් වගේ දාගන්න. 
  • හොඳට කලවම් කරලා වහලා විනාඩි 5ක් පිසගන්න. 

 

4. කාෂ්මීර් ඩම් ආලූ (Kashmir Dum Aloo)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ග්‍රෑම් 500
  2. කොත්තමල්ලි තේ හැඳි 1
  3. කරදමුංගුඇට 2
  4. සූදුරු තේ හැඳි 1/2
  5. කරාබුනැටි 2
  6. කුරුඳුපොතු කෑල්ලක් 
  7. වියළි මිරිස් කරල් 10
  8. මුදවපු කිරි ග්‍රෑම් 400
  9. කහකුඩු තේ හැඳි 1/4
  10. මිරිස්කුඩු තේ හැඳි 1/4

 

  • අල ටික තම්බගන්න. තම්බාගත් අල හතරට වගේ කපාගෙන මිරිස්කුඩු දාලා පොඩ්ඩක් කලවම් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අල ටික දාලා බැදගන්න. 
  • වෙනම පෑන් එකකට කොත්තමල්ලි, සූදුරු, එනසාල්, කරාබුනැටි හා කුරුඳුපොතු දාලා බැදගන්න. ලිප ඕෆ් කරලා මේ ටික ග්‍රයින්ඩ් කරගන්න. 
  • වියළි මිරිස් වල ඇට අයින් කරලා කඩාගන්න. මේක පැයක් පෙඟෙන්න තියන්න. දැන් මිරිස් ටික ග්‍රයින්ඩර් එකට දාලා වතුර ටිකකුත් දාලා පේස්ට් එකක් එනකල් ග්‍රයින්ඩ් කරගන්න. 
  • මුදවපු කිරි වලට මුලින්ම ග්‍රයින්ඩ් කරගත් මසාලා කුඩු ටික දාලා කලවම් කරගන්න. මේකට මිරිස් පේස්ට් එකත් දාගන්න. හොඳට කලවම් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කහකුඩු හා මිරිස්කුඩු දාලා බැදෙන්න අරින්න. ටිකකින් මුදවපු කිරි මිශ්‍රණය දාලා රස අනුව ලුණු එකතුකරන්න. ඊළඟට රෝස්ට් කරගත් අල ටික දාලා විනාඩි 10ක් වහලා පිසගන්න. 

 

5. Braised Potatoes 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේබි අල ග්‍රෑම් 500
  2. තලාගත් සුදුළූණු තේ හැඳි 1
  3. සෝයාසෝස් මේස හැඳි 4
  4. සීනි මේස හැඳි 4
  5. රෝස්ට් කරගත් තල ඇට ටිකක්

 

  • අල ටික පොත්ත පිටින් හොඳට සෝදගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙන්න තියන්න. ඊළඟට මේ ටික පෑන් එකකට දාලා විනාඩි 15ක් වගේ ඒ මේ අත හරවමින් බැදගන්න. 
  • අල ටික තැම්බිලාද බලලා මේකට තලාගත් සුදුළූණු එකතු කරන්න. ටිකකින් සෝයාසෝස් ටික දාගන්න. ඊළඟට සීනි එකතු කරන්න. විනාඩි 5ක් හොඳට හරවමින් තෙම්පරාදු කරගන්න. උඩින් රෝස්ට් කරගත් තල ඇට ටිකක් ඉහලා ලිප නිවාගන්න. 

 

6. Crispy Potato Fry

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තීරු කපාගත් අල ග්‍රෑම් 500
  2. තෙල් ස්වල්පයක් 
  3. අබ තේ හැඳි 1/2
  4. ලියාගත් සුදුළූණු බික් 3
  5. ලුණු
  6. මිරිස්කුඩු තේ හැඳි 1/2
  7. තුනපහකුඩු තේ හැඳි 1/2
  8. ගරම් මසාලා තේ හැඳි 1/4
  9. කහකුඩු තේ හැඳි 1/4
  10. කොත්තමල්ලි කොළ ස්වල්පයක් 
  11. කරපිංචා කොළ ස්වල්පයක් 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ඊළඟට සුදුළූණු, අල ටික හා රස අනුව ලුණු එකතු කරන්න. 
  • මේ ටික විනාඩි 7ක් විතර ඒ මේ අත පෙරලමින් තෙම්පරාදු කරගන්න. අල 50%ක් වගේ තැම්බුනාම මේකට මිරිස්කුඩු, තුනපහ කුඩු, ගරම් මසාලා හා කහ කුඩු දාගන්න. හොඳට කලවම් කරලා ෆ්‍රයි කරගෙන උඩින් චොප්කරගත් කරපිංචා හා කොත්තමල්ලි කොළ ඉසගන්න. 

 

7. Potato 65

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් අල ග්‍රෑම් 500
  2. පාන්පිටි කෝප්ප 1/4
  3. තෙල් ස්වල්පයක් 
  4. ලුණු ස්වල්පයක් 
  5. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1/2
  6. වියළි මිරිස් කරල් 2
  7. අමුමිරිස් කරල් කරල් 3-4
  8. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  9. කරපිංචා ස්වල්පයක් 
  10. මිරිස්කුඩු තේ හැඳි 1
  11. කහකුඩු තේ හැඳි 1/4
  12. තුනපහකුඩු තේ හැඳි 1
  13. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  14. මුදවපු කිරි කෝප්ප 1/2
  15. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

 

 

  • භාජනයකට වතුර ටිකක් දාලා අල ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න. අල හොඳට තම්බගන්න. වතුර පෙරලා අරන් පාන්පිටි ටික දාලා කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. වතුර ටිකක් දාලා හොඳට කෝට් කරගන්න. දැන් අල ටික ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු, වියළි මිරිස්, අමුමිරිස් ටික දාගන්න. හොඳට බැදෙන්න ඇරලා ළූණු ටික දාගන්න. කරපිංචා ටිකත් එකතු කරන්න. 
  • මේකට මිරිස්කුඩු, කහකුඩු, ලුණු, තුනපහකුඩු දාලා ගින්දර අඩු කරලා මුදවපු කිරි ටික දාගන්න. කලවම් කරලා බැදගත් අල ටික දාලා ගින්දර ටිකක් වැඩිකරගෙන කලවම් කරමින් පිසගන්න. අන්තිමට උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ඉසගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *