ඊශ්‍රායෙල් යුද වීර​යෝ

අද වෙනකොට ඊශ්රායලය ගැන සමාජ මාධ් ජාලා තුළ නිතර නිතර කතාබහට ලක්වනවා දකින්න පුළුවන්. මේ හින්දා අපි හිතුවා ඊශ්රායලය ලෝක බලවතෙක් කිරීමට වැඩිම දායකත්වයක් ලබා දීපු ඊශ්රායල යුධ හමුදාවට කැපී පෙනෙන සේවයක් කරපු චරිත කීපයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් ඔබට ගෙන එන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් සමස්ත ඊශ්රායලයම බලගතු අරාබි රටවල් රාශියක් මැද්දේ තමන්ගේ ස්වාධිපත්යය ආරක්ෂා කර ගන්න ගමන් තමන්ගේ අසල්වැසි රටවල් වලට බලපරාක්රමය පතුරුවන්න සමත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ හමුදා බලය සහ එහි සේවය කරන පිරිස් වල විශිෂ්ටත්වය නිසාමයි

 

1. යොහායි බෙන් නන් (Yohai Ben-Nun)

කලක් ඊශ්රායල නාවික හමුදාවේ ප්රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ මොහු ඊශ්රායලයේ වීරයෙකු බවට පත් වන්නේ හේතුව නිසාම නොවෙයි. ඔහු විසින් ඊශ්රායල් විශේෂ කාර්ය සාධක බලකාය නිර්මාණය කිරීම සඳහා සිදු කළ පුරෝගාමී මෙහෙවර නිසයි. 1948 දී ඇති වුණු ඊශ්රායලයඅරාබි යුද්ධයේදී ඊජිප්තුවට අයත් ප්රධාන පෙළේ නෞකාවක් ගිල්වා දැමීමට ඔහු විසින් ආරම්භ කරනු ලැබූ Shayetet 13 නම් බලඝණය සමත් වුණා. ඇතැම්  අවස්ථාවල යුද මෙහෙයුම් සඳහා ඔහු සහභාගී වූයේ තමන්ගේ ජීවිත අවදානම පවා නොතකායි. මේ නිසාම ජීවතුන් අතර සිටි කාලය තුළදීම පුරාවෘත්තයක් බවට පත්වීමට ඔහු සමත් වුණා.

 

 

2. එලී කොහෙන් (Eli Cohen)

වෘත්තීයමය ඔත්තු සපයන්නෙකු ලෙස සේවය කළ කොහෙන්ගේ ඉරණම වූයේ සිරියාවේ ඩැමස්කස් අගනුවර ප්රසිද්ධියේ එල්ලා මරා දැමීමයි. කෙසේ නමුත් වනවිටත් ඔහු ඊශ්රායලයට විශාල සේවයක් කර තිබුණා. සිරියානු යුද හමුදාව සමග ගොඩනගාගෙන තිබූ සම්බන්ධතා හරහා විශාල යුධ රහස් ප්රමාණයක් ඊශ්රායලය වෙත ලබාදීමට සමත් වීම මගිනුයි. ඔහුගේ මරණය ඊශ්රායල් ජාතිකයන්ව දැඩි ලෙස කම්පනයට ලක් කළ අතර ඔවුන් විසින්  මාවත් සහ ප්රදේශ කීපයක් මොහු නමින් නම් කරමින් ගෞරවය ලබා දී තිබෙනවා. එසේම ඔහුගේ ජීවිතය පදනම් කරගෙන “The Spy” නමින් නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් පවා නිර්මාණය වී තිබෙනවා.

 

 

3. මොෂේ දයාන් (Moshe Dayan)

පලස්තීන රාජ්යය තුළ ඊශ්රායලය ඇති කිරීම සඳහා ආරම්භ වුණු ස්වේච්ඡා සංවිධානයකට සිය දායකත්වය ලබා දීම තුළින් මෝෂේ දයාන් තම පසුකාලීන ජීවිතයට පන්නරය ලබා ගත්තා. ඊශ්රායල ආරක්ෂක හමුදාවල විවිධ තනතුරුවල ඔහු සේවය කළත් ඔහු පිළිබඳව අනුස්මරණීය මතකයක් ලෝකයට ඇති වූයේ සය දින යුද සමය තුළ දී ඊශ්රායලයේ ආරක්ෂක අමාත්යවරයා ලෙස සිදු කරනු ලැබූ කාර්යභාරය නිසයි. කෙසේ නමුත් දේශපාලනඥයෙකු ලෙස ඔහුගේ කාර්යභාරය යම්තාක් දුරකට ආන්දෝලනාත්මක වූ අතර එක්තරා අවස්ථාවක ඔහු නියෝජනය කළ පක්ෂයෙන් පවා ඔහුව නෙරපා දමනු ලැබුවා. 

යුද්ධයට පමණක් නොව සාමයටත්  එකසේ කැපවුණු මෝෂේ දයාන්ශ්රායලය ඇති කරගනු ලැබූ සාම ගිවිසුම් සඳහාද සිය සම්පූර්ණ දායකත්වය ලබා දුන්නා.

 

 

4. රෆඑල් එයිටන් (Rafael Eitan)

ඔහුගේ සමස්ත හමුදා ජීවිතය තුළ වැඩි වශයෙන්  මාරාන්තික තුවාල ලැබූ අයෙක්. මැෂින් තුවක්කුවක් මගින් පපුවට එල්ල කරන ලද ප්රහාරයක් නිසා ඇති වුණු ජීවිත අවදානමද නොතකා ඔහු දිගින් දිගටම යුද පිටියේ රැඳී සිටි අතර ඉන් දශක කීපයකට පසුව හමුදා මෙහෙයුමකදී ඔහුගේ හිසට වෙඩි පහරවල් කීපයක් එල්ල වුණා. එහෙත් මේ කිසිවකින් ඔහුව නවතා දැමීමට නොහැකි වුණා. අවසානයේදී ඔහු ඊශ්රායලයේ හමුදා ප්රධානියා බවට පත්වීමට සමත් වුණා. දේශපාලනඥයෙකු ලෙස ඔහු යම් ආන්දෝලනාත්මක ස්වභාවයක් ගත්තත් තමන් හට පැවරුණු දේශපාලන වගකීම් සාර්ථකව ඉෂ්ට කිරීමට ඔහු සමත් වුණා.

 

 

5. ගියොරා එප්ස්ටීන් (Giora Epstein)

වර්තමානයේ විශ්රාම සුවයෙන් පසුවන ඊශ්රායලයේ ගුවන් හමුදාවේ බ්රිගේඩියර් වරයෙකු ලෙස කටයුතු කළ ගියොරා එප්ස්ටීන් සැලකෙන්නේ ලෝකයේ ගුවන් හමුදා සෙබළුන් අතර රජකු ලෙසයි. ඔහු විසින්ම ප්රහාරක යානා දාහතක් බිම හෙළා ඇති අතර ඉන් දාසයක්ම ඊජිප්තු ගුවන්හමුදාවට අයත් යානායිගුවන් හමුදාවෙන් විශ්රාම ලැබීමෙන් අනතුරුව ඊශ්රායලය ජාතික ගුවන් සේවය වෙත සිය දායකත්වය ලබාදීමට ඔහු කටයුතු කළා.

 

 

6. උසීල් ගල් (Uziel Gal)

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ජර්මනිය තුළ ඇතිවුණු තත්ත්වය මත පළමුව  එක්සත් රාජධානිය වෙතට පැමිණි  උසීල්, අනතුරුව පලස්තීනය වෙතට පැමිණ ඊශ්රායල නිදහස් සටන සඳහා එක්වීමට තීරණය කළා. මෙම කාලය තුළදී ඔහු විසින් ස්වයංක්‍රීය ගිනි අවියක් වැඩිදියුණු කිරීමට සමත් වූ අතර පසුව එය ඊශ්රායල් හමුදා විසින් බහුලව භාවිතා කිරීමට නිල වශයෙන් තීරණය කෙරුණා. ඔහුගේ මෙම නිර්මාණය ඊශ්රායල් හමුදාවල ශක්තිය සහ බලපරාක්රමය වැඩිදියුණු වීමට හේතු වීම නිසා විශේෂ පදක්කමකින් පවා මොහු පිදුම් ලැබුවා.

 

 

7. වුල්ෆ්ගෑන්ග් ​ලොට්ස් (Wolfgang Lotz)

මොසාඩ්  සංවිධානයේ බල කුළුණක් ලෙස හැඳින්වෙන ලොට්ස් ඊජිප්තු හමුදාව හා සම්බන්ධ බොහෝ සංවේදී යුධ රහස් ඊශ්රායලය වෙත ලබා දීමට සමත් වුණා. කෙසේ නමුත් ඔහුව අත් අඩංගුවට ගැනුණු අතර පසුව සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් යටතේ ඔහු යළිත් නිරූපද්රිතව ඊශ්රායලය වෙත  ගියා. ඔහු විසින් තම අත්දැකීම් පාදක කොට ගෙන චරිතාපදානයක් පවා රචනා කොට තිබෙනවා

 

එහෙම නම් ඉතින්  වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *