අපි හිතුවා අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න. ගොඩක් වෙලාවට අපි අපේ රටේ බෞද්ධ විහාරාරාම පිළිබඳව ඕනෑතරම් තොරතුරු ඔබත් එක්ක බෙදාගෙන තියෙනවා. නමුත් අද වෙනකොට යුරෝපය සහ බටහිර ලෝකය පුරාවටම බුදුදහම වේගයෙන් පැතිරෙමින් යනවා. ඒ හා සමගම අලුත් අලුත් සිද්ධස්ථාන රාශියක් බටහිර ලෝකය තුළ ගොඩනැඟිලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේ නව බෞද්ධ ආරාම පිළිබඳව තොරතුරු ඔබ වෙත මේ විදිහට ලිපියක් මගින් ගෙන එන්න.
1. නිපොසාන්– මයෝහොජි විහාරය (Nipponzan-Myōhōji )
ජපානය තුළ අතිශයින්ම ජනප්‍රියව පවතින මහායාන බුදු සමයේ නිකායක් වන නිචිරෙන් බුදු සමයට අයත් මෙම විහාරය මහා බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වුණු මුල් කාලීන මහායාන ආරාම අතරින් එකක්. මෙහි ඉතිහාසය 1917 වර්ෂය දක්වා දිව යනවා. ලෝක සාමය තේමාපාඨය කරගනිමින් මෙම විහාරය ලෝකය පුරා විවිධ වැඩ කටයුතු සිදුකරන අතර සාම දාගැබ ලෙස මෙම විහාරයේ ඇති ස්ථූපය හැඳින්වෙනවා.
2. අමරාවතී බෞද්ධ විහාරය (Amaravati Buddhist Monastery)
සුප්‍රකට අජාන් සුමේධෝ හිමියන් විසින් ආරම්භ කිරීමට යෙදුණු මෙම බෞද්ධ විහාරය බටහිර ලෝකය තුළ ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කරන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. 1984 දී ආරම්භ වීමෙන් අනතුරුව තායිලන්ත ථේරවාද බෞද්ධ සම්ප්රදාය පිළිබඳව පෙර නොවූ විරූ කතිකාවතක් මෙම විහාරය හරහා ඇති කිරීමටත් සමත් වුණා. ඒ හරහා ප්‍රායෝගිකව සත්‍ය සොයා යෑම සඳහා බටහිර ජනතාව නැඹුරු කිරීම සිදු කෙරෙනවා. මේ නිසාම අද වන විට විශාල බටහිර ජාතිකයන් පිරිසක් මෙම විහාරය ආශ්‍රිතව පැවිදිව සිටිනවා.
3. ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය (London Buddhist Centre)
මෙම විහාරය ආරම්භ කර තිබෙන්නේ සංඝරක්ෂිත නමින් තමන්ව හඳුන්වා ගන්නා ගිහි බෞද්ධයෙක් විසින්. යහපත් සිහිය සහ සමාධිය ඇතිකර ගැනීම මෙම විහාරය ආශ්‍රිතව ඉගැන්වෙන මූලික ඉගැන්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. එම පිරිස තමන්ව Triratna Buddhist Community ලෙස හඳුන්වා ගනු ලබනවා. මානසික ආතතිය වැනි විවිධ ගැටළු වලින් පෙළෙන පිරිස් සඳහා මෙම විහාරය විශාල සේවයක් සිදු කරන බවට වාර්තා වෙනවා.
4. ලන්ඩන් බෞද්ධ විහාරය (London Buddhist Vihara)
1926 දී ආරම්භ වුණු මෙම විහාරය බටහිර රටක ආරම්භ වූ පළමු ලාංකික බෞද්ධ විහාරය ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සඳහා පුරෝගාමීත්වය ගනු ලැබුවේ අනගාරික ධර්මපාල තුමා විසින්. දෙවැනි ලෝක යුද්ධය දක්වා විහාරය අඛණ්ඩව පැවති අතර එම කාලය තුළදී දෙහිගස්පේ පඤ්ඤාසාර හිමියන්, පරවාහැර පඤ්ඤානන්ද හිමියන් සහ හෑගොඩ නන්දසාර හිමියන් මෙම විහාරය තුළ වැඩ වාසය කළා. යළිත් වතාවක් මෙම විහාරය සඳහා පුනර්ජීවනය ලබාදෙන්නේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා විසින්. ඉන්පසුව නාරද හිමියන් සහ හම්මලව සද්ධාතිස්ස හිමියන් මෙම විහාරයෙහි විහාරාධිපතීන් ලෙස වැඩ වාසය කළා.
5. ලන්ඩන් ෆෝ ග්වැන්ග් ශාන් විහාරය (London Fo Guang Shan Temple)
තායිවානය කේන්ද්‍ර කොටගෙන පවතින චීන සම්භවයක් සහිත මහායාන බුදු දහමේ ශාඛාවක් වන Fo Guang Shan Order මූලිකත්වයෙන් මෙම විහාරය ඉදිකර තිබෙනවා. 1992 වර්ෂයේදී මෙම විහාරය ආරම්භ වී ඇති අතර වර්තමානයේ එය පිහිටා තිබෙන්නේ පැරණි පල්ලි ගොඩනැගිල්ලකයි.
6. මහමෙව්නාව බෞද්ධ අසපුව (Mahamevnawa Buddhist Monastery)
අද වන විට ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය පවතින මහමෙව්නාව අසපු සමූහයට අයත් මෙම විහාරය එංගලන්තය තුළ කෙමෙන් කෙමෙන් ජනප්‍රියව පවතිනවා. එසේම ධර්ම ග්රන්ථ ප්රකාශනය සඳහා මෙම විහාරය යොමුව තිබෙන බවද පැවසෙනවා
7. වත් බුද්ධපදීප (Wat Buddhapadipa)
තායිලන්ත බෞද්ධයන් විසින් එංගලන්තය තුළ ආරම්භ කරන ලද පළමු විහාරය ලෙස මෙම විහාරය හැඳින්වීමට පුළුවන්. අද වන විට එංගලන්තය තුළ ධර්ම ප්රචාරක කටයුතු සඳහා මෙන්ම භාවනාමය අත්දැකීම් ලබාගැනීම සඳහා මෙම විහාරය ප්‍රසිද්ධියක් උසුලනවා එයට අමතරව තායිලන්ත සම්ප්‍රදායට අයත් ගෘහනිර්මාණ ශිල්පයෙන් සහ චිත්‍ර වලින් අනූන මෙම විහාරය නැරඹීම සඳහා විශාල පිරිසක්ද පැමිණෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා.
Leave a Reply