ඉන්දියාවේදී හමුවෙන අපූරු කෑම

ඉන්දියාව  කියන්නේ මහද්වීපයක් ඇතුළේ තියෙන උප මහද්වීපයක්. මේ වාක්යයේ  තේරුම ආයෙ අමුතුවෙන් ඔබට විස්තර කරන්න අවශ්යයි කියලා අපි හිතන්නේ නැහැ. ඔබට පුළුවන් ඉන්දියාව ගැන අපි ලියලා තියෙන ලිපි ගණනාවක් අපේ වෙබ් අඩවිය හරහා කියවන්න. එතකොට අපි මේ කියවලා තියෙන වාක්යයේ තේරුම ඔබට වටහා ගන්න පුළුවන් වෙයි. ඉන්දියාව ගැන කතා කරද්දි ඉන්දියාවේ අපූරු ආහාර සංස්කෘතිය ගැනත් කතා නොකරම බැහැ. බොහෝ ඉන්දියානුවන් නිර්මාංශික ආහාර සඳහා වැඩි කැමැත්තක් දක්වනවා. මේ නිසා අපි හිතුවා ඉන්දියාව තුළ අතිශයින් ජනප්රිය නිර්මාංශ ආහාර කීපයක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න

 

1. භගාරා බයින්ගන් (Baghare-baingan)

අපේ රටේ හයිද්රාබාද් බිරියානි අතිශයින්ම ජනප්රියයි. විශේෂයෙන්ම ලංකාවේ පිහිටි ඉන්දියානු අවන්හල්වලදී හයිද්රාබාද් බිරියානි සමග මාංශ වර්ගයක හොදි ආහාරයට ගැනුණත්, ඉන්දියාව තුළදී සඳහා සැකසෙන්නේ වම්බොටු වලින් සකස් කරන ලද මෙම උකු හොද්දයි. මෙය  රසවත් කිරීම සඳහා කජු වර්ග, සියඹලා සහ අනෙකුත් කුළුබඩු යහමින් භාවිතා වෙනවා. මෙම ආහාරයේ ඉතිහාසය මෝගල් අධිරාජ් සමය දක්වා දිව යන බවට විශ්වාස කෙරෙනවා.

 

 

2. ලෝකී කී යක්නි (Lauki Ki Yakhni)

කරවිල කියන්නේ  අපේ රටේ ජනතාව එතරම්ම ප්රිය කරන ආහාරයක් නෙමෙයි. හැබැයි මෙහෙම කිව්වට සමහරු අපිට විරුද්ධව අවි අමෝරාගෙන එන්නත් පුළුවන්. නමුත්රවිල කොච්චර ගුණ වුණත් එහි ඇති තිත්ත රස  නිසා බහුතරයක් දෙනා කරවිල වලට ප්රිය කරන්නේ නැහැ .අපේ රටේ කරවිල බොහෝ විට හොදි ලෙස ආහාරයට ගන්නවා. වගේම කරවිල බැදුමට නම් ඊට සාපේක්ෂව බොහෝ දෙනෙක් ප්රිය කරනවා. නමුත් ඉන්දියානුවන් මේකට විකල්ප ක්රමයක් හොයාගෙන තියෙනවා. ඊට යෝගට් ආදිය භාවිතා කරමින් හොද්දක් වැනි කරවිල වෑංජනයක් සාදා ගැනීම. මේ සඳහා ඔවුන් වැඩි වශයෙන් කුළුබඩු  වර්ග එකතු කරනවා. කාශ්මීරය වගේ ප්රදේශවලදී කරවිල වලට අමතරව රසය වැඩිකර ගැනීම සඳහා නෙළුම් දඬු එකතු කරනවා.

 

 

3. කතල් කී සබ්සි (Kathal Ki Sabzi)

කොස් භාවිතා කරමින් සකස් කරනු ලබන මෙම ආහාරය ඉන්දියානුවන් සලකන්නේ එළු මස් වලට විකල්පයක් විදියටයි. අපේ රටේ බොහෝ වෙලාවට කොස්  කිරට සහ තම්බා ආහාරයට ගැනීම සිද්ද කරනවා. මස් වලට විකල්පයක් විදිහට අපි භාවිතා කරන්නේ පොලොස්. නමුත් ඉන්දියානුවන් ඉදුණු කොස් සහ තක්කාලි භාවිතා කරමින් මෙම රසවත් ආහාරය සකස් කර ගනු ලබනවා. ඇතැම් පළාත්වල මසාලා  ක්රමයට මෙම ව්යංජනය සකස් කරන අතර එමගින් රසය දෙගුණ තෙගුණ වන බව ඔවුන් විශ්වාස කරනවා.

 

 

4. භර්වාන් ටින්ඩා (Bharwan Tinda)

මෙම ආහාරය සකස් කිරීම සඳහා ඉන්දියාවේ බහුලවම වැවෙන බටු වර්ග භාවිතා කෙරෙනවා. ලංකාව තුළ වැඩි වශයෙන් බටු ව්යංජනය සකස් කිරීම සඳහා හොද්දක් ආකාරයට සකස් කිරීම පමණයි සිදු කරන්නේ. එහෙත් ඉන්දියානුවන් මෙම බටු වර්ග භාවිතා කරමින් පළමුව තම්බාගෙන අනතුරුව කුළුබඩු එකතු කරමින් උයා ගැනීම සිදු කරනවා. මේ හරහා එම ආහාරයේ රස ගුණ වැඩි කර ගැනීමට ඔවුන් සමත් වනවා

 

 

5. පාලක් භුර්ජි (Palak Bhurji)

 අපේ රටේ සමාජ මාධ් ජාලාවල නිවිති   කියන්නේ හරි අප්රසන්න කෑමක් විදිහට හංවඩු ගැහෙමින් පවතිනවාවිශේෂයෙන්ම පරිප්පු වලට නිවිති දාලා කෑම පිළිබඳව දැඩි විරෝධයක් මේ අය එල්ල  කරනවා. ඇත්තටම ලංකාවේ වැඩිපුරම ජනප්රිය වෙලා තියෙන්නේ පරිප්පු වලට නිවිති දාලා කෑම සහ නිවිති සම්බෝල හැදීම. නමුත් ඉන්දියාව තුළ නිවිති  වලට ඊට වඩා තැනක් හිමිවෙනවා. උදාහරණයක් විදියට ඔවුන් රොටී ආහාරයට ගැනීම සඳහා නිවිති වලින් සැකසූ උකු හොද්දක්  වැනි ආහාරයක් සකස් කරනවා. එය හොද්දක් සහ සෝස් එකක් අතර අතරමැදි ස්වභාවයක් ගන්නවා.

 

 

6. මසාලේදාර් ​ගෝබි (Masaledar Gobi)

ගෝවා  වලට සාපේක්ෂව මල්ගෝවා තවමත් අපේ රටේ සාමාන් ජනතාවගේ ආහාර වේලට එකතු වෙලා නැහැ. ඒකට එක හේතුවක් වෙන්නේ එම එළවළුවේ පවතින ඉහළ මිල. කෙසේ නමුත් මේ වන විට ශරීරය කෙට්ටු කර ගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටින අය මල්ගෝවා ආශ්රයෙන් විවිධ රසවත් ආහාර සකස් කර ගන්නවා. ලංකාවේ තත්ත්වය මෙහෙම වුණත් ඉන්දියාවේ නම් මල් ගෝවා වලට ඉන්දියානු කෑම මේසය තුළ විශාල ඉඩකඩක් ලැබෙනවා. ඔවුන් විසින් පහසුවෙන්ම මල් ගෝවා භාවිතා කොට Masaledar Gobi සකස් කර ගන්නවා.

 

 

7. උන්ධියු (Undhiyu)

ගුජරාට ප්රදේශයේ අතිශයින් ජනප්රිය ආහාරයක් වන මෙය ලංකාවේ හත්මාළුවට යම්තාක් දුරකට සමාන ආහාරයක්. එම ප්රදේශ ආශ්රිතව වැවෙන විවිධ එළවළු සහ ධාන්‍ය වර්ග උදාහරණයක් ලෙස නොඉදුණු කෙසෙල්, කුඩා වම්බටු, කඩල ආදිය එක්කර මෙම ආහාරය සකස් කරන අතර මේ සඳහා වැඩි කාලයක් ගත වෙනවා. මෙම ආහාරය සඳහා භාවිතා කරන විවිධ එළවළු වර්ග තැම්බීමට වැඩි කාලයක් ගත වීම නිසා එය කොටස් වශයෙන් සකස් කිරීමට සිදු වීම නිසයි. කෙසේ  නමුත් මෙම ආහාරයට ගුජරාට ජනතාව අතිශයින් ප්රිය කරනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න  එපා. පුළුවන්කමක් තියෙනවා නම් යූටියුබ් හරහා මෙම ආහාර ගැන තොරතුරු හොයාගෙන සකස් කරලා, රසවිඳලා අපිටත් ගැන විස්තර කියන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *