ඔය දැන් සමහර ගොඩක් දෙනෙක් අහලවත් නැති වෙබ්සයිට් තියෙන්නේ? ඒවෑයින් සමහරක තියෙන්නේ ඉතින් ආතල් එකක් තමයි. නිකම් වැඩක් නැතුව ඉන්න වෙලාවට පොඩ්ඩක් ස්ට්‍රෙස් රිලීස් කරගන්න, පොඩි ෆන් එකක් ගන්න හොඳයි. ඒ වගේම ගොඩක් දෙනෙක් අහලවත් නැති තවත් වෙබ්සයිට් තියෙනවා, එව්වා කෙලින්ම අපිට එදිනෙදා වැඩ වලදී සෑහෙන්න ප්‍රයෝජනවත්. ඉතින් ඔය වගේ වෙබ්සයිට් සීරීස් එකක්ම ඉදිරිපත් කරපු එකේ, අපි හිතුවා ඒ වගේ තව වෙබ්සයිට් කීපයක් ගැන Lifie.lk කියවන අපේ පාඨක සෙට් එක දැනුවත් කරන්න.
1. CV Maker
දැන් හිතලා බලන්න, ජොබ් එකක් හොයන ඕනම කෙනෙක්ට මොකක්ද තියෙන පළවෙනි ප්‍රශ්නේ කියලා. ඒ තමයි කාලෙට තාලෙට ගැලපෙන සීවී එකක් හදාගන්න එක. ඕකට biodata, resume වගේ නම් කිව්වට, දැන් තාලෙට කියන නම තමයි CV නැතිනම් curiculam vitae. හරි, නම නං මොනවද, හදාගන්නෙ කොහොමද? ඕන නං ඉතින් ඔය වර්ඩ් ෆයිල් එකක් ඇරලා තමන්ට ලියන්න ඕන ටික ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ලස්සන නෑ. ඔව්, දැන් කාලෙ සීවී එකේ ලස්සනත් බලනවා. අන්න ඒ නිසා, යන්න මේ cvmkr.com වෙබ්සයිට් එකට. ගිහින් විනාඩි කීපෙකින් තමන්ට ගැලපෙන ආකර්ෂණීය ටෙම්ප්ලේට් එකකින් හොඳ සීවී එකක් හදාගන්න. තෝරගන්න ඕන තරම් ටෙම්ප්ලේට් තියෙනවා. ආයෙ බොස් කෙනෙක් වගේ ජොබ් එකකට ගිහින් දික් කරන්න පුළුවන් නවීන, කොලිටි සීවී එකක් හදාගන්න තමයි තියෙන්නේ!
2. Myemulator.online
90 දශකේ ඉස්කෝලෙ ගියපු හාදයෙක් හරි හාදියක් හරි නං, අපිට පුංචි කාලේ සෙල්ලං කරන්න හම්බුණු අර පොඩි පහේ ගේම්ස් අමතක වෙන්න විදියක් නෑ. ඔය නින්ටෙන්ඩෝ වගේ අතට හැන්ඩි කොන්සෝල් වල ආපු ඔය සුපර් මාරියෝ ගේම්ස්, පොකේමොන් ගේම්ස්, සොනික් ගේම්ස්, සෙල්ඩා ගේම්ස් එහෙම පස්සෙ කාලෙක පොඩි පොඩි මොබයිල් ෆෝන්ස් වලත් තිබුණා. හැබැයි ඕවා විතරක් නෙවෙයි, අපිට අතීත කාලේ පොඩි ගේම්ස් මතක් කරනකොට ඔය F-117A: Stealth Fighter වගේ එව්වත් අමතක කරන්න බෑ. දැන් කාලේ අපි PS4, PS5 වලින් ගේම් ගැහුවත්, හිටපු ගමන් ඔය අතීත මතක එක්ක ඔය පරණ ගේම් එකක් දෙකක් සෙල්ලං කරන්න ආසාවක් එනවනේ. ආන්න එතකොට යන්න ගැලපෙන වෙබ්සයිට් එක තමයි මේ. මේ වෙබ්සයිට් එකට ගිහින් ඒකේ තියෙන ඔය පරණ ගේම්ස් ගණනාවක් ඩවුන්ලෝඩ් කරගෙන හරි, ඔන්ලයින් හරි සෙල්ලං කරන්න පුළුවන්!
3. pixelhunter.io
මෙන්න මේ pixelhunter.io වෙබ්සයිට් එක සෝෂල් මීඩියා වල සෑහෙන්න ඇක්ටිව් ඉන්න, හැම සෝෂල් මීඩියා එකේම ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරන අයට නම් ඉතාම වටිනවා. දැන් අපි ෆොටෝ එකක් අරගෙන ෆේස්බුක් එකට දානවා. හැබැයි ඔය ෆොටෝ එක ෆේස්බුක් කවර් පික් එකට දාන්න ගියහම ඔන්න එනවා ප්‍රශ්නයක්. සයිස් එක වෙනස්. ඒ විතරක් නෙවෙයි, අපි ඉන්ස්ටග්‍රෑම් එකට ෆොටෝ එකක් දාන්න ගියත්, ට්විටර් එකට ෆොටෝ එකක් දාන්න ගියත් එන්නේ ඔය ප්‍රශ්නෙම තමයි. ඒ කියන්නේ ෆොටෝ වල සයිස් ප්‍රශ්නේ. ඕන නම් ඉතින් ෆොටෝ එඩිටර් එකකින් අවශ්‍ය සෝෂල් මීඩියා එකේ ෆොටෝ එකකට හරියනම සයිස් එක හොයලා රීසයිස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක සෑහෙන්න වැඩක්. ඊට වඩා ලේසියි, pixelhunter.io වෙබ් එකට ගිහින්, අදාළ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක සිලෙක්ට් කරලා, තමන්ට ඕන විදියට ෆොටෝ එක ගාණට මිම්මට හදාගන්න එක!
4. picwish.com
ඔය සෝෂල් මීඩියා වලට ෆොටෝස් දාන අයටම එන තවත් ගැටළුවක් තමයි, තමන් ගන්න ෆොටෝ එකක බැක්ග්‍රවුන්ඩ් එක හරි නැති වීම. ඕන නම් ඉතින් ෆොටෝෂොප් හරි, වෙන ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න, බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට ඔය සොෆ්ට්වෙයාර් එක්ක වැඩ කරන්න එක්ස්පර්ට් නැති වුණත් මූලික දැනුමක් හරි තියෙන්න ඕනනේ. හැබැයි අපිට අපේ ෆොටෝ එකක් කෙලින්ම ඔන්ලයින් වෙබ්සයිට් එකකට අප්ලෝඩ් කරලා, අපේ ෆොටෝ එකක අපි කැමති නැති බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරලා කැමති බැක්ග්‍රවුන්ඩ් එකක් දාගන්න තියෙනව නං හොඳ නැද්ද? ආන්න ඒකට ගැලපෙන වෙබ්සයිට් එක තමයි picwish.com කියන්නේ! හරිම ලේසියි. බැක්ග්‍රවුන්ඩ් එකට ඕන නං කැමති පාටක් එහෙම දාගන්නත් මේකෙන් පුළුවන්!
5. prepostseo.com
ඔන්න අපිට ඕන වෙනවා මොකක් හරි ඉමේජ් එකක තියෙන ටෙක්ස්ට් එක අපිට එඩිට් කරන්න පුළුවන් ටෙස්ක්ට් එකක් බවට පරිවර්තනය කරගන්න. එහෙම නැතිනම් ඔන්න අපිට ඕන වෙනවා මොකක් හරි ඩොමේන් එකක අයිතිය තියෙන්නේ කාටද කියල දැනගන්න. එහෙම නැතිනම් අපිට ඕන වෙනවා මොකක් හරි ලොකු ටෙක්ස්ට් එකක සාරාංශය හදාගන්න. එහෙම නැතිනම් අපිට ඕන වෙනවා ඇඩ්සෙන්ස් වලින් හොයන්න පුළුවන් ගාණ කැල්කියුලේට් කරගන්න. එහෙම නැතිනම් අපි කියමු අපිට ඕන වෙනවා හෙක්සාඩෙසිමල් වලින් තියෙන සංඛ්‍යාවක් ඩෙසිමල් වලට හරි, බයිනරි වලට හරි පෙරළගන්න. එහෙම නැතිනම් සරලවම ටෙස්ක්ට් එකක බේසික් ග්‍රැමර් සහ ස්පෙලින්ග් චෙක් කරගන්න. ඔය එක එක විදියේ විවිධාකාර වැඩ අපිට කොයි මොහොතකදී හරි මතුවෙනවා. ආන්න එතකොට තැන් තැන් වලට යන්න ඕන නෑ, කෙලින්ම යන්න වෙබ්සයිට් එකට. මෙතන තියෙනවා මේ විදියේ එක එක වැඩ වලට ඕන වෙන ටූල්ස් සීයකට කිට්ටු ගාණක්!
6. Wolframalpha.com
දැන් ඔය සර්ච් එන්ජින් එකක් කිව්ව ගමන් අපේ ඔලුවට එන්නේ ගූග්ල් නේ. ඕන නං තව කෙනෙක් කියයි යාහූ කියලා. මේ වලින් කරගන්න පුළුවන් දේවල් සෑහෙන්න තියෙනවා තමයි. හැබැයි www.wolframalpha.com කියන්නේ වෙනම සීන් එකක්. උදාහරණයක් විදියට කිව්වොත්, අපිට අර බඩු ගෙනියන ලොකු කන්ටේනර් එකක හරිම මානයන්, පරිමාව වගේ දේවල් දැනගන්න ඕන වුණොත්, ගූග්ල් ගිහින් වෙබ්සයිට් ගණනාවක් ඔස්සේ හොයාගන්න ඕන කාරණා, මේ වෙබ්සයිට් එකෙන් හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන්. වෙන විදියකට කිව්වොත්, මේ වෙබ්සයිට් එක දැනුම සම්බන්ධ වෙන සර්ච් එන්ජින් එකක්. ඒ කියන්නේ විද්‍යාත්මක හෝ ගණිතමය හෝ වෙනත් ඒ වගේ එක්ස්පර්ට් දැනුමක් අවශ්‍ය වෙන ගැටළු වලට අපිට එක්ස්පර්ට් විසඳුම් ලබාදෙන වෙබ් එන්ජින් එකක්!
7. Saymine.com
ඇත්තටම අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳලා එක එක වෙබ්සයිට්, එක එක ඔන්ලයින් සේවාවන් කී දාහකට විතර අපේ තොරතුරු දීලා ඇත්ද? එතකොට ඒ ඩේටාබේස් වලින් තවත් කොම්පැණීස් කී දාහකට අපේ තොරතුරු ගිහින් ඇතිද? ආන්න ඒකට පිළිතුර දැනගන්න නම්, යන්න Saymine.com වෙබ් අඩවියට. ඒකට ගිහින් ලොග් වෙලා බැලුවට පස්සේ අපිට හිතාගන්නවත් බැහැ ඉන්ටර්නෙට් එකේ කොයි කොයි තරම් අහුමුළු වල අපේ තොරතුරු තියෙනවද කියලා. හැබැයි වෙලාව අරගෙන ඒවා අයින් කරලා, අපේ ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එක අවම කරගන්න අපිට මේ වෙබ්සයිට් එකෙන් ලොකු උදව්වක් ලැබෙනවා!
අපි කතා කරපු මේ වගේ තව වෙබ් අඩවි ගණනාවක් හොයාගන්න, පහළ තියෙන ලිපි කියවන්න!
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවෙනි කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වෙනි කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවෙනි කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පස්වෙනි කොටස
Leave a Reply