වැඩිම මිලකට විකුණුනු කලා ලෝක​යේ සිහිවට​න

ලෝකයේ, විශේෂයෙන්ම යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි නළු නිළියන් විසින් භාවිතා කළ ඇඳුම් පැළඳුම් සහ  ඔවුන් විසින් භාවිතා කළ විවිධ පෞද්ගලික භාණ්ඩ එම කලාකරුවන්ගේ මරණයෙන් පසුව වෙන්දේසි වීම සාමාන් තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල මේ වෙන්දේසි සඳහා හේතු වෙන්නේ අදා​ළ උරුමකරුවන්ට ගෙවීමට සිදුවන විශාල බදු ප්රමාණය. මීට අමතරව තවත් හේතු පවතින්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නළු නිළියන් තමන් ජීවතුන් අතර සිටියදීම තමන් භාවිතා කළ දේවල් වෙන්දේසි කොට ලැබෙන මුදල් විවිධ සමාජ සේවා කටයුතු සඳහා භාවිතා කරන අවස්ථාද පවතිනවා. අප ඔබට කියන්න යන්නේ එලෙස වැඩි​ම මිල​කට වෙන්දේසි වුණු, නළු නිළියන් සතු විවිධ දේවල් පිළිබඳවයි.

 

 

1. මයිකල් ජැක්සන්ගේ විල්ලුද කබාය

මෙම  සුප්රකට ගායකයා විසින් සිය සමීප මිතුරියක වන ප්රවීණ නිළි එලිසබෙත් ටේලර්ගේ  හැට පස්වැනි උපන් දිනයට සහ තවත් චිත්රපටයක මංගල දර්ශනය පැවති අවස්ථාවේදී ඇඳ සිටි මෙම කබාය ඇමරිකානු ඩොලර් 65,628 කට අලෙවි වුණා. වාර්තා වී ඇති ආකාරයට මෙය මිලදී ගෙන තිබෙන්නේ තවත් සුප්රකට තරුවක් වන කිම් කාඩේෂන් විසින්. තම දියණිය මයිකල් ජැක්සන්ගේ රසිකාවියක් නිසා ත්යාගයක් ලෙස ඇයට පිරිනැමීමට මෙ​ය තමන් විසින් මිලදී ගත් බව ඇය පවසා තිබෙනවා.

 

 

2. ඩාත් ​වේඩර් (Darth Vader) හෙල්මට් එක

ස්ටාර් වෝස්  කතාමාලාවේ පස්වන චිත්රපටය වනදි එම්පයර් ස්ට්රයික්ස් බැක්”  (The  Empire Strikes Back) හී ඩාත් ​වේඩර් චරිතය රඟපෑ ඩේවිඩ් ප්රව්ස් (David Prowse) විසින් පළඳි​න ලද හෙල්මට් එක ඇමරිකානු ඩොලර් 898,420​ක මුදලකට වෙන්දේසි වුණු අතර, මෙය මිලදී ගනු ලැබුවේ කවරෙක්ද යන්න අදටත් හෙළි වී නැහැ. මෙය මිලදී ගත් තැනැත්තා තම අනන්යතාවය රහසක් ලෙස තබා ගන්නා ලෙස අදාළ වෙන්දේසිකරුවන් සමග එකඟතාවයකට පැමිණ තිබෙනවා.

 

3. ද ඩියුක්ස් ඔෆ් හැසාර්ඩ්හි (The Dukes of Hazzard) කාර් රථය

ඩියුක්ස් ඔෆ් හැසාර්ඩ් නමින් තිරගත වූ රූපවාහිනී කතා මාලාවට සහ ඉන්පසුව පැමිණි චිත්රපටි මාලාව සඳහා භාවිතා වුණු මෙම කාර් රථය ebay වෙබ් අඩවිය හරහා ඇමෙරිකානු ඩොලර් 9,900,500​ක මුදලකට වෙන්දේසි වූණා. බොහෝ දෙනෙක් එවැනි මුදලකට මෙම කාර් රථය වෙන්දේසි වෙතැයි අපේක්ෂා කළේ නැහැ. විශේෂයෙන්ම මෙම කාර් රථයේ උඩ කොටසෙහි ඇමරිකානු සිවිල් යුද්ධයට සම්බන්ධ කොන්ෆෙඩරේෂණ  කොඩියක් ඇතු​ළත් වීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය තු​ළම විවාද සම්පන්න තත්ත්වයක් ඇතිවුණා.

 

4. ජුඩි ගාලන්ඩ්ගේ (Judy Garland) රතු පැහැති සපත්තු දෙක

 රතු පැහැති සපත්තු දෙකක් ඇමරිකානු ඩොලර් මිලියන 6කට ආසන්න මුදලකට විකුණුනේ යැයි කිවහොත් ඔබ විශ්වාස කරනවද? ඇතැම් රසිකයන්  වෙන්දේසියක  විකුණුනු ශුද්ධ වූ වස්තුව ලෙසද මෙය හඳුන්වනවා. මේ සඳහා ලැබුණු ඇදහිය නොහැකි මිල නිසයි. සුප්රකට විසාඩ් ඔෆ් ඔස්  (Wizard of Oz) චිත්රපටි​යේ රඟපෑ ජුඩි ගාලන්ඩ් විසින් මෙම රතු පැහැති සපත්තු යුග්මය එම චිත්රපටය සඳහා භාවිතා කොට තිබුණා.

 

5. ඔඩ්රි හෙප්බර්න්ගේ(Audrey Hepburn) පෞද්ගලික පිටපත

ඔඩ්රි හෙප්බර්න්  කියන්නේ හොලිවුඩ් සිනමාව වර්ණවත් කළ නිළියක්. රංගන පෞරුෂය හරහා ඇය විචාරකයන් මෙන්ම ප්රේක්ෂකයන් එකසේ මන්මත්  කිරීමට සමත් වුණා. බ්රෙක්ෆස්ට් ඇට්  ටිෆනීස් (Breakfast at Tiffany’s) චිත්රපටිය සඳහා ඇය විසින් භාවිතා කරන ලද පෞද්ගලික තිරපිටපත ඇගේ මරණයෙන් අනතුරුව වෙන්දේසියට ලක් වුණේ  ඇමරිකානු ඩොලර් 811,615 මුදලකටයි. මීට අමතරව එම වෙන්දේසියට ඇතුළත් වුණු ඇගේ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ එකතුව සඳහාද ඉහළ මුදලක් හිමි වුණා.

 

 

6. මැර්ලින් මොන්රෝගේ (Marilyn Monroe) ගවුම

තම  මරණයට මාස කීපයක​ට පෙර ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ උපන්දින සාදයට සහභාගී වූ මැර්ලින් එහිදී “Happy birthday Mr. President (හැපි බර්ත් ඩේ මිස්ටර් ප්රසිඩන්ට්)” යනුවෙන් ගායනාවක්ද සිදු කළා. එම අවස්ථා​වේ මොන්රෝ විසින් ඇඳ සිටි ගවුම ඇමරිකානු ඩොලර් 1,267,500​ක ලංසුවකට මිලට ගැනුණා. මෙවැනි මුදලක් සඳහා ලැබීමට මෙම සාදයෙන් කෙටි කලකට පසු​ව මොන්රෝගේ සැකකටයුතු මරණය සිදුවීම සහ හා සම්බන්ධ බැඳුණු අනෙකුත් කතාද එක හේතුවක් වන්නට ඇති.

 

7. කේට් වින්ස්ලට්ගේ (Kate Winslet) ගවුම

ටයිටැනික් කතා මාලාව නරඹන ඕනෑම අයෙක්ට ජැක් සහ රෝස් මුණගැසෙන පළමු අවස්ථාව මතක ඇති. එම අවස්ථාවේදී රෝස්ගේ චරිතය රඟපෑ  කේට් වින්ස්ලට් විසින් ඇඳ සිටි ගවුම සඳහා 2012 පැවැති වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් 330,000 මුදලක් හිමි වුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *