ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ කට වරද්දාගැනීම් – 2 කොට​ස

 

මේ ලිපි පෙළ නම් කවදාවත් ලියලා ඉවර කරන්න පුළුවන් ලිපිපෙ​ළක් වෙයිද කියන එක අපිට නම් ප්රශ්නයක්. මොකද තරම් අපේ රටේ ප්රසිද්ධ චරිත කට වරද්දගෙන නාගෙන තියෙනවා .එහෙමනම්  වැඩි විස්තර කතා කරන්නැතුව අපි මේ කටවරද්දා ගැනීම් ගැන හොයල බලමු. අමතක කරන්න එපා අපිට තියෙන්නෙ එ​ක කටයි. කට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.

 

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්​ගේ කට වරද්දාගැනීම් 7ක්

 

1. රෝසි සේනානායක මහත්මිය

මේ සිදුවීම නම් කට වරද්දාගැනීමක් නෙමෙයි කියලා අපිට වගකීමකින් යුතුව ප්රකාශ කරන්න පුළුවන්. හැබැයි අපි එතුමියගේ මේ සිදුවීම මේ ලිපියට ඇතු​ළත් කරන්න හිතුවේ ඔබටත් යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතලා. මීට වසර දෙකකට විතර කලින් කොළඹ මහ නගර සභාවේ අයවැය ඉදිරිපත් කරද්දි කරද්දී ඇය විසින්එක් බිලියන” වශයෙන් කරපු සඳහන් කිරීම සමාජ මාධ් වල දැඩි ලෙස හාස්යයට ලක්වුණා ඔබට මතක ඇති. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට අද වන විට සංඛ්යා කියවී​මේ සම්මත ක්රමය වන්නේ එයයි. මෙය  පාසල් පෙළ පොත් වලටත් ඇතුළත් වෙලා තියෙනවා. නිසා ඔබත් ඇයව  හාස්යයට ලක් කළ කෙනෙක් නම් මේ පිළිබඳව හොයා බලන්න කියන එක අපි ඉල්ලා සිටිනවා.

 

2. හේමසිරි ප්රනාන්දු

පාස්කු  ප්රහාරය සිදු වූ අවධියේදී ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු ක​රපු හේමසිරි ප්රනාන්දු මුළු රටේම අප්රසාදයට පත් වෙන්න ඔහුට සිදුවුණු මේ කට වරද්දගැනී​ම හේතු වුණා. මාධ්යවේදියෙක් සිදු කරපු විමසීමකදී ඔහු සඳහන් කළේගහනවා කියලා දැනං හිටියා… හැබැයි මේ විදිහට ගහයි කියලා හිතුවේ නෑකියලායි. මේ ප්‍රකාශය දෙස් විදෙස් මාධ් වල දැඩි කතා බහට ලක් වුණු අතර වගකිවයුතු රාජ්  නිලධාරියෙකු ලෙස මෙවැනි ප්රකාශ කිරීමක් පිළිබඳව ඔහුට දැඩි ලෙස විවේචන එල්ල වුණා .

 

3. මිලින්ද රාජපක්ෂ

මෑත කාලයේ සිට ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට තමන්ව පත් කර ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටින මිලින්ද රාජපක්ෂ, පසුගිය දවසක විශාල ක​ට වරද්දාගැනීමක් සිදු කර ගත්තා. ඔහු එක්තරා ප්රසිද්ධ මාධ් වැඩසටහනකට සහභාගී වෙමින් සිංගප්පූරුවේ වැසියන්ට කිරි පවා නොමැති තත්ත්වයක් ඇතිවී තිබෙන බව​ට ප්රකාශ කිරීම නිසයි. මීට සිං​ගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකිකයින් හාස්යජනක ලෙස ප්රතිචාර ලබා දී තිබුණා. ඔවුන් විසින් ඇතැම් අවස්ථාවල තමන් ආහාරයට ගන්නා දේ පිළිබ​ඳව වීඩියෝ පවා සමාජ මාධ් ජාලා වලට එකතු කරලා තිබුණා. 

 

 

4. මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතා ප්රසිද්ධව සිටින්නේ තමන්ගේ සමාජ සම්බන්ධතා නිසි ලෙස පවත්වාගෙන යන පුද්ගලයෙකු විදිහටයි. නිසා ඔහු අතින් සිදු වී තිබෙන කට වැරදීම්  ප්රමාණය  අතිශයින් අල්පයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් හොයන්න බැරි තරම්. කෙසේ නමුත් පසුගිය යහපාලන රජය සමයේ දී ඔහු විසින්  බඩුමිල සම්බන්ධයෙන් සඳහන් කළදැන් සැපද?” ප්රකාශය මේ වනවිට ඔහුටම පාරාවළල්ලක් වී තිබෙනවා. බොහෝ තැන්වල ඔහුගේ මේ දැන් සැපද ප්රකාශය වර්තමාන රජයට එරෙහි සටන් පාඨයක් බවටද පත්ව තිබෙනවා.

 

 

5. දයාසිරි ජයසේකර

රාජකීය විද්යාලයේ පාසල් පාඨ​ය ලියැවී තිබෙන්නේ ලතින් භාෂාවෙන්. එවකට ආරම්භ වුණු බොහෝ පාසල්වල ආදර්ශ පාඨ ලතින් භාෂාවෙන් ලියවුණේ එංගලන්තයේ පාසල්වල සම්ප්රදාය අනුගමනය කරමින්. මෙම තත්ත්වය පසුව වෙනස් වූයේ පරම විඥානාර්ථ සමාගම හරහා බෞද්ධ පාසල් ආරම්භ වීමෙන් පසුවයි. එක්තරා උත්සවයකදී දයාසිරි ජයසේකර අමාත්යවරයා රාජකීය විද්යාලයේ පාසල් පාඨය කියවීමට  ගොස් දැඩි අපහසුතාවයකට මුහුණ දුන්නා. “ඩිස්කේ අම්මට” ලෙසින් ඇසුණු මෙම උච්චාරණය නිසා පසුව සමාජ මාධ් ජාලාවල ඔහුව හාස්යයට ලක් වුණා

 

 

6. රනිල් වික්රමසිංහ

 රනිල් වික්රමසිංහ කියන්නේ කට වරද්දාගැනීම් වලට කප් ගහපු පුද්ගලයෙක්. එක්තරා අවස්ථාවක ප්රසිද්ධ රැස්වීමකදී පස්යොදුන් කෝරළයට නම ලැබී තිබුණේ පරාක්රමබාහු රජු දවස වෙල් ගො​ඩකිරීම සඳහා පස් ලබාදුන් ප්රදේශය නිසා බව ඔහු ප්රකාශ කළා. මෙම ප්රකාශය ඉතිහාසය පිළිබඳව විද්වතුන්ගේ දැඩි කතා බහට සහ හාස්යයට ලක්වුණා.

 

7. ගෝඨාභය රාජපක්ෂ

අපි  මෙතුමාගේ  කටවරද්දා ගැනීම් ගැන වැඩිපුර ලියන්න යන්නෙ නෑ. ලියන්නේ එකම එක වාක්යයයි. ඒ තමයි..

අපි තමා හොඳටම කළේ

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *