අපේ ජාතක කථා පොතේ මී කුණක් විකුණලා අවසානයේදී සිටුවරයකු බවට පත්වුණු තරුණයෙකු පිළිබඳව කතාවක් සඳහන් වෙනවා. ලංකාවේ මෑත කාලයේදීත් ඒ වගේ දුප්පත් පරිසරයක ඉඳලා අවසානයේදී ධනවතුන් බවට පත් වෙච්ච පිරිස් පිළිබඳව වාර්තා පිට වාර්තා අහන්න ලැබෙනවා. උදාහරණයක් විදිහට යූටියුබ් පැත්ත ගියොත් එහෙම අන්තර්ජාලය හරහා ආදායම් උපයන්න සමත් වෙච්ච අයගේ කතන්දරත් වැහිවැහැලා තියෙනවා. ඇතැම් අය ඒ පිළිබඳව විවිධ ප්රතිචාර දක්වන බවත් අමතක කළ යුතු නැහැ. ඒ කෙසේ වෙතත් අපි හිතුවා දුප්පත්ව ඉපදිලා බිලියනපතියන් බවට පත් වෙච්ච විදේශිකයෝ කීපදෙනෙක් පිළිබඳව සටහනක් ඔබ සමග බෙදා ගන්න.
අද වෙන විට බටහිර මාධ්‍ය ලෝකයේ අති දැවැන්ත චරිතයක්ව සිටින ඔප්රා වින්ෆ්රී සැලකෙන්නේ මාධ්යවේදීන් අතර සිටින ධන කුවේරයන් ලැයිස්තුවේ ඉහළම සිටින තැනැත්තියක් ලෙසටයි. කෙසේ නමුත් තමන් පැමිණි දුප්පත් පරිසරය පිළිබඳව ඉතා අවංකව කතා කර තිබෙන ඔප්රා, පියා නොමැතිව තමන්ගේ මව විසින් තමන්ව රැකබලා ගත් ආකාරයත් තම නිවසේ නල ජලය, විදුලිය නොමැති වීම නිසා විඳීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳවත් පවසා තිබෙනවා.
ස්ටාර්බක්ස් (Starbucks) සන්නාමය පිළිබඳව නොදන්නා කෙනෙකු මුළු ලෝකේම නැති වෙන්න පුළුවන්. අද වන විට රටවල් රැසක මෙම සන්නාමය රැගත් අවන්හල් පිහිටා තිබෙනවා. නමුත් මෙහි ආරම්භකයා පැමිණි ගමන් මඟ කෝපි කෝප්පයක් තරම් රසවත් නැහැ .ඔහු සඳහන් කර තිබෙන ආකාරයට ඔහුගේ කුඩා කාලය දුප්පත්කමින් මිරිකුණු සමයක්. හත් හැවිරිදි වියේදී ඒ නිසාම තමන්ට දැඩි අමිහිරි සිදුවීමකට මුහුණ දීමට සිදු වූ බව ඔහු සඳහන් කරනවා. ඒ වේදනාව තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම දැනෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම සිදුවීම කුමක්දැයි විස්තර වශයෙන් ඔහු සඳහන් කර නැහැ. ඔහුගේ පියා ණයබරින් මිරිකී රැකියාවක් සොයා ගැනීමේ අරගලයක නිරත වී තිබෙන අතර ඔහුගේ පවුලම ජීවත්ව තිබෙන්නේ රජය මගින් දුප්පතුන් වෙනුවෙන් වෙන්කර තිබූ නිවාසයකයි.
එක් කුඩා දරුවෙකු අනර්ඝ ඇඳුම් පැළඳුම් වලට අතිශයින් ප්රිය කරන්නට වුණා. එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ දෙමවුපියන්ට එම දරුවා ප්රිය කළ ඇඳුම් මිලදී ගැනීමට වත්කමක් තිබුණේ නැහැ. තම කුඩා කාලයේදී තමන් ප්රිය කළ දේ ලබා ගැනීමට නොහැකි වීමේ සිත් වේදනාවෙන් පෙළුණු මෙම කුඩා දරුවා තරුණවියට එළැඹීමෙන් පසුව තමන්ගේම ඇඳුම් සන්නාමයක් ලෝකයට හඳුන්වාදීමට කටයුතු කළා. අද වන විට එම සන්නාමය සැලකෙන්නේ ලෝකයේ ඇති මිල අධිකම ඇඳුම් සන්නාමයක් ලෙසයි. සන්නාමයේ මෙන්ම එදා ඇඳුම් මිලදී ගැනීමට මුදල් නොමැතිව පසුතැවුණු දරුවාගේ නම වන්නේ රැල්ෆ් ලොරේන්.
Oracle නිර්මාතෘ ලැරී එලිසන් පවසා තිබෙන ආකාරයට ඔහුගේ ජීවිතයේ ආරම්භක අවධිය අතිශයින් දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඔහුව හදා වඩා ගෙන තිබෙන්නේ ඥාතීන් විසින් වන අතර එම නිවස අතිශයින් කුඩා එකක් වී තිබෙනවා. එම ඥාතීන් ද කලක් ධනවතුන්ව සිට පසුව ආර්ථික අවපාතයත් සමග දුප්පතුන් බවට පත්ව තිබෙනවා. මේ නිසා ඔවුන් නිවෙස ලෙස තෝරාගෙන තිබෙන ප්රදේශයද එතරම් දරුවෙකුට හිතකර ප්රදේශයක්ව තිබී නැහැ.
ඩොලර් බිලියන තුන ඉක්මවූ වත්කමකට උරුමකම් කියන මෙම බිලියනපතියා තම ළමා කාලය පිළිබඳව කතා කරන්නේ ආශ්වාදයකින් යුක්තවයි. ඒ සඳහා හේතු වන්නේ ඔහුගේ ළමා කාලය මුදල් අහේනියකින් තොරවීම නිසා නම් නෙමෙයි. ඒ අවන්හලක සේවය කළ ඔහුගේ මවගෙන් ලැබුණු අසීමිත ආදරය නිසයි. ඔහු සඳහන් කර තිබෙන ආකාරයට අතිශයින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්යයේ වුවත් මවගෙන් ලැබුණු ආදරය සහ ධෛර්යය නිසා තමන් දිරිමත් වූ බවයි. මේ නිසාම පසුකලෙක තමන්ගේ පසුබටවීම් වලදී පවා තමන් ඉන් ජය ගෙන ඉදිරියට ගිය බවයි ඔහු පවසන්නේ.
ෂෙල්ඩන්ගේ දෙමව්පියන් දෙදෙනාම මිය ගියේ දින 11ක කාල පරතරයක් තුළදීයි. ඒ වන විට ඔවුන්ගේ බැංකු ගිණුම්වල අමෙරිකානු ඩොලර් 100 කට අඩු මුදලක් පමණයි පැවතුණේ. ඔහුගේ දෙමව්පියන් ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණ තිබුණේ නැගෙනහිර යුරෝපා රටවල පැවති යුදෙව් සංහාරයෙන් බේරීම සඳහායි. “මාත් මගේ දෙමව්පියනුත්, සහෝදර සහෝදරියන් තිදෙනාත් නිදාගත්තේ එකම කාමරයක් තුළයි. අද වන විට මම ලාස්වේගාස්හි ධනවතුන් අතරට එක්ව සිටිනවා.” මෙසේ පවසන්නේ ලාස්වේගාස්හි විශාලතම කැසිනෝ ව්යාපාරයේ හිමිකරුවා වන ෂෙල්ඩන් ඇඩල්සන්.
ශීතකළ ආහාර බෙදාහරින පුද්ගලයෙකු වූ ඇලන්ගේ පියාට තම පවුලේ කටයුතු සඳහා ලැබෙන වැටුප කිසිසේත්ම ප්රමාණවත් වූයේ නැහැ. මේ නිසාම කුඩා කාලයේ පටන්ම ඇලන් හට හැකි පළමු අවස්ථාවේම රැකියාවක් කිරීමේ සිතුවිල්ල පහළව තිබුණා. තමන්ට වයස සපිරුණු වහාම නාවික හමුදාවට බැඳෙන ඇලන්, දෙවන ලෝක යුද්ධය සඳහාද සහභාගී වෙනවා. එම යුද්ධය අවසානයෙන් අනතුරුව ව්යාපාර සඳහා යොමු වෙන ඔහු කේබල් සමාගමක් සඳහා සුළු ආයෝජනයක් කරනවා. පසුව එම සමාගම වැඩිදියුණු කිරීමටද ඔහු කටයුතු කරනවා. තමන් අත්විඳි දුෂ්කර කාලය අමතක නොකරන ඔහු ව්යාපාරය විකුණා දැමීමෙන් ලද අති විශාල ලාභය අද වන විට සමාජ සේවා කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු කරනු ලැබ තිබෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…
දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…
මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…
දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…
"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…
ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…