විනෝදාත්මක

බොලිවුඩයෙන් ඇසෙන රස කතා – 2 කොට​ස

ඔබට මතක ඇති මීට මාස කිහිපයකට කලින් අපි බොලිවුඩ් සිනමාවේ අණසක පතුරාගෙන ඉන්න සුපිරි තරු පිළිබඳව  තොරතුරු සහ රස කතා ඇතුළත් ලිපියක් ඔබ වෙත ගෙන ආවා. අපි හිතුවා ලිපියේ දෙවැනි කොටසත් මේ විදිහට ඔබත් එක්ක බෙදා ගන්න. එහෙමනම් වැඩි කතාබහක් නැතුව අපි රසවත් තොරතුරු දැන කියා ගමු.

 

 

1. සයිෆ් අලී ඛාන්ගේ විවාහ මංගල්යයට පැමිණි කුඩා කරීනා

 සායිෆ් අලී ඛාන් සමග කරීනා කපූර් විවාහ වුණේ කිසිවෙකුත් නොසිතූ වෙලාවක. බොහෝ දෙනෙක් ඔවුන් පෙම්වතුන් ලෙස කාලය ගත කළත් විවාහ වනු ඇතැයි අපේක්ෂා කළේ නැහැ. සඳහා ඔවුන් දෙදෙනා අතර තිබුණු විශාල වයස පරතරයත් එක් හේතුවක් වුණා. කෙසේ නමුත් අද වන විට ඔවුන් බොලිවුඩය තුළ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. සයිෆ් අලී ඛාන්, අම්රිතා සමග විවාහ වූ පළමු අවස්ථාවේදී එම උත්සවයට කරීනා කපූර් සහභාගී වී සිටි බව සඳහන් වනවා. වනවිට දස හැවිරිදි වියේ සිටි කරීනා හට සයිෆ් අලී ඛාන්දුවේ” යැයි ආමන්ත්රණය කළ බව කියවෙනවා.

 

 

2. කබීර් බේඩිගේ විවාහය

 කබීර් බේඩි කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය සහ ඉන්දියාව යන රටවල් තුනෙහිම ජනප්රියත්වයක් දිනා ගන්න සමත් වෙච්ච නළුවෙක්. ඔහු තම රංගන ජීවිතයේ ආරම්භය සිදු කරන්නේ බොලිවුඩය හරහා. අවස්ථා ගණනාවකදීම විවාහ කීපයක් සිදු කරගත් ඔහුගේ වර්තමාන බිරිඳ වන්නේ ප්රවීණායි. ඇය ඔහුගේ කලින් විවාහයක  දියණියක වන පූජා බේඩිට වඩා අවුරුදු හතරකින් පමණ වයසින් බාල තැනැත්තියක්.

 

 

3. ටොම් කෘස් ද? ශාරුක් ඛාන්ද? 

“දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ” චිත්රපටය ශාරුක් ඛාන්ගේ සිනමා ජීවිතයේ එක් සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. නමුත් මෙම චිත්රපටියේ නිර්මාණකරුවා වන ආදිත් චොප්රා එම චරිතය රඟපෑම සඳහා මුලින් තෝරා ගැනීමට සිතා තිබෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස්වයිඔහුගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ ඇමෙරිකා ඉන්දියා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙම චිත්රපටිය නිර්මාණය කිරීමයි. කෙසේ නමුත් එය සාර්ථක වී නැහැ.

 

 

4. බ්රිතාන් බොලිවුඩ් සුසංයෝගය

 

අමීර්  ඛාන්ගේලගාන්” චිත්රපටය එතෙක් මෙතෙක් බොලිවුඩ් චිත්රපටයක් සඳහා සහභාගී වූ වැඩිම බ්රිතාන් නළු නිළියන් පිරිස භාවිතා කළ චිත්රපටය ලෙස සැලකෙනවා. බ්රිතාන් ඉන්දියාව පදනම් කරගෙන තිරගතවන මෙම කතාමාලාව සඳහා උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීමට මෙම තීරණය ගෙන තිබූ බවයි සඳහන් වන්නේ.

 

5. අග ඉඳන් මුලට ගිය Rockstar

Rockstar චිත්රපටිය රූගත කිරීම් සිදු කරද්දී චිත්රපටි අග කොටසේ පටන් මුල දක්වා දර්ශන රූගත කිරීමට නිර්මාණකරුවන් තීරණය කර තිබෙනවා. සාමාන් චිත්රපටයක රූගත කිරීමේ පිළිවෙතින් බැහැරව මෙවැනි තීරණයක් ගැනීමට ඔවුන්ට සිදුව තිබෙන්නේ එසේ නොකළහොත් චිත්රපටයේ ප්රධාන නළු රන්බීර් කපූර්ගේ කොණ්ඩ විලාසිතාව චිත්‍රපටයට ගැළපෙන ආකාරයට සකස් නොවනු ඇතැයි යන බිය නිසයි.

 

6. අනිල් කපූර්ගේ පළමු නිවස

 බොලිවුඩයේ රංගන ජීවිතය ආරම්භ කිරීමේ අරමුණින් එහි පැමිණි අනිල් කපූර්ට මුල්කාලයේදී එම ජීවිතය කිසිසේත්ම සතුටුදායක වූයේ නැහැ. එහිදී ඔහුගේ පිහිටට සිටියේ ඔහුගේ තවත් ඥාතියෙකු වන රාජ් කපූර්ගේ පවුලයි. කෙසේ නමුත් ඔවුන්ට ගෙයක් සඳහා විශාල මුදලක් වැය කිරීමට හැකියාවක් නොතිබූ නිසා රාජ් කපූර්, අනිල් ඇතුළු මුළු පවුලම තමන්ගේ නිවසේ ගරාජයේ නතර කර ගෙන තිබෙනවා. එම ජීවිතය දුෂ්කර නමුත් අවස්ථාවේදී  රාජ් කපූර් ලබා දුන් සහයෝගය පිළිබඳව අදටත් අනිල් කපූර් කතා කරන්නේ කෘතඥතාවයෙන් යුක්තවයි.

 

 

7. දිලිප් කුමාර ප්රතික්ෂේප කළ චිත්රපටය

එතෙක් මෙතෙක් බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවන් අතර ප්රමුඛයකු ලෙස සැලකෙන දිලිප් කුමාර්, තමන් වෙත පැමිණි අන්තර්ජාතික මට්ටමේ චරිතයක් ප්රතික්ෂේප කරනු ලැබුවා. එම චරිතය ප්රතික්ෂේප කිරීම සම්බන්ධ කාරණාව කිසිවෙක්  හටත් ඔහු හෙළිකර තිබුණේ නැහැ. එම චිත්රපටය වන්නේලෝරන්ස් ඔෆ් ඇරේබියා” චිත්රපටියයි. සඳහා ඊජිප්තු නළු ඕමාර් ෂෙරීෆ් යොදාගැනීමට නිර්මාණකරුවන් පසුව තීරණය කර තිබුණා.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා.

 

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago