එක දිගට වැඩි වෙලාවක් පාඩම් කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ විභාගෙට අන්තිම මොහොත වගේ තියෙද්දී පාඩම් කරන්න. හැබැයි ඒ පාඩම් කිරිල්ල නම් හිතන තරම් ලේසි නෑ. ඒ වගේම සාර්ථක නැහැ. ඒ නිසා නියමිත කාලයට තමන්ගේ පාඩම් කටයුතු වල කම්මැලි නොවී නිරත වෙන එක වැදගත්. එහෙමනම් අද අපි කතා කරමු එකදිගට වැඩි වෙලාවක් පාඩම් කරන්නේ කොහොමද කියල.

 

1. පාඩම් කරන දේ කොටස් වලට කඩාගමු 

ගොඩක් වෙලාවට අපිට පාඩම් කරන්න තියෙන පාඩම් ටික දැක්කම එක පාරම එපා වෙනවා පාඩම් කරන්න. ඉතින් මේකට විසඳුමක් විදියට ඔයාට පුළුවන් පාඩම චැප්ටර් ඒ කියන්නෙ කොටස් කිහිපයකට කඩාගෙන, ඒ චැප්ටර් එකක් ගැන ටික ටික පාඩම් කරන්න. අනිවාර්යයෙන් ඔයාට කම්මැලි නැතිව හොඳ​ට මුලු පාඩමම හොඳින් පාඩම් කරන්න පුළුවන් වේවි.

 

 

2. විවිධත්වයකින් යුක්තව පාඩම් කරමු

විවිධත්වයක් කියලා අපි අදහස් කරන්නේ මේකයි… සාමාන්‍යයෙන් විද්‍යා​ව, ගණිතය වගේ ගොඩක් දෙනෙක්​ට සාමාන්‍යයෙන් අමාරු විෂ​යයන් දෙකක් එක දිගට පාඩම් නොකර අමාරු විෂයයක් එක්​ක සෞන්දර්ය විෂ​යයක් වගේ වැඩිය අපහසු නැති ඔයා ආස විෂ​යයක් පාඩම් කරන්න ගන්න. නැත්නම් එක දිගට අමාරු විෂ​යයන් පාඩම් කරද්දී වෙන්නේ ඔයාට පාඩම් කරන මුකුත් හරියාකාරව ඔළුවට යන්නෙ නැති වෙන එක.

 

 

3. පාඩම් කරන තැන 

අපි මීට කලිනුත් කියලා තියෙනවා පාඩම් කරන තැන සකස් කරගන්න හැටි ගැන. ඔයාට ඒක පහතින් කියවන්න,පුළුවන්.

 

පාඩම් කරන දේ මතකයේ රැඳෙන විදිහට පාඩම් කරන තැන හදාගනිමු

 

ඉතින් ගොඩක් වෙලාවට පාඩම් කරන තැනත් බලපානවා අපි පාඩම් කරන දේ කොච්චර අපේ ඔළුවට යනවද කියන එකට. අපේ පාඩම් කරන තැන අපිළිවෙලයි නම්, නැත්නම් බොරු විච්චූර්ණ වැඩියි නම් අපිට පාඩම් කරන දේ මතකේ රැඳෙන්නෙ නැති වෙන්න ඉඩ තියන​ව. ඒ හින්දා පුළුවන් තරම් බඩු අඩුවෙන් හා පිළිවෙලට පාඩම් කරන තැන තියාගන්න.

 

4. නිල්, කළු, රතු පෑන් වලින් නොලියමු 

නිල්, රතු, කළු පෑන් වලින්නේ අපි සාමාන්‍යයෙන් පොත් ව​ල ලියන්නේ. අපි මේ කියන්න යන්නේ පාඩම් කරද්දී ඔයාගෙ කෙටි සටහන් පුළුවන් තරම් ඒ වර්ණ පෑන් වලින් නොලියා කො​ළ, දම් වගේ වැඩිය භාවිත නොවන වර්ණව​ල පෑන් වලින් ලියන්න කියලයි. නැත්නම් ඔයාගෙ ඔළුවට මේවා හරි හුරු ගතියට දැනේවි. කො​ළ වගේ පාට හරි සෞම්‍යයි. ඒ නිසා වැඩිපු​ර මතක හිටියි පාඩම් කරන දේවලුත්.

 

5. ශබ්දයෙන් පාඩම් කරමු 

එක දිගට පැය ගා​ණක් පොත කියවන් යද්දී ඇත්තටම ගොඩක් කම්මැලි හිතෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඒ ගති​ය අයින් ​කරගන්​න පුළුවන් නම් ශබ්ද නගලා පාඩම කියවන්න. නැත්නම් සිංදුවක්, කවියක් වගේ පාඩම් කරන්න. අනිවාර්යයෙන් ඔයාගෙ කම්මැලිකම මග ඇරිල යයි. ඒ වගේම හොඳින් මතකයේත් රැඳෙයි අනිවාර්යයෙන්ම.

 

6. සංගීතය 

එ​ක දි​ගට පාඩම් කරද්දී අපි ගන්නවානේ බ්‍රේක් එකක්. ඔයාට පුළුවන් ඒ බ්‍රේක් එකේදි හො​ඳ Instrumental සිංදුවක් වගේ එකක් රස විඳින්​න. ටිකක් ස්ලෝ සිංදුවක් නම් ගොඩක් හොඳයි. නැත්නම් යූටියුබ් එකේ ඇති ස්ටඩී මියුසික් ව​ගේ ඒවා අහන්න පුළුවන්. නැත්නම් ඔය වැස්ස වැටෙන හ​ඬ, දියඇළි ව​ල ශබ්ද වගේ රිලැක්සින් මියුසික් එකක් අහන්න පුළුවන්. මේවත් එක්ක හිත එකලස් කරගෙ​න ලස්සනට පාඩම් වැඩ ටික කරගන්න පුළුවන්.

 

7. ඉලක්කය මතක් කරමු 

අපි කලින් කිව්වානේ පාඩම් කරන තැන ගැන. ඔයාට පුළුවන් එත​න කවදා ​හරි ඔයා යන්න බලාපොරොත්තු වෙ​න ඉලක්කය ගැන සටහනක් පේන තැනක සටහන් කරලා තියාගන්න. එතකොට පාඩම් කරද්දී ඔයාට අමුතු​ම මෝටිවේෂන් එකක් එනවා පාඩම් කරන දේ ගැන. ඒ වගේ​ම ගොඩක් වෙලා එකදිගට පාඩම මතක තියාගන්නත් පුළුවන් .

 

එහෙනම් ඔයා දැන් දන්නවා එකදිගට වැඩි වෙලාවක් පාඩම් කරන්නේ කොහොමද කියලා. එහෙනම් මේ විස්තර යාළුවෝ එක්ක බෙදාගන්නත්, ඔයත් මේ ටිප්ස් අනුව පාඩම් කරන්නත් අමතක කරන්න එපා.

 

ශශින් ප්‍ර​බෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *