යුරෝපයේ ලෝක පුදු​ම 7 ගැන දන්නවද?

 

අපි අද ඔබට කියන්න යන්නේ ස්වභාවික ලෝකයේ හමුවන ලෝක පුදුම හතක් පිළිබඳවයි. ඒ සඳහා අපි තෝරා ගනු ලැබුවේ යුරෝපා මහද්වීපයයි. යම් දවසක යුරෝපයේ සංචාරයක නිරත වීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ ස්ථානවලට ගිහිල්ලා මේ ස්වාභාවික දර්ශන වල ආශ්වාදය විඳගන්න අමතක කරන්න එපා.

 

1. යුක්රේනයේ රෝස පැහැති විල (The Pink Lake of Ukraine)

 ඔබ එක එක පාට විල් දැකලා ඇති, සුදුපාටට හිම  මිදුණු සුදු විල්නිල්පාටට වතුර කැටයට තියෙන නිල් විල්ලංකාවේ වගේ  නම් කුණු බැහැර කිරීම නිසා කළු පැහැයට හැරුණු කළු  විල්. හැබැයි විල් එක එක පාට වුණාට රෝස පාට වෙන්න පුළුවන් කියලා ඔබට හිතෙනවද? මේ විල පිහිටලා තියෙන්නේ යුක්රේනය තුළ. භූ විද්යාඥයන් විශ්වාස කරන ආකාරයට එම විලේ තිබෙන ඛනිජ සංයෝගය නිසයි එයට මේ පාට ලැබිලා තියෙන්නේ.

 

 

2. ද මැටර්හෝන් (The Matterhorn)

මේ කන්ද සැලකෙන්නේ ලෝකයේ පිහිටා තිබෙන අතිශයින් සුන්දරතම කන්දක් විදිහටසුප්රකට ටොබ්ලරෝන් වර්ගයේ චොක්ලට්වල ලාංඡනය විදිහටත් භාවිතා වෙන්නේ මෙම කන්දයි. ස්විස්ටර්ලන්ත සහ ඉතාලි මායිමේ පිහිටා තිබෙන මෙම කන්ද තරණය කිරීම සඳහා දෙරටටම විශාල සංචාරකයන් පිරිසක් ඇදී එනවා. ඇල්පයින් කඳු පන්තියට අයත් මෙම කන්ද ස්වභාවික පිරමීඩයක් ලෙසද ඇතැම් අයවළුන් විසින් හඳුන්වනු ලබනවා

 

 

3. පෝර්ටෝ මොනීස් ලාවා තටාක (The Lava Pools of Porto Moniz)

 පෘතුගාලයට අයත් දූපතක් වන මදීරා දූපත ලෝකය පුරා ප්රකටව පවතින්නේ එහි පවතින ස්වභාවික සෞන්දර්යය නිසයි. වැසි වනාන්තර සහ සුන්දර වෙරළ තීරය අතරින් ප්රධාන සංචාරක ආකර්ෂණයක් වනවා, වගේම  පෝර්ටෝ මොනීස් ආශ්රිතව පිහිටා තිබෙන ලාවා තටාක බොහෝ දෙනෙක්ගේ නෙත් සිත් ඇද ගන්නවා.

 

 

4. ප්ලිට්වයිස් විල් (Plitvice Lakes)

 බෝල්ටික් රටක් වන ක්රොඒෂියාවේ පිහිටා තිබෙන මෙම විල් සමූහය එරටට පැමිණෙන සංචාරකයන් කිසිසේත්ම අත්නොහරින සංචාරක ගමනාන්තයක් වනවා. මෙම විලෙහි පවතින ජලය අතිශයින්ම පිරිසිදු වීමත්, නිසාම විලෙහි පතුල නැරඹීමට ඇති හැකියාව  නිසාත් බොහෝ දෙනෙක් විවිධ කෝණවලින් මෙම විලෙහි ඡායාරූප ගැනීමට පෙළඹෙනවා.

 

 

5. ගල්ෆොස් දියඇල්ල (Gullfoss Waterfall)

අයිස්ලන්තයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ල ඕනෑම රටක දැකගත හැකි සාමාන් දියඇල්ලක් නමුත් මෙම දිය ඇල්ල සීත සෘතුවේදී රූප විපර්යාසයකට ලක් වනවා. එහි හිම මිදී යන දියඇල්ල මවන්නේ වෙන කිසිදු රටක දැකගත නොහැකි තරම් සුන්දරතම දර්ශනයක්. මෙම දිය ඇල්ල ආශ්රිතව විදුලිය ජනනය කිරීමෙහි ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට උත්සාහ කළත් සීත සෘතුවේදී සිදුවන මෙම වෙනස්කම නිසා එම ව්යාපෘතිය අතහැර දැමීමට සිදුවුණා. මුල් කාලයේ දී මෙම දිය ඇල්ලේ අයිතිය පෞද්ගලික බූදලයක් වූ අතර මේ වන විට එය අයිස්ලන්ත රජය මගින් සංරක්ෂණය කිරීමට බැඳී තිබෙනවා.

 

6. යෝධයාගේ අඩිපාර (Giant’s Causeway)

අයර්ලන්ත ජනප්රවාද වල සඳහන් වන ආකාරයට පඩි පෙළවල් සමූහයක් මෙන් මුහුද ආශ්රිතව නිර්මාණය වී තිබෙන මෙම කුඩා කුළුණු නිර්මාණය කොට ඇත්තේ යෝධයකු විසින්. මුහුද තරණය කිරීම සඳහායි. මේ පිළිබඳව පර්යේෂණ කළ විද්යාඥයන්ගේ මතය වන්නේ පුරාතනයේ දී සිදු වූ ගිනි කඳු විදාරණයක ප්රතිඵලයක් ලෙස මෙම විස්මයජනක ස්වභාවික නිර්මාණය සකස් වී ඇති බවයි. මෙම ප්රදේශය උතුරු අයර්ලන්තයට වැඩිම සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කරන ප්රදේශය බවට පත්ව තිබෙනවා. 

 

 

7. උතුරුදිග එළි (The Northern Lights)

ධ්රැවාසන්න උතුරුදිග ස්කැන්ඩිනේවියානු රටවලට සහ රුසියාවට දර්ශනය වන මේ  අතිශයින් චමත්කාරජනක ආලෝක ධාරාව ලෝකයේ යුරෝපා මහද්වීපයෙන් බැහැරව දකින්නට ලැබෙන එකම තැන වන්නේ කැනඩාව පමණයි. පොළොවේ චුම්බක ක්ෂේත්රය සහ සුර්ය සුළං අතර සිදුවන සංසිද්ධියක ප්රතිඵලයක් ලෙස මෙම ආලෝක ධාරා ඇති වීම සිදුවනවා. ඇතැම් ඡායාරූප ශිල්පීන්ගේ ජීවිත ඉලක්කයක් වන්නේ මෙම ආලෝක ධාරාව සිය කැමරාවට හසු කර ගැනීමයි.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මෙම ස්ථාන ඔබ විසින් නරඹා තිබෙනවා නම් ඒ ගැනත් සටහනක් එකතු කරන්න කියලත් අපි ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *