හොලිවුඩයෙන් ඇසෙන රස කතා – 3 කොට​ස

හොලිවුඩයෙන් ඇසෙන රස කතා

හොලිවුඩයෙන් ඇසෙන රස කතා – 2 කොටස

මේ ලිපි මාලාව ආයෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැති හින්දා වැඩි විස්තර නැතුව අපි රස කතා ගැන කියවන්න පටන් ගනිමු.

 

 

1. මේගන් ෆොක්ස්ගේ විශ්වාස

Transformers චිත්රපටි මාලාව හරහා ලෝකය පුරාම ජනාදරයට පත් වුණු  මේගන් ෆොස්ක් මාධ්‍ය සාකච්ඡාවකදී ප්රකාශ කර තිබෙන්නේ සාමාන් සාම්ප්රදායික ජන කතා වල යම් සත්යයක් ඇති බවට තමන් විශ්වාස කරන බවයි. ඇය එහිදී උදාහරණයක් ලෙසට ගෙන ඇත්තේ අයර්ලන්ත ජනප්රවාද වල සඳහන් වන මායා බලයක් සහිත කුරු මිනිසුන් වැනි භූතාත්ම පිළිබඳව තමන් විශ්වාස කරන බවයි. ඒවා අන් අය විශ්වාස කරයිද නොකරයිද යන්න තමන්ට අදාළ නොවන බව ඇය පවසා තිබෙනවා

 

 

2. ඩයිනෝසර් හිස් කබලකට සටන් වැදුණු හොලිවුඩ් සුපිරි තරු

 ලියනාඩෝ ඩිකැප්රියෝ සහ නිකොලස් කේජ් පිළිබඳව අමුතුවෙන් අටුවා ටීකා කියන්න අවශ් වන්නේ නැහැහොලිවුඩයේ සිටින විශිෂ්ට ගණයේ නළුවන් දෙදෙනකු වන ඔවුන් තම සුබසාධන කටයුතු නිසාද බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට ලක් වෙනවා. එසේම විවිධ පුරා වස්තු එකතු කිරීමටද ඔවුන් දෙදෙනාම ප්රිය කරනවා. එක්තරා වෙන්දේසියකදී ඩයිනෝසර් හිස් කබලකට දෙදෙනාම තරගයට ලංසු තබා ඇති අතර අවසානයේදී  කේජ් ජයග්රහණය කොට තිබෙනවා

 

 

 3. කිරිල්ලියකට වගේ දරුවාට කවන නිළිය

 ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය සරාගී නිළියක වන ඇලීෂියා සිල්වර්ස්ටෝන් පළ කළ එක්තරා වීඩියෝවක් බොහෝ දෙනෙකුගේ කුතුහලයට හේතු වුණා. එම වීඩියෝවට  බිළිඳු දරුවාට කෑම කවන ඇලීෂියාගේ දර්ශන කීපයක් ඇතුළත් වුණා. එහි ඇති විශේෂත්වය වුණේ ඇය හැන්දකින් නොව කිරිල්ලියක මෙන් තමන්ගේ මුවට කෑම ගෙන ඉන් අනතුරුව දරුවාගේ මුවට ලංකොට කෑම කැවීමයි. මේ පිළිබඳව විවිධ අදහස් පළ වූ අතර ඇතැම් පාර්ශව පවසා සිටියේ මඟින් දරුවා සහ මව අතර බැඳීම් වැඩි වන බවයි

 

 

4. ළමයින්ට දුන්න අමුතු තෑග්ග

මේ වන විට දිකසාදව සිටියත් මාරියා කෙරේ සහ නික් කැනන් සැලකෙන්නේ හොලිවුඩ් පුරයේ සිය දරුවන්ට දැඩි ලෙස ආදරය කරන දෙමව්පිය යුවළක් ලෙසයි. ඔවුන් දෙදෙනාට නිවුන් දරුවන් දෙදෙනෙකුට ලැබුණු අතර ඔවුන් වෙනුවෙන් කිසිදු දෙමව්පියෙක් ලබා නොදෙන ආකාරය තෑග්ගක් ඔවුන්ට ලබාදී තිබුණා. සම්පූර්ණ කාමරයක් දරුවන් කැමැති  සියලුම පැණි රස වර්ග වලින් පුරවා දැමීම මගින්. වාර්තාවලට අනුව  දරුවන් කැමති පැණි රස කෑම සකස් කරන යන්ත් පවා එහි ඇතුළත්ව තිබෙනවා

 

 

5. හොල්මන් වලට බය ලේඩි ගාගා

හොල්මන් යනු ඇතැම් අය විශ්වාස කරන විදිහට මිනිස් හිතේ ඇතිවන මනෝ  භ්රාන්තිමය තත්ත්වයක් වන අතර බහුතරයක් දෙනා හොල්මන් ඇත්තටම සිටින බව විශ්වාස කරනවා. හොලිවුඩ් පුරයෙත් මෙම තත්ත්වයේ වෙනසක් නැහැ. ලේඩි ගාගා විශ්වාස කරන ආකාරයට හොල්මන්වලින් ඇයට දැඩි කරදර එල්ල වෙනවා. ඇය කියන ආකාරයට රයන් නම් භූතාත්මයකින්  ඇයට බොහෝ ගැටළු ඇතිවී තිබෙනවා. මේ නිසා ඇය විසින් ඇමෙරිකානු ඩොලර් පනස් දාහක මුදලක් වැයකරමින් හොල්මන් හඳුනා ගැනීමේ යන්ත්රයක් මිලදී ගෙන තිබෙනවා. යන්ත්රයෙන් ප්රතිඵල ලැබුණද කියන එක නම් අපි දන්නේ නැහැ.

 

 

6. චිත්රපටි ශාලාවක් කුලියට ගත් රැප් ගායකයා

 සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා පාන් කන්න නං බේකරියක් ගන්න අවශ් නැහැයි කියලා. හැබැයි මේ රැප් ගායකයාගේ කතාව වෙනස්. ඔහු කියන ආකාරයට එක්තරා චිත්රපටයක් නැරඹීම සඳහා ඔහු විසින් සම්පූර්ණ චිත්රපට ශාලාවක් කුලියට ගෙන තිබෙනවා. ඊට හේතුවී තිබෙන්නේ ඔහුගේ පවුලේ දරුවන්ට නිදහසේ ශාලාවේ එහා මෙහා යමින් කෑගහන අතරතුර චිත්රපටය නැරඹීමට අවශ් නිදහස ලබාදීමට. මේ රැප් ගායකයා තමයි ලුඩාක්රිස් (Ludacris). 

 

 

7. ලේ පෙන්ඩන්ට්

 තමා පෙම්වතාගේ හෝ පෙම්වතියගේ රූපය ඇතුළත් කළ ලොකට් සහිත මාල පැළඳීම සාමාන් තත්ත්වයක්. නමුත් තම සහකරුගේ/ සහකාරියගේ ලේ අඩංගු  ලොකට් පැළඳීම නම් ටිකක් අමුතුම තත්ත්වයක් කියන එක විස්තර කරන්න අවශ් නැහැ කියලා අපි හිතනවා. නමුත් මේ අමුතු ආකාරයක ලොකට් භාවිතා කරලා තියෙන්නේ හොලිවුඩ් පුරයේ සුප්රකට නළු නිළි යුවළක් වූ ඇන්ජලිනා ජොලී සහ බිලී බොබ් ත්‍රොන්ටන්. කෙසේ නමුත් ලෙයින් බැඳුනත් ඔවුන් දෙදෙනා ඉන් පසුව දික්කසාද වුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මෙම ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *