ලිංගිකත්වය උත්කර්ෂයට නැඟුණු හොලිවුඩ් චිත්‍රපටි

 අපි පොඩි කාලේ හොලිවුඩ් චිත්රපටියක් කිව්වාම ඔළුවට ගියේ කුඩා හෝ ලිංගික ජවනිකා ඇතුළත් චිත්රපටියක්ඇතැම් අය මේ අදහසට හිනාවෙන්න පුළුවන් වුණාට ඇත්ත වශයෙන්ම කාලයක් හොලිවුඩ් චිත්රපටවල හිතාමතාම ලිංගික දර්ශන ඇතුළත් කිරීමට ඔවුන් වග බලා ගත්තා. හරහා ඔවුන් බලාපොරොත්තු වූයේ මිනිස් සිතේ ගූඪ ආශාවක් වන ලිංගිකත්වය අවදි කිරීම හරහා වැඩි ප්රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමයි. අද වන විට මෙම තත්ත්වය තරමක් දුරට වෙනස් වී තිබෙනවා. නමුත් සම්පූර්ණයෙන් නම් නෙමෙයි. ඊට හේතුව හොලිවුඩ් චිත්රපටි කර්මාන්තය දියුණු වෙලා තිබුණට මිනිස් සිතේ ආශාවන් නම් වෙනස් වෙලා නැති නිසා. නිසා අපි අද හිතුවා ලිංගික ජවනිකා සහ සරාගී බව නිසා ප්රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වුණු චිත්රපට කීපයක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. Out of Sight

1998 වර්ෂයේදී තිරගත වූ මෙම චිත්රපටය සැළකෙන්නේ ජෙනිෆර් ලෝපේස්ගේ හොඳම රංගනයක් ඇතුළත් වුණු චිත්රපටයක් විදිහටයි. බැංකු කොල්ලකරුවකු හා ඔහුව හඹා යන  නිලධාරිනියක අතර ඇතිවන බැඳීම මෙම චිත්රපටය සඳහා පාදක වනවා. බැංකු කොල්ලකරුගේ චරිතය රඟපෑවේ ජෝර්ජ් ක්ලූනි විසින්. මෙහි අධ්යක්ෂණය සහ පසුබිම් සංගීතය විචාරකයන්ගේ දැඩි අගය කිරීමට ලක් වූ අතර මෙය අනූව  දශකයේ තිරගත වූ විශිෂ්ටතම චිත්රපටයක් ලෙසත් සැලකෙනවා.

 

2. Body Heat

සුන්දර ෆ්ලොරිඩාව පසුබිම් කරගෙන රූගත වී තිබෙන මෙම චිත්රපටය සඳහා පාදක වී තිබෙන්නේ මිලියනපතියෙකු වන තමන්ගෙ සැමියාව මරණයට පත් කිරීම සඳහා තමන්ගේ පෙම්වතා වන නීතිඥයෙකු භාවිතා කරන කාන්තාවකගේ කතාවක්. මෙහි ප්රධාන චරිත කැත්ලීන් ටර්නර් සහ විලියම්  හර්ට් විසින් නිරූපණය කරනු ලැබුවා. මෙම චිත්රපටයේ තිරනාටක රචකයාගේ භූමිකාව සහ සරාගී ජෑස් සංගීතයක් නිර්මාණය කිරීම පිළිබඳව සංගීත නිර්මාණකරුවාව විචාරකයන්ගේ ප්රසාදයට බඳුන් වුණා.

 

 

3. Mulholland Drive

ඩේවිඩ් ලින්ච් වඩාත් ප්රකටව සිටින්නේ  ප්රේක්ෂකාගාරය තුෂ්ණිම්භූත කරන චිත්රපට නිර්මාණකරුවෙකු විදියටයි. කතා මාලාවේ සිදුවන අදහා ගත නොහැකි වෙනස්කමක් මගින් කතාවේ අවසානය සිතාගත නොහැකි ලෙස වෙනස් කිරීම ඔහුගේ උපක්රමය වනවා. මෙම චිත්රපටය ඔහුගේ ඉහළම නිර්මාණයක් ලෙස සැලකෙන අතර කාන්තාවන්  දෙදෙනෙකු වටා මෙම කතාව ගොඩනැගෙනවා. මෙම කාන්තාවන් දෙදෙනාගේ ශෘංගාරාත්මක ජවනිකා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන්න සමත් වුණා. 

 

 

4. Dirty Dancing

අයර්ලන්ත ජාතික නර්තන ශිල්පිනියක් මුණ ගැසීමට පැමිණෙන ආගන්තුකයෙකු විසින් ඇයට නර්තන වින්යාසය කියා දීම පිළිබඳ වන කතාවක් මෙම චිත්රපටය සඳහා පාදක වනවා. 1987 වර්ෂයේදී තිරගත වුණු මෙම චිත්රපටයේ ප්‍රධාන චරිතයක් වන මෙම නර්තන ශිල්පිනියගේ චරිතය තුළින් එවකට අයර්ලන්ත ජනතාවගේ මානසිකත්වය නිරූපණය වන බව විචාරකයන්ගේ අදහස වුණා.

 

 

5. Cruel Intentions

මෙම චිත්රපටය සරාගී දර්ශන වලින් පිරී තිබුණු එකක් වුවත් එය වඩාත්ම ආන්දෝලනයට ලක් වූයේ මෙම චිත්රපටියේ නිළියන් දෙදෙනෙකු සිප වැළඳ ගන්නා දර්ශනයක් ඇතුළත් වීම නිසයි. පිළිබඳව ප්රේක්ෂකයන් මෙන්ම විචාරකයන් විවිධ මත පළ කරනු ලැබුවා. කෙසේ නමුත් මෙම චිත්රපටයේ ප්රධාන චරිතය  නිරූපණය කළ නිළියන් දෙදෙනා සහ නළුවා එම චරිත සඳහා සාධාරණයක් ඉෂ්ඨ කළ බව ඔවුන් සියළු දෙනාගේම මතය බවට පත්වුණා.

 

 

6. Dressed to Kill

මෙම චිත්රපටය X කාණ්ඩයට අයත් චිත්රපටයක් ලෙස වර්ගීකරණය වීම නිසා මෙම චිත්රපටයදැඩි අසාධාරණයක් සිදු වූ බව ප්රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ අදහස වනවා. මේ නිසාම මෙම චිත්රපටියට ලැබිය යුතු අවධානය නොලැබී ගිය බව තමයි ඔවුන්ගේ අදහස වුණේ. සිය ලිංගික ජීවිතය නිසා  ආතතියට පත් වුණු විවාහක කාන්තාවක් මනෝ වෛද්යවරයෙකුගේ සහාය ලබා ගැනීමට යෑම සහ හදිසියේම ඇයව ඝාතනය කිරීම පාදක කරගෙන මෙම චිත්රපටි කතාව දිව යනවා.

 

 

7. Secretary

BDSM පිළිබඳව ධනාත්මක කථා බහක් ඇති කිරීමට සමත් වූ මුල් කාලීන චිත්රපටයක් විදිහට මේ සිනමාපටය සඳහන් කරන්න පුළුවන්. ප්රේක්ෂකයන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ 2002 වසරේදී තිරගත වුණු මෙම චිත්රපටය එම තේමාව පදනම් කරගෙනම  නිර්මාණය වුණු “Fifty Shades of Grey” චිත්රපටි මාලාවට වඩා ඉදිරියෙන් සිටින බවයි.

 

 

 එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *