ලොව මුසපත් කළ බටහිර සංගීතඥයෝ

  ඉන්දියාව තුළ මහා සංගීත සම්ප්රදායක් තියෙනවා. නමුත් ඉන්දියාවේ එම සංගීත සම්ප්රදාය වඩාත් නිවැරදිව කිවහොත් සංගීත සම්ප්රදායන් ගණනාවක එකතුවක් විදිහට සලකන්න පුළුවන්. මේ තත්ත්වය යුරෝපයේදී වෙනස් වෙනවා. යුරෝපයේ ජන සංගීත සම්ප්රදායක් තිබ්බට වඩාත් ප්රමුඛත්වයේ ලා සැලකෙන්නේ සම්භාව් සංගීතයයි. ඈත අතීතයේ දී එකිනෙකට සතුරු ලෙස ක්රියාත්මක වුණත් යුරෝපයේ සංගීත සම්ප්රදාය සියළු දේශ සීමා සතුරුකම් අභිබවා යෑමට සමත් වුණා. මේ නිසාම යුරෝපා සම්භාව් සංගීතය විශාල දියුණුවක් ලබා ගත්තා. අපි අද ඔබට කියන්න යන්නේ මේ බටහිර සංගීත සම්ප්රදාය තුළින් ලෝකය මුසපත් කරන්න සමත් වෙච්ච සංගීතඥයෝ කීපදෙනෙක් පිළිබඳව.

 

 

1. ලුඩ්විග් වෑන් බීතෝවන් (Ludwig van Beethoven)

අපේ රටේ සියළු දෙනාම පාහේ මේ මොහුගේ සංගීත ඛණ්ඩයක රසිකයෙක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? චූන් පාන් සංගීතය විදිහට උපහාසයෙන් කතා කරන සංගීත ඛණ්ඩය ඇතුළත් වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට සංගීතඥයාගේ සංගීත නිර්මාණයක. ඔහුගේ සංගීත නිර්මාණ වල ඇති විශිෂ්ටත්වය නිසාම එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සංගීතඥයා ඔහු බවට  බහුතරයක් සංගීත විචාරකයන් විශ්වාස කරනවා. තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේ දී බිහිරි භාවයට පත්වුණු ඔහු එම දුබලතාවයට එරෙහිව සටන් කිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

 

 

2. යෝහාන් සෙබස්තියන් බාක් (Johann Sebastian Bach)

බටහිර සංගීතයේ බැරක් යුගය ලෙස සැලකෙන ආරම්භක අවධියේ සිටි  ප්රධානතම සංගීතඥයා ලෙස  බාක්ගේ නම ඉතිහාසගත වෙනවාඔහුගේ බොහෝ සංගීත රචනා දිගු කාලයක් තිස්සේ අතුරුදහන්ව පැවති අතර මේ නිසා පසුකාලීන සංගීත රසිකයින් ඔහු සංගීතඥයෙකු ලෙස විශිෂ්ටයෙකු යන්න පිළිබඳව විවාදයක පැටලී සිටියා. නමුත් හදිසියේම ඔහුගේ ස්වර රචනා රාශියක් නැවත හමු වීමත් සමගම  බාක් පිළිබඳව නැවත අධ්යයනය කිරීමට  සංගීතඥයන් පෙළඹුණා.

 

3. වුල්ෆ්ගැන්ග් අමඩේයස් මෝසාට් (Wolfgang Amadeus Mozart) 

අපි ආරම්භයේදී සඳහන් කළා වගේම බීතෝවන් කියන්නේ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම සංගීතඥයා කියන මතය අභියෝගයට ලක් කරන පිරිස් කියන්නේ මෝසාර්ට් තමයි එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සංගීතඥයා කියලා. තම කුඩා අවධියේ පටන් මුළු යුරෝපයම මුසපත් කිරීමට ඔහු සමත් වුණා. ඕස්ට්රියාවේ උපත ලැබූ ඔහු අවුරුදු තුනේදී පියානෝ වාදනය පටන්ගත් අතර අවුරුදු පහ වන විට ස්වර රචනා කිරීමට සමත් වුණා. ඔහුගේ ජීවිත කාලය දශක හතරකට  ආසන්න වශයෙන් සීමා වුවත් ඔහු විසින් සංගීත ලෝකයට සිදු කරනු ලැබූ බලපෑම අති විශාලයි.

 

 

4. යොහෑන්ස් බ්රාම්ස් (Johannes Brahms) 

සාම්ප්රදායික සංගීතයට දැඩි ලෙස ප්රියතාවයක් දැක්වූ බ්රාම්ස් සැලකෙන්නේ බටහිර සංගීතයේ රෝමාන්තික යුගය ලෙස සැලකෙන අවධියේ පුරෝගාමියෙකු ලෙසයි. ඔහුගේ ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ ජන සංගීතයම්භාව් සංගීතය සමග මුසු කිරීම පිළිබඳව මුල් අඩිතාලම දැමීමට  ඔහු සිදු කරන ලද සංගීතාත්මක පර්යේෂණ රාශියයි. ඔහු විසින් සිම්පනි, පියානෝ වාදන ආදී විවිධ සංගීත නිර්මාණ වල යෙදුණු අතර ඒවා එම කාලය තුළ අති මහත් ජනප්රියත්වයක් දිනා ගැනීමට සමත් වුණා.

 

 

5. රිචඩ් වාග්නර් (Richard Wagner) 

ඔපෙරා සංගීතයේ නිම්වළලු පුළුල් කළ මෙම ජර්මානු සංගීතඥයා සැලකෙන්නේ බටහිර සංගීත සම්ප්රදාය විප්ලවීයකරණයට ලක් කළ සංගීතඥයකු ලෙසයි. බැවේරියානු රජුගේ රාජ අනුග්රහය ලබමින් ඔහු නිර්මාණය කළ බොහෝ සංගීත නිර්මාණ වේගයෙන් ජනප්රසාදයට පත් වූ අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තිබූ ඇතැම් දුබලතා නිසා ඔහු අප්රසාදයටද පත් වුණා. මේ නිසාම අදටත්  ඔහුගේ මේ ශාස්ත්රීය සහ පෞද්ගලික ආන්දෝලනාත්මක ස්වභාවය පිළිබඳව අධ්යයනයක් සිදු වෙමින් පවතිනවා.

 

 

6. ප්යෝටර් ඉල්යීච් චයිකොව්ස්කි (Pyotr Ilyich Tchaikovsky)

රෝමාන්තික අවධියේ දී සිය සංගීත නිර්මාණ හරහා මිනිසාගේ භාව ප්රකාශනය සඳහා වැඩි අවධානයක් යොමු කළ සංගීතඥයෙකු විදිහට මොහුව හැඳින්වීමට පුළුවන්. සංගීත නිර්මාණ වල දී  විවිධ පර්යේෂණ සිදු කළ ඔහු ප්රංශ, ජර්මන්, ඉතාලි ආදී එවකට ප්රමුඛ පෙළේ සංගීතඥයන්ගේ ක්රමවේදයන් වලින් ආභාෂය ලබා, ඊට තමන්ගේ පෞද්ගලික දායකත්වයක් ලබා දී මනරම් සංගීතයක් නිර්මාණය කිරීමට සමත් වුණා. විශේෂයෙන්ම බැලේ නර්තන සඳහා ඔහුගේ සංගීත නිර්මාණ අදටත් රසිකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක් වෙනවා.

 

 

7. ෆ්රෙඩ්රික් ෂෝෆෑන් (Frédéric Chopin) 

පෝලන්ත ජාතික මෙම සංගීතඥයා  ප්රංශය තුළ ජීවත් වෙමින් බටහිර සංගීතයේ පෙර නොවූ විරූ මාන කරා සිය නිර්මාණාත්මක හැකියාවන් මෙහෙයවනු ලැබුවා. සමකාලීන සංගීතඥයන් මෙන් විවිධ සංගීත භාණ්ඩ කෙරෙහි අවධානය යොමු නොකළ ඔහු පියානෝව කෙරෙහි පමණක් සිය සම්පූර්ණ අවධානය යොමු කරනු ලැබුවා. හරහා ඔහු අති රමණීය පියානෝ ස්වර රචනා රැසක් රසිකයන්ට තිළිණ කිරීමට සමත් වුණා.

 

 එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *