බිත්තර දාලා හදන කෑම බිත්තර නැතුව හදමු

බිත්තර කියන්නෙ අපි නිතරම කන කෑමක්. ඒ වගේම කෑමක් හදන්න ගත්තොත් බිත්තර නැතුව හදන රෙසිපි බොහොම අඩුයි. ඉතින් ඔන්න අපි ඔයාලට බිත්තර දාලා හදන කෑම බිත්තර නොදා හදන හැටි කියලා දෙන්නයි අද ආවෙ. නිර්මාංශ අයටත් වැදගත් වේවි මේක. මොනා හරි කෑමක් හදන්න හිතුණම බිත්තර නෑනෙ කියල නොහදා ඉන්න ඕනෙ නෑ ඔන්න. 

 

1. බ්‍රවුනීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඩාක් චොකලට් ග්‍රෑම් 300
  2. බටර් ග්‍රෑම් 150
  3. සීනි ග්‍රෑම් 240
  4. යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1/4
  5. පාන්පිටි ග්‍රෑම් 220
  6. බේකින් සෝඩා තේ හැඳි 1/4
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  8. කොකෝවා පව්ඩර් ග්‍රෑම් 60
  9. ලුණු පින්ච් එකක්
  10. කිරි කෝප්ප 1/4

 

  • චොකලට් ටික චොප් කරගන්න. බටර් ටික ඩබල් බොයිල් කරලා මෙල්ට් කරගන්න. මෙල්ටඩ් බටර් එකට චොප්කරගත් චොකලට් ටික දාගන්න. හොඳට හැඳිගාලා චොකලට් ටිකත් මෙල්ට් කරගන්න. ලිපෙන් බාගන්න.
  • දැන් මේකට සීනි ටික දාන්න. සීනි දියවෙනකල් වික්ස් කරලා යෝගට් ටික එකතු කරන්න. පාන්පිටි වලට බේකින් පව්ඩර්, බේකින් සෝඩා, කොකෝවා පව්ඩර් හා ලුණු දාලා හලලා මිශ්‍රණයට එකතු කරන්න. 
  • හොඳට කලවම් කරලා කිරි ටික දාන්න. දැන් තවත් ටිකක් කලවම් කරලා ඔයිල්පේපර් එකක් දාපු ට්‍රේ එකකට මිශ්‍රණය දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. 

 

2. කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුඩුකරගත් සීනි කෝප්ප 1
  2. එළවළු තෙල් කෝප්ප 1/2
  3. පාන්පිටි කෝප්ප 1
  4. බේකින් සෝඩා තේ හැඳි 1/2
  5. බේකින් පව්ඩර් තේ හැඳි1
  6. ලුණු පින්ච් එකක්
  7. කිරි කෝප්ප 1/2
  8. වැනිලා තේ හැඳි 1

 

  • සීනි වලට එළවළු තෙල් කෝප්ප 1/4ක් දාලා හොඳට විස්ක් කරගන්න. 
  • පාන්පිටි, බේකින් සෝඩා, බේකින් පව්ඩර් හා ලුණු එකට හලාගන්න. මේක ටිකෙන් ටික සීනි හා තෙල් මිශ්‍රණයට එකතු කරන්න. 
  • ඒකට ඉතිරි තෙල් කෝප්ප 1/4 දාගන්න. ටිකක් විස්ක් කරලා කිරි ටික දාගන්න. 
  • දැන් ස්මූත් බැටර් එකක් වෙනකල් විස්ක් කරගන්න. වැනිලා එකතු කරන්න. ස්පැතූලා එකෙන් හොඳට කලවම් කරලා බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. 

 

3. ඩෝනට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මද රස්නෙ කිරි කෝප්ප 1/2
  2. සීනි මේස හැඳි 3
  3. යීස්ට් තේ හැඳි 1 1/2
  4. පාන්පිටි කෝප්ප 2
  5. ලුණු පින්ච් එකක්
  6. බටර් මේස හැඳි 2
  • කිරිවලට සීනි දාලා දිය කරගන්න. මේකට යීස්ට් ටික දාගන්න. කලවම් කරලා විනාඩි 10ක් වහලා තියන්න. 
  • පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න. දැන් පිපෙන්න තියපු ඊස්ට් මිශ්‍රණය පාන්පිටි වලට ටික ටික දාලා. විනාඩි 10ක් විතර හොඳට අනලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • මේකට බටර් ටිකත් දාලා තවත් විනාඩි 6-7ක් හොඳට නීඩ් කරගන්න. දැන් බටර් ගාගත් බෝල් එකකට මේ ඩෝ එක දාලා ඩෝ එකෙත් තෙල් ටිකක් ගාලා ක්ලින්ග් රැප් එකකින් වහලා ඩෝ එක දෙගුණයක් වෙනකල් පිපෙන්න තියන්න. 
  • පිපුණම ආයෙ විනාඩි 5ක් වගේ නීඩ් කරලා පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා ඩෝනට්ස් ටික කපාගන්න. දැන් මේවට තව තෙල් ටිකක් ගාලා පැය භාගයක් පිපෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

4. ඉංග්ලිශ් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. සීනි මේස හැඳි 2
  3. බේකින් පව්ඩර් තේ හැඳි 1
  4. බේකින් සෝඩා තේ හැඳි 1/2
  5. ලුණු පින්ච් එකක්
  6. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 2
  7. කිරි කෝප්ප 1

 

  • බෝල් එකකට මේ ඔක්කොම දාලා හොඳට විස්ක් කරගන්න. කිරි මදි නම් ටික ටික දාලා ස්මූත් බැටර් එකක් හදාගන්න. 
  • නන්ස්ටික් පෑන් එකකට බැටර් එකෙන් ටික ටික දාලා පෑන් කේක්ස් හදාගන්න. 

 

5. කැරමල් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

කැරමල් එකට

 

  1. සීනි මේස හැඳි 2
  2. වතුර මේස හැන්දයි

 

පුඩින් එකට

 

  1. වතුර කෝප්ප 1/2
  2. කෝන්ෆ්ලා මේස හැඳි 1
  3. අගර් අගර් මේස හැඳි 1 1/2
  4. වැනිලා ටිකක්
  5. කිරි කෝප්ප 1
  6. සීනි කෝප්ප 1/4

 

  • පෑන් එකට සීනි ටික දාලා රත්වෙනකොට වතුර දාලා කැරමල් එක හදාගන්න. පුඩින් එක හදන ට්‍රේ එකට කැරමල් එක දාලා ස්ප්‍රෙඩ් කරගන්න. 
  • වතුර කෝප්ප 1/2කට කෝන්ෆ්ලා, අගර් අගර් හා වැනිලා ටික දාලා කලවම් කරගන්න. 
  • කිරි ටික පෑන් එකකට දාලා සීනි දාගන්න. කලවම් කරලා හදාගත්තු කෝන්ෆ්ලා මිශ්‍රණය දාගන්න. 
  • තික් මිශ්‍රණයක් උනාම මේක පුඩින් ට්‍රේ එකට දාගන්න. දැන් මේක ෆොයිල් එකකින් කවර් කරලා හොඳට වහලා විනාඩි 30-45ක් විතර ස්ටීම් කරගන්න. 

 

6. එග්ලස් මයෝනේස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කූල් කිරි කෝප්ප 1/2
  2. ඔලිව් තෙල් කෝප්ප 1/2
  3. කුඩුකරගත් අබ තේ හැඳි 1/2
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  5. සීනි තේ හැඳි 1/2
  6. ලුණු තේ හැඳි 1/2
  7. විනාකිරි මේස හැඳි 1

 

  • බ්ලෙන්ඩර් කප් එකට කිරි, තෙල් කෝප්ප 1/2, අබ කුඩු, ගම්ම්මිරිස්කුඩු, සීනි හා ලුණු දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊළඟට විනාකිරි ටිකත් දාගන්න. ආයෙ හොඳට ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. 

 

7. කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් මේස හැඳි 1
  2. කුඩුකරගත් සීනි මේස හැඳි 2
  3. කෝන්ෆ්ලා කෝප්ප 1/4
  4. පාන්පිටි මේස හැඳි 2
  5. කිරිපිටි මේස හැඳි 2
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1/4
  7. වැනිලා ටිකක්
  8. කිරි තේ හැඳි 2

 

  • බටර් හා සීනි හොඳට මික්ස් කරන්න. මේකට කෝන්ෆ්ලා, පාන්පිටි, කිරිපිටි, බේකින් පව්ඩර් ටික හලලා දාගන්න. හොඳට කලවම් කරගන්න. වැනිලා හා කිරි එකතු කරන්න. 
  • දැන් අනලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. තුනී කරලා කුකීස් කපාගන්න.
  • ඔයිල් ගාගත් ට්‍රේ එකක තියලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 15ක් වගේ බේක් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *