පාර්ලිමේන්තුවට ගිය ජනමාධ්‍යවේදි​යෝ

අපේ රටේ ජනමාධ්යවේදීන් කියන්නේ අතිශයින්ම බලගතු පිරිසක්. ඔවුන්ට ජනමාධ්යකරණය හරහා ලැබෙන සිවිල් බලය අසීමිතයි. හොඳට වගේම ඇතැම් අවස්ථාවල ඔවුන් නරකටත් මේ සිවිල් බලය භාවිතා කරනවා. ඇතැම් අවස්ථාවලදී ජනමාධ්යවේදීන් තමන්ගෙ වෘත්තිය හරහා ගොඩනැගුණු සිවිල් බලය පාවිච්චි කරලා දේශපාලන කටයුතුවල නිරත වෙනවා. දේශපාලන කටයුතු  කියලා අපි අදහස් කරන්නේ මාධ්යවේදය හරහා ක්රියාත්මක වන දේශපාලනය ගැන නෙමෙයි. බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳව. මේ විදිහට තමන්ට ලැබුණු සිවිල් බලය භාවිතා කරලා රට හදන තැනට ගිය ජනමාධ්යවේදීන් ගැන අපි අද කතා කරන්න හිතුවා. හැබැයි මේ අය තමන්ගේ පාර්ලිමේන්තු ගමන තුළදී කරපු දේ පිළිබඳව නම් තියෙන්නේ ප්රශ්නාර්ථයක් බව නොකියාම බැහැ.

 

 

1. ඩලස් අලහප්පෙරුම

 විකල්ප ධාරාවේ පුවත්පත් කලාවේදියකු ලෙස රටේ නමක් දිනාගත්ත ඩලස් අලහප්පෙරුම වඩාත් කතාබහට ලක්වුණේ රණසිංහ ප්රේමදාස පාලනයේදී ඔහුට එරෙහිව සිය පෑන අවියක් ලෙස යොදා ගැනීම නිසයි. ඇතැම් පාර්ශව නම් කියන්නේසුනිල් මාධවගේ හම ගියා, ඩලස්ගේ නම ගියා” කියලා. කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. කෙසේ නමුත් දේශපාලනඥයෙකු විදිහට ඔහු රටේම ජනාදරය දිනා ගත්ත දේශපාලනඥයෙකු බවට පත් වුණා ඔහු සැමවිටම මහත්මා දේශපාලනය ප්රිය කළ පුද්ගලයෙකු වීම නිසයි.

 

 

2. විමල් වීරවංශ

ඩලස් අලහප්පෙරුමගේ සමකාලීන කණිෂ්ට සගයකු වන විමල් වීරවංශ එවකට පුවත්පත් ලෝකය තුළ ප්රකටව සිටියේ විමලසිරි ගම්ලත් කියන නමින්. ඔහු රණසිංහ ප්රේමදාස පාලන සමයේදී  සක්රීයව ජනමාධ්යකරණයේ නිරත වුණා. ඉන් පසු ජනතා විමුක්ති පෙරමුණට නැතුවම බැරි සාමාජිකයෙකු බවට පත් වුණා. ඉන් ඉවත් වූ ඔහු මහින්ද රාජපක්ෂ හිතවාදී දේශපාලනයක නිරත වෙන්නට පටන් ගත්තා. අද වන විට ඔහු ප්රකට වන්නේ ආන්දෝලනාත්මක දේශපාලනඥයෙකු විදිහටයි.

 

 

3. නිමල් කරුණාතිලක

 ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පළමු පුවත්පත් කලාවේදියා විදිහට නිමල් කරුණාතිලකව හඳුන්වන්න පුළුවන්. 1956 මහා මැතිවරණයේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ ආසනය සඳහා තරග වැදුණු ඔහු ඉන් ජයග්රහණය කළේ සියළු දෙනාම පුදුමයට පත් කරමින්. ඔහු අතින් පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ප්රබල බල කණුවක් සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ලේකම්වරයාව සිට පක්ෂය මාරු කළ බර්නාඩ් අළුවිහාරේ මහතායි. කෙසේ නමුත් නිමල් කරුණාතිලකගේ දේශපාලන ජීවිතය නම් එතරම් සාර්ථක එකක් වූයේ නැහැ.

 

 

4. ජේ ශ්රී රංගා

 මහරාජා මාධ්‍ය ජාලයේ ශක්ති ටීවී හි  සුප්රකට නිවේදකයෙකු බවට පත්ව සිටි ජේ. ශ්රී රංගා පාර්ලිමේන්තුවට පිවිසියේ විශේෂයෙන්ම වතු ජනතාවට විශාල මෙහෙයක් කරන බවට ප්රතිඥාවක් ලබා දෙමින්. කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළ ගත කළ කාලය තුළ ඔහු ආන්දෝලනාත්මක මන්ත්රීවරයකු බවට පත්වූ අතර ජනමාධ්‍යවේදියෙකු ලෙස ඔහුගෙන් වතු ජනතාවට ඊට වඩා සේවයක් වූ බව නම් අවිවාදිතයි.

 

 

5. බුද්ධික පතිරණ

මහරාජා මාධ් ජාලයේ නිවේදකයෙකු  විදිහට  ප්රසිද්ධ දේශපාලනයට එක්වූ පළමුවැන්නා ලෙස බුද්ධික පතිරණව හඳුන්වන්න පුළුවන්. මාතර දිස්ත්රික්කය තුළ සිදු කළ සමාජ සේවා වැඩ කටයුතු නිසා ඔහු ජනප්රියත්වයක් දිනා ගෙන සිටියා. ඉන්පසුව අවස්ථා ගණනාවකදීම එක්සත් ජාතික පක්ෂය විසින් පල නොකියා පළා බෙදද්දීත් ඔහු පක්ෂය අත්හැරියේ නැහැ. මේ නිසාම පක්ෂයේ ප්රබල බලකණු පරාජය වෙද්දී පවා ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකි වුණා.

 

 

6. මනූෂ නානායක්කාර

 ස්වර්ණවාහිනිය  තුළින් ජනප්රියත්වයෙන් ජනප්රියත්වයට පත්වුණු මනුෂ නානායක්කාර දේශපාලනඥයෙකු ලෙස සාර්ථක වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ නැහැ. කෙසේ නමුත් ඔහු ඇතැම් අවස්ථාවල පරාජය ලබමින් වුවද දේශපාලනය අත්හැරියේ නැහැ. එහි ප්රතිඵලය වූයේ ගාල්ල දිස්ත්රික්කය තුළ ඔහු වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමයි. වතාවක් තම පක්ෂය මාරු කළත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂය වෙත පැමිණ ජයග්රහණය කිරීමට සමත් වීමත් එක් විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

 

 

7. නිරෝෂන් ප්රේමරත්න

 2015 වර්ෂයේ දී ආණ්ඩු පෙරළියත් සමඟ නිරෝෂන් ප්රේමරත්නගේ රැකියාව අහිමි වූ අතර ඔහු සක්රීය දේශපාලනයට පිවිසීමට එතැන් පටන් තීරණය කළා. විමල් වීරවංශ නායකත්වය ලබාදුන් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු වූ ඔහු පාර්ලිමේන්තුවට පළමුවර තේරී පත්වූයේ වැඩිම මනාප ලබා ගනිමින්. කෙසේ නමුත් ඉන් අනතුරුව ඔහු පරාජයට පත් වූයේ කිසිවකුත් නොසිතූ ලෙසටයි. සඳහා ඔහු විසින් ඇතැම් අවස්ථාවල සිදු කළ ආන්දෝලනාත්මක ප්රකාශ බලපෑමක් කළ බව සිතිය හැකියි.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නට අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *