ලේසියෙන් පහසුවෙන් රෑ කෑමක් හදාගන්න තියනවනම් කොච්චර දෙයක්ද? සමහර දවස් වලට රෑට උයන එක මතක් වෙන කොටත් හපෝ කියල හිතෙනවා. ඔන්න ඉතින් ඔයාලගෙ පහසුව උදෙසාම අපි පැය භාගෙන් හදාගන්න පුළුවන් ඉන්දියන් ඩිනර් රෙසිපි ටිකක් ගෙනාවා. ට්‍රයි කරලා රස අපිටත් කියන්න
1. බ්‍රොකලි, බෙල්පෙපර් සහ චීස් කේසඩියාස් (Broccoli, Bell Pepper and Cheese Quesadillas)
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එකට
- පාන්පිටි කෝප්ප 1
- තෙල් මේස හැඳි 2
- ලුණු රස අනුව
ෆිලින් එකට
- චොප්කරගත් බ්‍රොකෝලි කෝප්ප 2
- චොප්කරගත් බෙල්පෙපර් පාට 2කින්
- ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1
- චාට් මසාලා තේ හැඳි 1/2
- ලුණු රස අනුව
- කෑලිමිරිස් ටිකක්
- ඩෝ එකට අවශ්‍ය සියල්ලම දාලා වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගන්න. මේක විනාඩි 15ක් වහලා තියන්න.
- ෆිලින් එකට අදාළ සියල්ලම කලවම් කරගන්න.
- ෆිලින් එක කොටස් 8කට බෙදාගන්න. ඩෝ එකත් කොටස් 8කට කඩාගන්න. එක ගුලියක් අරන් තුනී කරලා කරලා ෆිලින් එක රොටියෙ බාගෙකට දාලා අනික් කොටස උඩින් නවලා වසාගන්න.
- දැන් තෙල් ගාගත් තැටියක දාලා දෙපැත්ත පුළුස්සගන්න.
2. ආලු මේති පරාතා (Aloo Methi Parathas)
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එකට
- පාන්පිටි කෝප්ප 1
- තෙල් ටිකක්
- ලුණු ටිකක්
ෆිලින් එකට
- තම්බා පොඩිකරගත් අල කෝප්ප 1
- චොප්කරගත් උළුහාල් කොළ ටිකක්
- සූදුරු ටිකක්
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 2
- තෙල් ටිකක්
- කහකුඩු තේ හැඳි 1/4
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- චාට්මසාලා තේ හැඳි 1
- ලුණු
- ඩෝ එකට අදාළ සියල්ලම දාලා වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගන්න. මේක කොටස් 5කට බෙදාගන්න.
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට සූදුරු ටික දාගන්න. ටිකකින් උළුහාල් කොළ දාලා කලවම් කරගන්න. ඉඟුරු සුදුළූණු එක්ක කහකුඩු, කොත්තමල්ලි කුඩු, චාට් මසාලා හා ලුණු දාලා හොඳට කලවම් කරගන්න.
- ටිකකින් අල ටික දාලා කලවම් කරගන්න. මිශ්‍රණය කොටස් 5කට බෙදාගන්න. දැන් මේකෙන් බෝල හදාගන්න.
- ඩෝ එකක් රවුමට තුනී කරගන්න. ඒ මැදට අල බෝල තියලා කවර් කරගන්න. ටිකෙන් ටික අතින් තද කරලා රොටිය හදාගන්න. තෙල් හෝ ගී ගාගත් තැටියක දාලා දෙපැත්ත පුළුස්සගන්න.
3. බ්‍රොකලි සහ බේබිකෝන් නූඩ්ල්ස් (Broccoli and Baby Corn Noodles)
අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලාන්ච් කරගත් බ්‍රොකොලි කෝප්ප 1/2
- බ්ලාන්ච් කරගත් බේබිකෝන් කෝප්ප 1/2
- තම්බාගත් නූඩ්ල්ස් කෝප්ප 3
- තෙල් ටිකක්
- තලාගත් ඉඟුරු හා සුදුළූණු
- ලියාගත් ළූණු කෝප්ප 1/2
- ලියාගත් බෙල්පෙපර් කෝප්ප 1/2
- සෝයාසෝස් තේ හැඳි 1
- කපාගත් කැරට් අල
- චොප්කරගත් සැල්දිරි කෝප්ප 1/4
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ගරම් මසාලා තේ හැඳි 1/2
- පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු හා ළූණු ටික දාගන්න. විනාඩි 2කට පස්සෙ කැරට් හා බෙල්පෙපර් දාගන්න.
- ඊළඟට බ්‍රෝකොලි හා බේබිකෝන් දාලා කලවම් කරගන්න. මේකට නූඩ්ල්ස් ටික දාලා රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, ගරම් මසාලා හා සෝයාසෝස් දාලා හොඳට විනාඩි කීපයක් කලවම් කරලා ලිපෙන් බාගන්න.
4. චෙමාටෝ පාස්තා (Che Mato Pasta)
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මැකරෝනි කෝප්ප 1 1/2
- ලියාගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු බික් 2
- කපාගත් බෙල්පෙපර් කෝප්ප 1/2
- තක්කාලි පියුරි කෝප්ප 1/4
- තක්කාලි කෙචප් කෝප්ප 1/4
- කිරි කෝප්ප 1/4
- ග්‍රේට්කරගත් චීස් කෝප්ප 1/2
- බටර් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චාට් මසාලා තේ හැඳි 1/2
- පෑන් එකක් රත්වෙන්න තියලා බටර් ටික දාගන්න. ළූණු හා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න.
- බෙල්පෙපර් ටිකත් දාගන්න. ටිකකින් තක්කාලි පියුරි හා කෙචප් දාලා කලවම් කරලා කිරි හා චාට් මසාලා ටික දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා, මැකරෝනි ටික දාලා කලවම් කරගන්න.
5. මෑෂ්ඩ් පොටෑටෝ විත් ස්පයිසි වෙජිටබල්ස් (Mashed Potatoes with spicy Vegetables)
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල ගෙඩි 6
- බටර් මේස හැඳි 2
- ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
එළවළු වලට
- බටර් මේස හැඳි 2
- කපාගත් එළවළු (බෝංචි, කැරට්, ගෝවා)
- තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප ¼
- ගරම් මසාලා තේ හැඳි 1/4
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තම්බාගත් අල වලට ලුණු, ගම්මිරිස්කුඩු, බටර් හා ෆ්‍රෙශ් ක්‍රීම් දාලා කලවම් කරගන්න.
- පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා රත්වෙනකොට එළවළු ටික දාගන්න.
- මේකට රස අනුව ලුණු, ගරම් මසාලා හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. මෑෂ්ඩ් පොටෑටෝ සහ චපාතියක් එක්ක පිළිගන්වන්න.
Leave a Reply