ලංකාවේ ගෞරවණීය විශ්ව විද්‍යාල කුලපතිවරු

ලෝකයේ ඕනෑම විශ්වවිද්යාලයක ප්රධානියා විදිහට සැලකෙන්නේ එම විශ්වවිද්යාලයේ කුලපතිවරයා. මේ තනතුර ගෞරවණීය තනතුරක්. නමුත් ඔහු හට පරිපාලනමය වශයෙන් කිසිදු බලයක් හිමි වන්නේ නැහැ. පරිපාලන බලතල හිමි වන්නේ එම විශ්වවිද්යාලයේ උපකුලපතිවරයාටයි. කෙසේ නමුත් උපාධි උත්සව  ආදියේදී එහි ප්රධානත්වය කුලපතිවරයාට හිමිවෙනවා. මේ වෙනකොට අපේ රටේ ප්රධාන විශ්ව විද්යාල දෙකක කුලපති තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් කරන ලද පත්වීම් දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දීලා තියෙනවා. තමයි කොළඹ විශ්ව විද්යාලයේ කුලපති තනතුර සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ කැළණිය විශ්වවිද්යාලයේ කුලපති තනතුර සඳහා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පත් කිරීම. පහුගිය දවස්වල මේ පිළිබඳව සමාජ මාධ් ජාලාවල දැඩි කතාබහක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ දෙනමගේ දේශපාලනය තමයි මෙම තනතුර සඳහා ඔවුන් දෙදෙනා නුසුදුසු බවට ගොඩ නැගුණු තර්කය. කෙසේ නමුත් අපි මේ පත් කිරීම්වල සුදුසු නුසුදුසු භාවය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතුවා ලංකාවේ විශ්ව විද්යාලවල කුලපති තනතුරුවලට පත් වුණු ගෞරවණීය චරිත ගැන ඔබේ මතකය අවදි කරන්න.

 

 

1. වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ

 පසුගියදා අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ සැලකෙන්නේ විද්යාලංකාර පිරිවෙන් සම්ප්රදායේ ප්රතිමූර්තියක් විදිහට. මේ  වෙනකොට කැළණිය විශ්වවිද්යාලය බවට පත් වෙලා තියෙන්නෙ විද්යාලංකාර  පිරිවෙනම බව විශ්ව විද්යාලයේ ඉතිහාසය සොයා යද්දී අපට වැටහෙනවා. පස්සේ කාලෙකදී විශ්වවිද්යාලය සහ  පිරිවෙන වෙන වෙනම පරිපාලනය වුණා. අතිශයින්ම නිහතමානී භික්ෂූන් වහන්සේ නමක් වූ උන්වහන්සේ විවිධ තනතුරු සහ ගෞරව නාමවලින් පිදුම් ලැබූවාඑසේම බොහෝ විහාරස්ථාන  උත්සව ආදියේ දී මුලසුන ගැනීම සඳහා උන්වහන්සේට ආරාධනා කළේ උන්වහන්සේගේ සිල්වත්කම, ගුණවත්කම සහ උගත්කම ආදිය සලකායි.

 

 

2. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ

 කට පුරා උගතෙක් යැයි කියන්න පුළුවන් හැකියාවක් තිබ්බ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ කිසිදාක තනතුරු පසුපස හඹා ගිය කෙනෙක් නම් නෙමෙයි. උන්වහන්සේ නියෝජනය කළ කෝට්ටේ කල්යාණී සාමග්රී සභාවේ අනුනායක තනතුරක් පවා අත් හැරීමට කටයුතු කළා. මේ නිසා ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපති තනතුර උන්වහන්සේට ආභරණයක් වුණේ නැහැ. බෙල්ලන්විල විහාරය ආශ්රිතව විශාල  ආගමික සහ සමාජයීය සේවාවක් උන්වහන්සේ විසින් සිදු කරනු ලැබුවා

 

 

3. මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවෝ

 වර්තමානයේදි දී ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය පිහිටා තියෙන බිම පරිත්යාග කර තිබෙන්නේ මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවෝ විසින්. උන්වහන්සේ පැපිලියානේ සුනේත්රාදේවි පරිවේණාධිපති වශයෙන් කටයුතු කළා. විශ්ව විද්යාලයේ ආරම්භක ශිෂ් කණ්ඩායම් වලට අයත් උන්වහන්සේ ශිෂ් සටන් වල ප්රමුඛත්වය ගෙන කටයුතු කළ බව උන්වහන්සේගේ ශිෂ් දිවිය පිළිබඳව විමසීමේදී පෙනී යනවා.  පසු කලෙක උන්වහන්සේ දෛවෝපගත ලෙස ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කුලපති ධුරයට පත් වුණා.

 

 

4. ආතර් සී. ක්ලාක්

 මෙරට වාසය කළ සුප්රසිද්ධ විදේශිකයා විදිහට ආතර් සී. ක්ලාක්ව හඳුන්වන්න පුළුවන්. විද්යා ප්රබන්ධ රචකයෙක් විදිහට ලෝකය පුරා කීර්තිමත් නමක් දිනාගෙන හිටපු එතුමා ලංකාවට විශේෂයෙන් ඇලුම් කරනු ලැබුවා. 1979 වසරේ දී ශ්රී ලංකා රජය විසින් එතුමාව මොරටුව විශ්වවිද්යාලයේ කුලපති ධූරයට පත් කළ අතර එතැන් පටන් 2002 වසර දක්වා එක දිගට වසර විසිතුනක් එම ධුරයට ආලෝකයක් එතුමා ලබා දුන්නා. වයස්ගතවීමත් සමඟ ඇතිවූ සෞඛ් හේතූන් මත එතුමා එම ධූරයෙන් ඉල්ලා අස් වුණා.

 

 

5. අත්තුඩාවේ රාහුල හිමි

සියම් නිකායේ ශ්රී රෝහණ සංඝ සභාවේ මහා නායක ධුරය දැරූ අත්තුඩාවේ රාහුල හාමුදුරුවෝ එම සංඝ සභාව පිහිටුවීමට එහි ප්රථම මහා නායක වූ කඹුරුපිටියේ වනරතන නාහිමියන්ට සුවිශාල ශක්තියක් වූ හිමිනමක්. එසේම උන්වහන්සේ ශාස්ත්රීය ග්රන්ථ රාශියක් රචනා කරනු ලැබුවා. මේ නිසා පසු කලෙක උන් වහන්සේව රුහුණ විශ්වවිද්යාලයේ කුලපති ධූරයට පත්කරනු ලැබුවා.

 

 

6. පල්ලත්තර සුමනජෝති හාමුදුරුවෝ

 

 සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝනායක ධුරය දැරූ පල්ලන්තර සුමනජෝති හාමුදුරුවෝ දකුණු පළාත තුළ අතිශයින් ජනප්රිය භික්ෂූන් වහන්සේ නමක්. මුල්ගිරිගල සංඝ පරම්පරාවට සම්බන්ධ වූ උන්වහන්සේ නිතර නිතර භික්ෂූන් වහන්සේගේ අධ්යාපනය සහ ආධ්යාත්මික දියුණුව පිළිබඳව  නිතර කතා කළා. උන්වහන්සේ විසින්ද රුහුණු විශ්වවිද්යාලයේ කුලපති ධූරය හොබවනු ලැබුවා.

 

 

7. ඒ. එන්. එස්. කුලසිංහ

 කොන්ක්රීට් කුලසිංහ යන නමින් රටේ සැමගේ ගෞරවාදරයට පාත් වූ කුලසිංහ මහතා සැලකෙන්නේ අපේ රටට වඩා ලොකු ඉංජිනේරුවෙක් විදිහට. ඇත්ත වශයෙන්ම එතුමාගේ ඥානයෙන් නිසි ප්රයෝජන ලබා ගත්තේ විදේශීය රටවලුයි. ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ කුලපතිවරයා ලෙස එතුමා කටයුතු කළ අතර එම කාලය තුළ එම විශ්ව විද්යාලයේ දැක්ම  සාමාන් ජනතාව අතරට ගෙන යෑමට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා.

 

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *