අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 15 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 10 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 11 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 12 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 13 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 14 කොට​ස

 

ඔන්න දීර්ඝ නිවාඩුවකට පස්සේ මේ ලිපි පෙළේ අලුත්ම කොටස ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම කියවලා ඔබේ අදහස් උදහස් අපිට කියන්න. 

 

1. ප්රේමයට පිටු නොපෑ විශාකා සිරිවර්ධන

  කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු නිමේෂයක  ලංකාවේ උසම නිළිය ලෙස සැලකෙන විශාකා සිරිවර්ධන මිය යෑම සමස්ත කලා ලෝකයම තිගැස්මකට ලක් කිරීමට සමත්වුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල තැනැත්තියක් වූ ඇය ජීවන රංගනයට සමු දුන්නේ තමන්ගේ සැමියාගේ මරණයෙන් මාස කීපයක් ගත වෙන්නටත් කලින්. ඔහු ඇගේ පෙම්වතාව සිටියදී සිදු වූ රිය අනතුරකින් ඔහුගේ පාදය අහිමි වුණා. නමුත් විශාකා සිරිවර්ධන ඔහුව විවාහ කරගෙන ඔහුට සිදු විය යුතු යුතුකම් සියල්ල ඉෂ්ට කළාඑසේම ඔහුගේ මරණයෙන් ඇය බලවත් ලෙස කම්පනයට පත්වූ බවද කියවෙනවා.

 

 

2. රුක්මණී දේවියගේ කණගාටුව

කේ. . ඩබ්ලිව් පෙරේරා නිර්මාණය කළසීයේ නෝට්ටුව” චිත්රපටයේ රුක්මණී දේවිය නිරූපණය කළේ සෞඛ් සේවිකාවගේ චරිතයක්. එහිදී ඇය විසින් ශ්රියානි අමරසේනට දරුවන් සෑදීම පිළිබඳව උපදෙස් දීමට නියමිතව තිබුණ නමුත් එම දෙබස් ඛණ්ඩ කියද්දී රුක්මණී දේවිය ඇඬීමට පටන්ගත්තා. එහිදී පිළිබඳව විමසූ විට ඇය පවසා ඇත්තේ තමන් හට මෙම චරිතය රඟපෑමට සිදු වුවත් තමන්ට සැබෑ ජීවිතයේ මවක වීමට හැකි නොවූ බවයි. කෙසේ වෙතත් සිංහල සිනමාවේ සියළුම නළු නිළියන්ගේ මව ඇය බව නොකියාම බැහැ 

 

 

3. ටෝනි රණසිංහගේ උපන්දින

අතිශයින්ම සැහැල්ලු චරිතයක් වූ ටෝනි රණසිංහ හට තරුණ කාලයේදී පෙම්වතියන් ගණනාවක් සිට තිබෙනවා. ඔහු විසින් එක් එක් පෙම්වතියට පවසා ඇත්තේ එක් එක් උපන්දිනයි. එහි ප්රතිඵලය වන්නේ අවුරුද්දේ දින ගණනාවකම ඔහුට උපන්දින තෑගි ලැබීමයි. බොහෝවිට ටෝනි කරන්නේ එම උපන්දින තෑගි තම සහෝදරයා වන රැලෙක්ස් රණසිංහට තෑගි ලෙස ලබා දීමයි. වතාවක් රැලෙක්ස් තමන් දෙස තරුණියක් විමසිල්ලෙන් බලන බව දැක විමසිලිමත් වීමේදී දැන ගැනීමට ලැබී තිබෙන්නේ ඔහු එදින ඇඳ සිටි කමිසය ටෝනි හට තෑගි දී තිබෙන්නේ එම තරුණිය විසින් බවයි.

 

 

4. ලේනා වී කුරුල්ලා වූ හැටි

 වතාවක් රූගත කිරීමක් සඳහා දුර බැහැරක ගොස් සිටියදී දෙනවක හාමිනේ මහත්මියට ලේන් පැටියෙක් වැටිලා ඉන්නවා දකින්න ලැබෙනවා. තමන්ගෙ මුණුබුරාට මේ ලේන් පැටියාව ගෙනිහින් දෙන්න හිතපු ඇය පැටියට කිරි පොවලා කාඩ්බෝඩ් පෙට්ටියක දාලා රැගෙන විත් තියනවා. හැබැයි ගෙදර ඇවිත් කාඩ් බෝඩ් පෙට්ටිය විවෘත කරද්දී පෙට්ටියෙන් වී කුරුල්ලෙක් තමයි ඉගිලිලා ගිහින් තියෙන්නේ. මේ මොකද්ද වුණේ කියලා හිතාගන්න බැරුව ඉඳිද්දි ළඟ පත්තර කඩේ හිටපු මනුස්සයෙක්හරි වැඩේ නේද ඇන්ටි වුණේ, ලේනා වී කුරුල්ලෙක් වුණා නේද?” කියලා ඇගෙන් අසා තියනවා. එතකොට දෙනවක හාමිනේ කොහොමද ඒක දැනගත්තෙ?” කියලා අහලා තියෙනවා. “ඇයි ඇන්ටි පත්තරේ තියෙන්නෙ” කියලා මනුස්සයා උත්තර දීලා තියනවා. බලද්දි දෙනවක හාමිනේට මේ විහිළුව කරල තියෙන්නෙ ෆ්රෙඩී සිල්වා. වගේම ඔහු මේ කතාව ගැන පත්තරේටත් කියලා.

 

 

5. ඩී. ආර්. නානායක්කාර පිළිබඳව ස්ටීවන් ස්පීල්බර්ග් කළ ප්රකාශය

“ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ටෙම්පල් ඔෆ් ඩූම්” චිත්රපටය සඳහා ලාංකික නළු නිළියන් කීප දෙනකු රංගනයෙන් දායකත්වය ලබාදුන් අතර එහි අධ්යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ග් ගේ විශේෂ ඇගයීමට ප්රවීණ නළු ඩී. ආර් නානායක්කාර ලක්වුණා. ස්පිල්බර්ග්ට අනුව ඩී. ආර් නානායක්කාරගේ රංගන කෞශල්යය හොලිවුඩ් නළුවෙකුගේ තරම් විශිෂ්ටත්වයෙන් යුක්ත වන්නක්. ලංකාවේ ප්රථම සරසවි සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම  ඔහුගේ රංගනයේ විශිෂ්ටත්වය පෙන්වන තවත් එක් සාධකයක්.

 

 

6. අනෝමා ගේ ප්රේම ජවනිකා

ජනප්රිය නළු දසුන් පතිරණ සහ ප්රවීණ නිළි අනෝමා ජනාදරීගේ සරාගී ඡායාරූප රාශියක් මීට කලකට පෙර සමාජ මාධ් ජාලා කැළඹීමට සමත් වුණා. වර්තමානයේ පවා ඉඳ හිට මෙම ඡායාරූප නැවත නැවතත් මතු වනවා. කෙසේ නමුත්  වාර්තා වන පරිදි අනෝමා ජනාදරී විසින් ලියූ ලිංගික අධ්යාපන ග්රන්ථයක් වන ප්රේම ජවනිකා හි අඩංගු ඡායාරූප කිහිපයක් සඳහායි ඔවුන් දෙදෙනා මෙම පෙනී සිටීම සිදු කොට ඇත්තේ

 

7. තමන් ගැන නොසිතා අන් අය ගැන සිතූ දමිතා සළුවඩන

මීට වසර කීපයකට පෙර අපි අතරින් සමුගත් දමිතා සළුවඩන හාස්යෝත්පාදක රංගන ශිල්පිනියක් විදිහට අපේ රටේ ජනාදරයට පත් වුණු තැනැත්තියක්. සෑම විටම අන් අය ගැන සිතූ ඇය තමන් වකුගඩු රෝගයෙන් දැඩි ලෙස රෝගාතුරව සිටියදී පවා උත්සාහ කර ඇත්තේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි අබිලිංගේ චරිතය රඟපෑ චන්ද්රසිරි කොඩිතුවක්කු මහතා බැලීමට යෑමටයි. ඉන් සති කීපයකට පසුව දමිතා සළුවඩන මියගියේ කලා ලෝකය තුළ තවත් මිනිස් ගුණයෙන් පරිපූර්ණ කලාකාරිනියකගේ හිඩැසක් ඇති කරමින්

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *