ක්‍රීඩාවකින් බලාපොරොත්තු වෙන්නේ හුදු ජයග්‍රහණ පසුපසම හඹා යෑම පමණක් නොවෙයි. එම ජයග්‍රහණය ලැබිය යුත්තේ සර්ව සාධාරණව හුදෙක් තමන්ගේ කායික සහ මානසික ශක්තියට පමණයි. ඊට අතිරේක යමකගෙ බලය ලබාගැනීම ක්‍රීඩා ලෝකය තුළ පමණක් නොවෙයි, සාධාරණ ලෙස සලකන කළ මානව සමාජය තුළම පිළිකුල් කළ යුතු තත්ත්වයක්. අපි අද ඔබට කියන්න යන්නේ ක්‍රීඩා ලෝකය තුළ තහනම් උත්තේජක ලබාගැනීම නිසා ස්වකීය ක්‍රීඩා පෞරුෂයට හානි කරගත් ක්‍රීඩක ක්‍රිඩිකාවන් කීපදෙනෙක් පිළිබඳව. යම් අවස්ථාවල ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටත් තහනම් උත්තේජක චෝදනා එල්ල වුණත් ඒවා බරපතළ මට්ටමක් දක්වා දුරදිග නොයෑම යහපත් තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්.
1. ටොම් සිම්පසන් (Tom simpson)
1967 වසරේ දී පැවති ප්‍රංශ සවාරිය අතරතුර දී බ්‍රිතාන්‍ය ජාතික තරගකරුවෙකු වන ටොම් සිම්ප්සන් අතරමගදී මියගියා. මෙම අවාසනාවන්ත සිදුවීම පාපැදි සවාරි වලට ලැදි ලොව ක්‍රීඩා ලෝලී සියළු දෙනාවම කම්පනයට ලක් කරනු ලැබුවා. නමුත් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඔහුගේ ශරීරයේ තහනම් උත්තේජක තිබූ බවයි. ඔහුගේ මරණය සඳහා එම තහනම් උත්තේජක ද හේතුවක් වී ඇති බව හෙළි වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ පාපැදි තරග සඳහා කිසිදු ආකාරයක උත්තේජකයක් ලබා ගැනීම තහනම් වීමයි.
2. බෙන් ජොන්සන් (Ben Johnson)
1988 දකුණු කොරියාවේ සියෝල් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් බෙන් ජොන්සන් ඒ සමග වාර්තාවක් ද තබනු ලැබුවා. කෙසේ නමුත් ඔහු තහනම් උත්තේජක ලබා ගෙන සිටි බව හෙළි වීමත් සමග ඔහුගේ රන් පදක්කම අහෝසි වී ගිය අතර එම පදක්කම දෙවන ස්ථානය දිනා සිටි කාල් ලුවිස් හට හිමි වුණා. එසේම බෙන් ජොන්සන් හට හිමි වී තිබූ බොහෝ මූල්‍ය සහ වාණිජ ප්රතිලාභ අහෝසි කිරීමට අනුග්රාහකයන් තීරණය කළා.
3. ඩියේගෝ මැරඩෝනා (Diego Maradona)
1986 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ආජන්ටිනාව ජයග්‍රහණය කරා ගෙන ගිය ඩියේගෝ මැරඩෝනා 1994 පැවති ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත් වුණා. ඔහු හට ඒ අනුව තරග තහනමක් පැනවූ අතර ඊට ප්‍රේක්ෂකයන් දැඩි ලෙස විරෝධය පළ කළේ තම සුපිරි වීරයා එවැනි වරදක් කළ බවට පිළිගැනීමට අපහසු වීම නිසයි.
4. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (Lance Armstrong)
පිළිකාවක් සමග සටන් කරමින් ප්‍රංශ සවාරි කිරුළ හත් වරක් දිනාගැනීමට සමත් වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ලෝකයේ බොහෝ දෙනාගේ වීරයෙකු බවට පත්ව සිටියා. නමුත් මුළු ලෝකය ම විස්මයට පත් කරමින් ඔහු තහනම් උත්තේජක ලබාගෙන පාපැදි තරගාවලි සඳහා සහභාගි ව තිබෙන බව අවසානයේදී හෙළි වුණා. මේ සමගම ඔහු දිනා සිටි සියළු ජයග්‍රහණ අහෝසිව ගියා.
5. ටයිසන් ගේ (Tyson Gay)
2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුණා. නමුත් එම ක්‍රීඩා කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වූ කෙටි දුර ධාවන ශූර ටයිසන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණයෙන් පිට පිට තෙවරක් අසමත් වුණා. අවසානයේදී ඔහු තමන්ගේ පදක්කම නැවතත් භාර දුන් අතර පසුව ඔලිම්පික් කමිටුව මගින් අදාළ ක්‍රීඩා කණ්ඩායමේ සියළුම පදක්කම් අහෝසි කිරීමට කටයුතු කළා.
6. නික්ලස් බැක්ස්ට්රෝම් (Nicklas Backstrom)
2014 වසරේ දී සෝචී හි පැවති සිසිර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අයිස් හොකී ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිතව තිබූ ස්වීඩන කණ්ඩායමේ මෙම ක්‍රීඩකයා තහනම් උත්තේජක ගෙන ඇති බවට වාර්තාවක් පළ වුණා. එහි ප්‍රතිඵලය වූයේ තම හොඳම ක්‍රීඩකයා නොමැතිව ස්වීඩන කණ්ඩායමට කැනඩාවට පරාජය වී රිදී පදක්කම හිමිකර ගැනීමට සිදුවීමයි. කෙසේ නමුත් පසු කලකදී නික්ලස්ගේ නිර්දෝෂී බව ඔප්පු අතර පසුව ඔහුට පදක්කම පිරිනැමුණා.
7. මේරියන් ජෝන්ස් (Marian Johnes)
2000 වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුපිරි තරුවක් බවට ධාවන ශූරී මේරියන් ජෝන්ස් පත්වුණා. ඒ ඇය විසින් රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීම නිසයි. නමුත් ඉන් වසර කීපයක් ගතවන්නටත් පෙර පරීක්ෂණ මගින් ඇය තහනම් උත්තේජක ලබා ගෙන සිටි බව තහවුරු වූ අතර ඇයට එම සියළු පදක්කම් අහිමිව ගියා (එහි ප්‍රතිඵලයක් ලෙස සුසන්තිකා ජයසිංහ දිනා සිටි ලෝකඩ පදක්කම රිදී පදක්කමක් බවට පත්වුණා).
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply