ආහාර පාන හා සංචාර

බත් නැතුව හාල් වලින් හදන්න පුළුවන් වෙනත් කෑම 5ක්

ශ්‍රී ලාංකිකයින් විදියට හාල් වලින් අපි ගොඩක්ම බත් කන එකනෙ කරන්නෙ. ඊට අමතරව අග්ගලා වගේ සුළු කෑමක් තමා හදන්නෙ. හැබැයි හාල් වලින් වෙනස් වෙනස් කෑම වර්ග ගණනාවක්ම හදන්න පුළුවන්. අද අපි කියන්න හදන්නෙ හාල් වලින් හදන්න පුළුවන් වෙනස් විදියෙ කෑම ජාති ටිකක් ගැනයි. ඔයාලත් ට්‍රයි කරලා බලන්න. 

 

1. හාල් පෑන් කේක් (Raw Rice Vegetable Pancake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැකුළු හාල් කෝප්ප 1
  2. චොප් කරගත් ඉඟුරු 
  3. චොප් කරගත් අමුමිරිස් කරල් 2 
  4. වතුර 
  5. තම්බා ගත් අල ගෙඩි 2
  6. ලුණු කුඩු ස්වල්පයක් 
  7. චොප් කරගත් ළූණු ගෙඩි 1 
  8. කරපිංචා ස්වල්පයක් 
  9. ග්‍රේට් කරගත් කැරට් අල 1 
  10. පොඩියට කපාගත් මාළුමිරිස් 
  11. චොප් කරගත් තක්කාලි 
  12. යෝගට් කෝප්ප 1/4
  13. බේකින් සෝඩා තේ හැඳි 1 
  14. තෙල් 

 

  • කැකුළු හාල් ගෙන හොඳින් සෝදා පැය 4ක් විතර පොඟවා ගන්න. ඉඟුරු සහ අමුමිරිස් පේස්ට් එකක් එන විදිහට බ්ලෙන්ඩ් කරගෙන පැත්තකින් තියාගන්න. 
  • හාල් හොඳින් පොඟවා ගත්තාට පස්සෙ වතුර ටික බේරාගන්න. බ්ලෙන්ඩරයට හාල්, වතුර කෝප්ප 1/2, තම්බා ගත් අල දාලා බ්ලෙන්ඩ් කරගන්න. එයට වතුර තව කෝප්ප 1 /2 දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් ඒ හදා ගත්ත බැටර් එක වෙනම බෝල් එකකට දා ගන්න. ඒකටම කලින් සාදා ගත් ඉඟුරු අමුමිරිස් පේස්ට් එක එක් කර හොඳින් කලවම් කරන්න. 
  • ඒකටම ලුණු, ළූණු, කරපිංචා, කැරට්, මාළුමිරිස්, තක්කාලි දාලා හොඳට කලවම් කරන්න. යෝගට් ටිකත් දාලා හොඳින් කලවම් කරන්න. බේකින් සෝඩා දාලා නැවත කලවම් කරන්න. 
  • දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් තවරගෙන බැටර් එකෙන් පෑන් කේක් එකක් දා ගන්න. පියනකින් වහලා අඩු ගින්නෙන් විනාඩි 2 – 3 ක් පිසගන්න. 
  • පෑන්කේක් එක අනිත් පැත්ත හරවලා තව විනාඩි 2 ක් විතර පියන වහලා පිසගන්න. 

 

2. හාල් ස්නැක්ස් (Raw Rice Snacks) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සෝදා දියබේරාගත් කැකුළු හාල් කෝප්ප 1 /2
  2. වියළි අමුමිරිස් කරල් 4
  3. රටකජු කෝප්ප 1/4
  4. චොප්කරගත් ළූණු ගෙඩි කෝප්ප 1 /4
  5. කරපිංචා 
  6. කොත්තමල්ලි කොළ 
  7. සූදුරු තේ හැඳි 1 /2
  8. ලුණු කුඩු ස්වල්පයක් 
  9. දෙහි යුෂ 
  10. වතුර 
  11. බැදගැනීමට තෙල්

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට කැකුළු හාල්, වියළි අමුමිරිස් කරල්, රටකජු දාලා අඩු ගින්නෙන් හාල් වල පැහැය වෙනස් වෙනකන් බැදගන්න. 
  • මේ මිශ්‍රණය පවුඩර් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න. දැන් ඒ පවුඩර් එක වෙනම බෝල් එකකට දා ගන්න. ඒකටම ළූණු, කරපිංචා, කොත්තමල්ලි කොළ සූදුරු, ලුණු, දෙහි යුෂ දාලා හොඳින් අතින් කලවම් කර ගන්න. 
  • වතුර ටිකක් දාලා ඩෝ එකක් එන විදියට අනා ගන්න. ඒකෙන් පොඩි බෝල හදාගන්න. දැන් මේ හදාගත්ත බෝල ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. 

 

3. එරියප්පා (Eriyappa) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැකුළු හාල් කෝප්ප 1 (පැය 3 ක් විතර පෙඟෙන්න තියලා වතුර බේරාගත් හාල්)
  2. ගාගත් පොල් කෝප්ප 1/2
  3. පොරි කෝප්ප 1 /2
  4. ලුණු කුඩු තේ හැඳි 1 /4
  5. එනසාල් පවුඩර් තේ හැඳි 1 /4
  6. වතුර මේස හැඳි 2 
  7. හකුරු කෝප්ප 1 /2

 

  • බ්ලෙන්ඩර් එකට කැකුළු හාල්, පොල් කුඩු, පොරි, ලුණු, එනසාල් පවුඩර්, වතුර දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊළඟට ඒකට හකුරු එක් කරන්න. බැටර් එකක් වගේ වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. 
  • තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියන්න. සාදා ගත් බැටර් එකෙන් ටිකෙන් ටික දා ගෙන බැදගන්න. හොඳට දෙපැත්තම රන්වන් පැහැවන තුරු බැදගන්න. මේකෙ අපි හදන හැඳි කැවුම් වගේ හැඩයක් තමා එන්නෙ.

 

4. හාල් ලඩ්ඩු (Rice Laddu) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල් පොඟවා පිටි කරගෙන කෝප්ප 1
  2. එනසාල් කුඩු තේ හැඳි 1/4
  3. කුඩු කරගත් සීනි කෝප්ප 1/2
  4. ගාගත් පොල් කෝප්ප 1/2
  5. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3/4
  6. කපාගත් කජු ටිකක්
  7. ගී ටිකක්

 

  • පෑන් එකක් අරගෙන ලිපේ තියලා ඒකට හාල්පිටි දාලා බැදගන්න. දැන් ඒකට පොල් ටික එක් කරන්න. නැවත හොඳින් බැදගන්න. 
  • මේකට කිරි ටික එකතු කරන් අඩු ගින්දරේ මිශ්‍ර කරන්න. ඒකටම සීනි ටික සහ එනසාල් කුඩු එකතු කරල හොඳින් කලවම් කරන්න.
  • ලිප නිවාගෙන තව තප්පර 30ක් විතර කලවම් කරන්න. පියනකින් වහලා විනාඩි 7-8ක් තියන්න. 
  • දැන් මේකට කජු ටික දාල හොඳට අනාගන්න. අතේ ගී ටිකක් ගාගෙන මිද්‍රණයෙන් ලඩ්ඩු බෝල හදාගන්න. මිශ්‍රණය බෝල හදන්න වියළි ගතියට දැනෙනවා නම් උණු කරගත් ෆ්‍රෙශ් මිල්ක් හෝ ගී ටිකක් අවශ්‍ය තරමට එකතු කරගන්න.  

 

5. හාල් තෝසෙ (Raw Rice Dosa) 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල් කෝප්ප 4
  2. උළුහාල් ස්වල්පයක් 
  3. උඳු ඇට කෝප්ප 1
  4. ලුණු කුඩු ස්වල්පයක් 
  5. වතුර

 

  • බෝල් එකක් අරගෙන එකකට සෝදාගත් හාල්, උළුහාල් හා වතුර දාලා පැය 5 ක් විතර පෙඟෙන්න තියන්න. වෙනම බෝල් එකක් ගෙන එයට සෝදාගත් උඳුඇට හා වතුර දාලා පැය 3 ක් විතර පෙඟෙන්න තියන්න. 
  • දැන් හාල් එක ස්මුත් බැටර් එකක් එන විදිහට බ්ලෙන්ඩ් කරන්න. ඊළඟට උඳු ඇට එකත් ඒ විදිහටම බ්ලෙන්ඩ් කරගන්න. 
  • ඒ බැටර් දෙකම එකම භාජනයකට දා ගන්න. හොඳින් කලවම් කරන්න. පැය 8ක් විතර තියන්න. 
  • පැය 8කට පසු ලුණු කුඩු හා අවශ්‍ය පමණ වතුර දාලා නැවත හොඳින් කලවම් කරන්න. තෝසෙ තැටියකට තෙල් හෝ ගී ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාල තෝසෙ හදාගන්න.

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago