අනියම් සම්බන්ධතා වර්ගත් තියෙනවද? ඔව්, ඒ මේවා තමයි!

දැන් අනියම් සම්බන්ධතාවයක් කිව්වහම ඕන කෙනෙක්ට ලේසියෙන්ම තේරෙනවනේ මොකද්ද කියලා. එක්කෝ තමන් විවාහ වෙලා හරි, ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නකොට හරි තවත් කෙනෙක් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් තියාගන්න එක අනියම් සම්බන්ධතාවයක්. හැබැයි ඒක අනියම් සම්බන්ධතාවයක් වෙන්නේ තමන්ගේ පාට්නර් ඒ ගැන දන්නෙ නැති නම්. එතකොට තමන් සිංගල් වුණත්, විවාහ වෙලා හෝ ප්‍රේම සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න එකත් අනියම් සම්බන්ධතාවයක්. එතනදිත් තමන් එක්ක අනියම් සම්බන්ධතාවයේ ඉන්න කෙනාගේ පාට්නර් මේ ගැන දන්නෙ නැති වෙන්න ඕන.

 

හරි, දැන් ඔහොම පොදුවේ හැම එකකටම අනියම් සම්බන්ධතා කිව්වට, අනියම් සම්බන්ධතා වලත් වර්ග තියෙනවා. ආන්න ඒ අනියම් සම්බන්ධතා වර්ග ගැන දැනගෙන ඉන්න එක කවදා හරි ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේ අනියම් සම්බන්ධතා වර්ග කිහිපයක් විදියට අරගෙන පොඩ්ඩක් පැහැදිළි කරන්න හිතුවේ.

 

 

1. ලිංගික සම්බන්ධතා

 

මේක ඉතින් අපිට ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙන බොහොම සුලභ සම්බන්ධතා ටයිප් එකනේ. මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ ප්‍රධාන කොටම ලිංගික සම්බන්ධතාවය, ඒ කියන්නේ සෙක්ස් පදනම් වෙලා එෆෙයාර් එකක් ඇතිවෙන එක. හැබැයි එහෙම ඇතිවෙන අනියම් සම්බන්ධතාවයක් පහළ කියලා තියෙන වෙනත් සමහර සම්බන්ධතා දක්වා දීර්ඝ වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් පහළ කියලා තියෙන විදි වලට පටන් ගන්න සමහර සම්බන්ධතා සෙක්ෂුවර් එෆෙයාර් එකක් දක්වා යන්නත් පුළුවන්. මේ වගේ සම්බන්ධතාවයක් ප්‍රාථමිකව ෆෝකස් වෙන්නේ සෙක්ස් කිරීම මත. දෙන්නට දෙන්නා යම් තාක් දුරක මානසික බැඳීමක් තියෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රධාන වෙන්නේ සෙක්ස් කිරිල්ල තමයි. ගොඩක් වෙලාවට අර ආත්මීය බැඳීම්, තදබල මානසික බැඳීම් මෙතනදී ඇතිවෙනවා අඩුයි. හැබැයි මෙහෙම සෙක්ෂුවල් එෆෙයාර් එකකදී එක්කෙනෙක් එහෙම ලොකු මානසික බැඳීමක් නැතුව සෙක්ස් විතරක් බලාපොරොත්තු වෙනකොට, අනික් කෙනා ඊට වඩා මානසික බැඳීමකට යන්නත් බැරි කමක් නෑ!

 

 

2. හැඟීම් සම්බන්ධතා

 

මේ කියන්නේ සෙක්ෂුවල් සම්බන්ධතාවයකට වඩා ගැඹුරින්, මානසික මට්ටමකින් දැනෙන අනියම් සම්බන්ධතාවයක් ගැන. මෙතනදී ඇත්තටම ලිංගික සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ කියන්න පුළුවන්. ඊට වඩා දෙන්නා අතරේ හෙමින් හෙමින් ඇති වෙන්නේ ගැඹුරු මානසික සම්බන්ධතාවයක්. ඒක පටන් ගන්නේ යාළුමිත්‍ර කමකින් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ සම්බන්ධතාවයකට අනියම් සම්බන්ධතාවයක් කියලා කියන්නත් බැරි තරම්. හැබැයි කොයි තරම් ගැඹුරට ගියත්, මේ විදියේ සම්බන්ධතාවයකට සෙක්ස් කියන දේ පදනම් වෙන්නෙ හෝ, සෙක්ස් කියන දේ ගෑවෙන්නෙ නෑ. ඇත්තටම තමන් ඉන්න නියම සම්බන්ධතාවය ඇතුළේ මානසිකව සංතෘප්ත වෙන්නෙ නැති නිසා මේ වගේ සම්බන්ධතා ඇතිවෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් එහෙම තමන් ඉන්න ප්‍රේම සම්බන්ධතාවය හෝ විවාහය ඇතුළේ මානසික තෘප්තිය පිළිබඳ කිසිම ගැටළුවක් නැතත් මෙහෙම සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්.

 

 

3. ඔන්ලයින් සම්බන්ධතා

 

අපි මේ ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම වගේ ඩිජිටල්කරණය වුණු ලෝකෙකනේ. අපි සෑහෙන්න මානව සම්බන්ධතා පවා ගොඩක් දුරට පවත්වා ගෙන යන්නේ අපේ අතේ තියෙන ස්මාට්ෆෝන් එක හරි කම්පියුටර් එක හරි ඔස්සේ. ඉතින් එහෙම ලෝකෙක සම්පූර්ණයෙන්ම ඩිජිටල් ලෝකය මත පදනම් වුණු ඔන්ලයින් සම්බන්ධතා තියෙන්නත් බැරිද? අපොයි බැරි මොකද, ඕන තරම් තියෙනවා. මෙතනදී හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට සම්බන්ධයක් ඔන්ලයින් සම්බන්ධයක් විදියට වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ, ඒක සම්පූර්ණයෙන්ම ඩිජිටල් සන්නිවේදනය මත පදනම් වෙනවා නම් තමයි. හැබැයි ඒ ඔන්ලයින් සම්බන්ධතා අපේ මේ ලැයිස්තුවේ කියලා තියෙන වෙනත් සම්බන්ධතා කාණ්ඩයට දාගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කියමු ෆේස්බුක් එකෙන් මුණගැහිලා, හායි හලෝ කියලා ඒක හැඟීම්බර සම්බන්ධතාවයක් බවට පෙරලුනා කියලා. ඒක එහෙමම ඔන්ලයින් එකේම දිගින් දිගට යන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඔන්ලයින් චැට් කරලා ෆිට් වෙලා, ඊට පස්සේ ඔන්ලයින්ම සෙක්ස් කරන ලෙවල් එකට යන සම්බන්ධතා තියෙන්නත් පුළුවන්. හැබැයි ඇත්ත ලෝකේ කිසිම හමුවීමක් නෑ.

 

 

4. එක දවසයි, ටටා බායි සම්බන්ධතා

 

මෙන්න මේ විදියේ සම්බන්ධතා ගොඩක් දෙනෙක් දන්නේ වන් නයිට් ස්ටෑන්ඩ් කියලා කිව්වොත් තමයි. ඒ කියන්නේ එක දවසක් හෝ දෙකක් හෝ කීපයක් ඇතුළත තමයි සම්පූර්ණ සම්බන්ධතාවයම තියෙන්නේ. හැබැයි මෙතනදී අපි කතා කරන්නේ වන් නයිට් ස්ටෑන්ඩ් එකක් අනියම් සම්බන්ධතාවයක් වීම ගැන. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. අපි කසාද බැඳලා ඉන්නේ. ඔන්න අපිට එක දවසක් අහම්බෙන් මුණගැහෙනවා මනුස්සයෙක්ව. මේ කෙනා එක්ක අපි පටස් ගාලා ක්ලික් වෙනවා. දෙන්නට දෙන්නා කෙරෙහි ලොකු ආකර්ෂණයක් දැනෙනවා. ඉතින් ඔන්න දෙන්නත් එක්ක කතා බස් කරනවා. මෙහෙම කතාබස් කරලා, දැන අඳුන ගන්න එක ටිකෙන් ටික දුරදිග යනවා. අන්තිමට මේක ඉවර වෙන්නේ එදාම රෑ දෙන්නත් එක්ක ඇඳට ගිහිල්ලා. හැබැයි දෙන්නම එකඟ වෙනවා මේක එදා රැයින් ඉවරයි කියලා. පහුවෙනිදට දෙන්නා ටටා බායි කියලා තමන් ආපු දිහාස් වලටම යනවා!

 

 

5. හිත වෙනතක යොමු කරන්න සම්බන්ධතා

 

මේවා නම් සෑහෙන්න දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ සම්බන්ධතාවයකට කෙනෙක් පෙළඹෙන්නේ, ඒක වරදක් කියලා හිතාගෙනත් නෙවෙයි. උදාහරණයක් විදියට අපි කියමු පවුල ඇතුළේ ප්‍රශ්න කියලා. හස්බන්ඩ් දකින්නේ තමන්ගේ වැරදිමයි, තමන් එක්ක හස්බන්ඩ් එළියට ගියපු කාලයක් මතක නෑ. අන්න ඒ වගේ මොහොතකදී වයිෆ් තමන්ට සමීප වෙන යාළුවෙක් එක්ක හිතින් කිට්ටු වෙන්න පුළුවන්. එතනදී වයිෆ් හොයන්නේ තමන්ට විවාහ ජීවිතේ ඇතුළේ මිස් වෙලා තියෙන දෙයක්. එහෙම නැතිනම් තව උදාහරණයක් ගමු. හස්බන්ඩ්ට ඔෆිස් එකෙත් සෑහෙන්න ප්‍රශ්න. හැබැයි ගෙදර වයිෆ් එව්වා ගණන් ගන්න තාලේ කෙනෙක් නෙවෙයි. ඉතින් හස්බන්ඩ්ට තමන්ගේ ප්‍රශ්න කියාගන්න කෙනෙකුත් නෑ. ඒ පීඩනය ඔළුවේ හිරකරගෙන ඉන්නත් බෑ. අන්න එහෙම වෙලාවක තමන් ගැන හොයා බලන, තමන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්න, ඒවාට පුළුවන් නම් උපදෙස් දෙන එකට ජොබ් එක කරන ගෑණු ළමයෙක්ට දන්නෙම නැතුව හිත යන්න පුළුවන්. තමන් ඉන්න පීඩනයෙන්, ප්‍රශ්න වලින් ගැලවෙන්න පටන් ගත්තත්, මේ වගේ එෆෙයාර් එකක් සෙක්ස් දක්වා හෝ ලව් දක්වා දුරදිග යන්නත් පුළුවන්!

 

 

6. දෙලොවක ජීවත් වෙන සම්බන්ධතා

 

මේක නම් ඉතින් ලේසි පාසු මනුස්සයෙක්ට කරන්න පුළුවන් සම්බන්ධතාවයක් නෙවෙයි. අවදානමත් වැඩියි, තමන්ට හරියට කළමනාකරණය කරගන්න හොඳ හැකියාවක් නැති නම්, ඒක තමන්ගේ වෘත්තිය ජීවිතයට වගේම පුද්ගලික ජීවිතයටත් නරකට බලපාන්න තියෙන ඉඩත් වැඩියි. මේ දෙලොවක ජීවත් වෙන සම්බන්ධතා කියන්නේ, මනුස්සයෙක් දෙන්නෙක් එක්ක එක් වර සීරියස් සම්බන්ධතාවයන් දෙකක් තියාගෙන යන එකට. ඒ කියන්නේ දෙන්නා එක්කම තියෙන්නේ සෙක්ස් සහ ලව් විතරක් නෙවෙයි. ඒවත් එක්කම, දෙන්නත් එක්කම සීරියස් ලයිෆ් එක ෂෙයාර් කරගන්න විදියේ සම්බන්ධතා තමයි මේ. ගොඩක් වෙලාවට දෙන්නත් එක්කම බොහොම ආත්මීය තලයකින් සම්බන්ධ වෙලා තමයි මෙහෙම සම්බන්ධතා යන්නේ. හැබැයි ඉතින් අපි කලිනුත් කියපු විදියට මෙහෙම දෙයක් මැනේජ් කරගන්න මාරම සුපර් චරිතයක් වෙන්න ඕන. ඇයි ඉතින් අපි හැමෝටම දවසකට තියෙන්නේ පැය 24 යි නේ. ඕක ඇතුළේ තමයි ඔක්කොම කරන්න වෙන්නේ!

 

 

7. එකක් පස්සේ එකක් සම්බන්ධතා

 

මේ කියන්නේ අර දවස් කීපයක්, සති කීපයක් එක සම්බන්ධතාවයක් තියාගෙන ඉඳලා, ඒකෙන් පස්සේ ඒ වගේම තව සම්බන්ධතාවයකට යන තාලේ එව්වා. ගොඩක් වෙලාවට ප්ලේබෝයි ටයිප්, ප්ලේගර්ල් ටයිප් ගෑණු පිරිමි තමයි මේ සම්බන්ධතා එකකට පස්සේ එකක් කරගෙන යන්නේ. මෙව්වා සියේට සීයක්ම වගේ සෙක්ස් පදනම් වුණු සම්බන්ධතා කියන්නත් පුළුවන්. දැන් ඔහොම එකක් පස්සේ එකක් සම්බන්ධතා කරගෙන යනකොට, තමන්ටම කියලා පාට්නර් කෙනෙකුත් ඉන්නවා නම් තමයි මෙව්වා අනියම් සම්බන්ධතා ගණයට වැටෙන්නේ! සාමාන්‍යයෙන් මේ වගේ සම්බන්ධතා වල ඉන්න කෙනෙක් අහුවුණත්, අහුවුණහම ආයෙ කරන්නෙ නෑ කිව්වත්, ඇත්තටම එහෙම කරන එක නවත්තන්නෙත් නෑ. සමහරු කියනවා මෙහෙම සීරියල් එෆෙයාර්ස් වලට යන්නේ සෙක්ස් වලට ඇබ්බැහි වුණු උදවිය කියලා. වෙන්නත් පුළුවන් ඉතින්!

 

 

දැන් එතකොට මේ අනියම් සම්බන්ධතා කියන එව්වා හොඳයිද? එහෙනම් නරකයිද? ඇත්තටම මහත්තයෝ, ඇත්තටම නෝනා ඔව්වා ගැන මෙහෙම සරලව කතාබහ කරන්න බැහැ. විශේෂයෙන්ම අපිට අනියම් සම්බන්ධතා හොඳයි කියලවත්, නරකයි කියලවත් කියන්නත් බෑ. මොකද, ඔය හැම එකක්ම පුද්ගලානුබද්ධයි. අන්න ඒ නිසා අනියම් සම්බන්ධතා සම්බන්ධයෙන් අපි ඊලඟ දවසකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *