Netflix හරහා විකාශනය වන The Crown කතා මාලාව මේ වන විට ලොව පුරා ජනතාවගේ දැඩි ආකර්ෂණයට හේතුවී තිබෙනවා. දෙවැනි එළිසබත් රැජිනගේ රාජ්‍ය කාලය ආරම්භය පටන් රජ පවුලේ විකාශනය සහ ගැටුම් මෙම කතා මාලාවට පාදක වනවා. මේ වන විට මෙහි කතාමාලා හතරක් විකාශය වී ඇති අතර පළමු කතා මාලා දෙකෙන් තරුණ එළිසබත් රැජිනවත් දෙවැනි කතා මාලා දෙකෙන් මැදිවියේ එළිසබෙත් රැජිනවත් නිරූපණය වීම සිදු වුණා. ඉදිරියේදී මහළු වියට පත් එළිසබත් රැජින සහ රජ පවුල මුහුණ දෙන අභියෝග පිළිබඳව කතා මාලාව විකාශනය වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් පවතිනවා. මේ නිසා අපි හිතුවා මේ කතා මාලාව පිළිබඳව තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්න.
1. දෙවන එළිසබත් රැජිනගේ ප්‍රතිචාරය
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා ඇති ආකාරයට දෙවැනි එළිසබෙත් රැජින ද මෙම කතාමාලාව නරඹා ඇති අතර මුල් කාලයේ දී ඇය එයට දැඩි උනන්දුවක් දැක්වුවත් පසුව එහි තරුණ පිලිප් කුමාරයා චාල්ස් කුමරුට අකාරුණික වූ බවට හැඟෙන ආකාරයට ඔහුගේ චරිතය ගොඩනඟා තිබීම පිළිබඳව විවේචනයක් දක්වා තිබෙනවා. කෙසේ නමුත් ඇය මේ පිළිබඳව කිසිවක් ප්‍රසිද්ධියේ පවසා නැහැ
2. අති දැවැන්ත වියදම
මෙහි පළමු කතා මාලා දෙකට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 130 ක් පමණ වැය වූ බවට වාර්තා වනවා. බොහෝ විචාරකයන්ට අනුව කතා මාලාවක් සඳහා වැය කළ වැඩිම මුදල වන්නේ ද මෙයයි. විශේෂයෙන්ම රාජකීය පසුතල සහ කලා අධ්‍යක්ෂණය සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවී ඇති අතර රඟපෑ නළු නිළියන් සඳහා ද ඉහළ මට්ටමින් ගෙවීම් සිදු කොට තිබෙනවා.
3. නිර්මාණකරුවා
මෙම කතා මාලාවේ නිර්මාණකරු පීටර් මෝර්ගන් වන අතර ඔහු මීට පෙර ද දෙවැනි එළිසබත් රැජින පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කොට තිබෙනවා. “The Queen” නම් වූ එම නිර්මාණය ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශ්වයේම ඉහළ ඇගයීම් වලට පාත්‍ර වූ අතර එහි රඟපෑ Helen Mirren හට බ්‍රිතාන්‍ය රජ පවුලේ ද ප්‍රසාදය හිමිවුණා. මෙයට අමතරව “The Audience” නමින් වේදිකා නාට්‍ය නිර්මාණයක් ද දෙවැනි එළිසබත් රැජිනගේ චරිතය වටා මෝගන් විසින් නිර්මාණය කොට තිබෙනවා.
4. පළමු කතාමාලා දෙකට සිටි එකම ඇමරිකානුවා
සාමාන්‍යයෙන් බොහෝ Netflix කතා මාලාවලට විවිධ සංස්කෘතික විවිධත්වයක් සහිත නළු නිළියන් සම්බන්ධ කර ගත්තත් මෙහි පළමු කතාමාලාවල සිටියේ එකම ඇමෙරිකානුවෙක් පමණයි. අනෙකුත් නළු නිළියන් සියල්ලම බ්‍රිතාන්‍ය ජාතිකයන් වුණා. එම ඇමරිකානුවා වූයේ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය රඟපෑ ජෝන් ලිත්ගෝයි. ඔහු විසින් එම චරිතය නිරූපණය කිරීම සඳහා දැඩි කැපවීමක් සිදු කොට තිබූ අතර ඇතැම් වාර්තා වල සඳහන් වන ආකාරයට චර්චිල්ගේ කටහඬ ලබා ගැනීම සඳහා ඔහු කපු පුළුන් පවා සිය නහය තුළ හිර කොට ගෙන තිබෙනවා.
5. එළිසබත් රැජින නොකළ දේ
The Crown කතාමාලාවේ පෙන්වන ආකාරයට දෙවැනි එළිසබත් රැජින සිය සොහොයුරිය වූ මාග්‍රට් කුමරිය සැලසුම් කළ ඇගේ පළමු විවාහයට විරුද්ධව සිටියේ නැහැ. කෙසේ නමුත් එවකට පැවති සම්ප්රදාය අනුව එම විවාහය සිදු කළහොත් ඇයට බ්‍රිතාන්‍ය සිහසුනට ඇති හිමිකම පමණක් ඉවත් කර ගෙන රාජකීයයෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට දෙවැනි එළිසබත් රැජින කටයුතු කොට තිබුණ නමුත් කතා මාලාව තුළ මාග්‍රට් කුමරියගේ එම සම්බන්ධතාවය බිඳ වැටීම කෙරෙහි එළිසබත් රැජින යම් දායකත්වයක් ලබා දෙන ආකාරයට නිරූපණය ව තිබෙනවා.
6. පිලිප් කුමරු නොකළ දේ
මෙම කතා මාලාවේ ඇති තවත් පරස්පරයන් වන්නේ එහි දෙවැනි එළිසබත් රැජිනගේ රාජාභිෂේක මංගල්‍යයේදී පිලිප් කුමරු ඇය ඉදිරියේ දණ නැවීම ප්‍රතික්ෂේප කළ බවට සඳහන් වන ආකාරයට එම චරිතය විකාශනය කොට තිබීමයි. නමුත් එවැනි දෙයක් කිසිසේත් සිදු නොවූ අතර පිලිප් කුමරු එම රාජාභිෂේක මංගල්‍යය සංවිධානය කිරීමෙහි විශාල වැඩ කොටසක් සිදු කරනු ලැබුවා.
7. බකිංහැම් මාළිගයේ රූගත නොවූ කතාමාලාව
මෙම කතාමාලාව නැරඹූ බොහෝ ප්‍රේක්ෂකයින් විශ්වාස කරන්නේ මෙම කතාමාලාව සම්පූර්ණයෙන්ම පාහේ බකිංහැම් මාළිගය කුලීපදනම මත ලබාගෙන රූගත කළ බවයි. නමුත් එය වැරදි මතයක්. මෙහි කලා අධ්‍යක්ෂකවරු දැඩි පරිශ්‍රමයක් දරා පසුතල වලට අවශ්‍ය මාළිගාවේ කොටස් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළා.එහිදී ඔවුන් කුඩා තොරතුරු වලට පවා අවධානය යොමු කර තිබූ අතර ගෘහ භාණ්ඩ, ආභරණ සහ ඇඳුම් ආදිය ද ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ව තිබුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply