ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවන කොටස

අපි මේ වෙනකොට සෑහෙන්න වෙබ් අඩවි ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම ඉන්ටර්නෙට් එකේ වෙබ් අඩවි කීයක් විතර නම් මේ වෙනකොට තියෙනවා ඇතිද? බිලියන ගාණෙන් තියෙන්නේ, බිලියන ගාණෙන්! හැබැයි සක්‍රිය වෙබ් අඩවි ගාණ නම් මිලියන 200 ක් වගේ. ඒකත් ඉතින් සෑහෙන්න ලොකු ගාණක්නේ! ඉතින් ඔය මිලියන 200 කටත් වඩා වෙබ් අඩවි වලින් අපි දන්නේ කීයෙන් කීයද? ඔතනින් අපි අහලවත් නැති, ඒත් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන වෙබ් අඩවි තියෙනවා. අන්න ඒ වෙබ් අඩවි වලින් කිහිපයක ලැයිස්තුවක් තමයි මේ!

 

1. tools.techjunkie.com

අපිට ඔය වැඩකටයුතු කරනකොට PDF ෆයිල්ස් මුණගැහෙනවනේ. ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ PDF ෆයිල්ස් කියවන්න විතරක් වුණාට, සමහර වෙලාවට PDF කපන්න කොටන්න වගේ වැඩත් සෙට් වෙනවා. එක්කෝ PDF එකක තියෙන කොටසක් හරි පිටුවක් හරි පිටු කීපයක් හරි වෙනත් PDF එකක් විදියට සේව් කරන්න, PDF දෙකක් එකතු කරලා එක PDF එකක් කරන්න, PDF එකකට පාස්වර්ඩ් දාන්න, පාස්වර්ඩ් දාපු PDF එකක් අන්ලොක් කරන්න, PDF එකක අපේ ඊ-සිග්නේචර් එක දාන්න, PDF ඉමේජ් බවට හරි වර්ඩ් ඩොකියුමන්ට් බවට හරි වෙන මොකක් හරි ෆෝමැට් එකකට හරි හරවන්න වගේ වැඩ කරගන්න වෙනවා. ආන්න එතකොට පිහිටට එන්නේ මේ tools.techjunkie.com වෙබ් එක තමයි. මේකෙන් PDF වැඩ කිඩ විතරක් නෙවෙයි, වීඩියෝස්, ඉමේජස් එක්ක වැඩ කිඩ දාන්නත් පුළුවන්! හිතනවට වඩා සෑහෙන්න ප්‍රයෝජනවත් මේ වෙබ් අඩවිය!

 

2. Panzoid.com

දැන් ඔය යූටියුබ් චැනල් එකක් එහෙම කරන කෙනෙක්ට, නිකම්ම ෂූට් කරපු එකක් දානවට වඩා, හොඳ ආතල් ඇනිමේෂන් එකක් එහෙම තියෙන සුපිරි ඉන්ට්‍රො එකක් දාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක සෑහෙන්න වටිනවා. අන්න ඒකට තමන්ට ගිහින් ඇනිමේෂන් ඉන්ට්‍රෝ හදනවට වඩා සෑහෙන්න පහසුයි, හදපු ඇනිමේෂන් ඉන්ට්‍රෝ එකක්ම පාවිච්චි කරන්න තියෙනවා නම්. ආන්න ඒකට ගැලපෙනම තැන තමයි Panzoid.com කියන්නේ. මේකට ගියාට පස්සේ මේකේ තියෙන පිස්සු හැදෙන තාලේ ඇනිමේෂන් වලින් ඕනම එකක් තෝරලා, ඒක තමන්ට ඕන කරන වදන් අනං මනං දාලා ගාණට කස්ටමයිස් කරගන්න පුළුවන්. එහෙම කළාට පස්සේ තියෙන්නේ ඉන්ට්‍රෝ එක වීඩියෝ ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගෙන, තමන්ගේ වීඩියෝ එකේ මුලට හරි මැදට හරි අගට හරි ඕන තැනකට එඩිට් කරගන්න තමයි!

 

3. Infogram

අපි ඉන්ස්ටග්‍රෑම් නං දන්නවනේ. හැබැයි අහල තියෙනවද ඉන්ෆොග්‍රෑම් ගැන? විශේෂයෙන්ම ඔය ඩේටා විෂුවලයිසේෂන් නැතිනම් ඩේටා හරි ලස්සන විදියට පෙළ ගස්වලා ඉදිරිපත් කරන්න අවශ්‍ය අයට මේක මරු වෙබ් එකක්. ඇත්තටම මේක ප්‍රධාන වශයෙන්ම ඔය ඉන්ෆොග්‍රැෆික් නිර්මාණයට සුදුසු ටූල් එකක් වුනාට, එතනින් නතර වෙන්න අවශ්‍ය නැහැ. ඉන්ෆොග්‍රැෆික් ඇරෙන්න විවිධ රිපෝට්ස්, ස්ලයිඩ් ෂෝස්, ප්‍රසන්ටේෂන්, ඩෑෂ්බෝඩ්ස්, මැප්ස්, සෝෂල් මීඩියා විෂුවල්ස් වගේ සෑහෙන්න පරාසයක වැඩ කොටසක් මේ වෙබ් සයිට් එකේ තියෙන ටූල්ස් ඔස්සේ නිර්මාණය කරගන්න පුළුවන්. ඕන නම් ටීම් එකකටම එක පාර මේකෙන් එකම ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න එහෙමත් පුලුවන්. තව සෑහෙන්න පහසුකම් තියෙනවා!

 

4. MuscleWiki

දැන් කාලේ අපි හැමෝම වගේ ගොඩක්ම වෙලාවට එක තැනකට වෙලානේ කාලය ගත කරන්නේ. විශේෂයෙන්ම ඔෆිස් යන්නෙත් නැතුව ගෙදර ඉඳන් වැඩ කරනවා කියන්නේ ඉස්සර තරමට වත් ඇඟට එක්සයිස් එකක් ලැබෙන්නෙ නෑ. හැබැයි ඉතින් සමහරු එහෙමයි කියලා ජිම් එකකට යන්නත් කැමති නෑ. ඒත් ගැටළුවක් නෑ. යන්න MuscleWiki.com වෙබ් අඩවියට. ඒකේ තියෙනවා මනුස්සයෙක්ගේ ඉස්සරහයි පිටුපස්සයි පෙන්නන පින්තූර දෙකක්. ඒකෙන් තමන්ගේ ඇඟේ අඩු කරගන්න ඕන කියලා හරි, ටෝන් කරගන්න ඕන කියලා හිතෙන හරි, තව ගාණකට වැඩි කරගෙන ලස්සන කරගන්න ඕන කියලා හිතෙන හරි බොඩි පාට්‍ එකක් ක්ලික් කරන්න. ආන්න එතකොට ඒ බොඩි පාට් එකට අදාළව කරන්න පුළුවන් එක්සයිස් ලිස්ට් එකක් අපිට ලැබෙනවා. දැන් කරදරයක් නැතුව අපිටම ගෙදර ඉඳන් අපේ ඇඟට ගැලපෙන වර්ක්අවුට් ප්ලෑන් එක හදාගන්න පුළුවන්!

 

5. Imagecolorizer

දැන් ඔය අපේ තියෙන පරණ ෆොටෝස් ආයෙමත් අලුත් වගේ ලස්සනට හදාගන්න නම් මොකද කරන්න වෙන්නේ? ෆොටෝෂොප් දන්න කෙනෙක්ට දෙන්න වෙනවා. හැබයි ඉතින් ඒකට වෙලාවක් සහ මුදලක් යනවා. හැබැයි මේ Imagecolorizer වෙබ් අඩවියෙන් ඒ වැඩේ නොමිලේම වගේ කරලා දෙනවා. ඒකේ තියෙන AI Colorize ඔප්ෂන් එක පාවිච්චි කරලා අපිට බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකක් ඒකට අප්ලෝඩ් කරලා, ඒක වර්ණ ගන්වා ගන්න පුළුවන්. ඒ වගේම ඒකේ තියෙන තවත් ෆීචර් එකක් වෙන AI Repair ඔප්ෂන් එකෙන් ඔය ඩැමේජ් වෙලා, ඉරි ගිහිල්ලා එහෙම තියෙන පරණ ෆොටෝ එකක් ආයෙමත් තිබ්බා වගේම ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ වෙබ් එකේ සල්ලි දීලා ගන්න තියෙන සංස්කරණයෙන් අපේ පරණ ෆොටෝස් සඳහා AI Enhance සහ AI Retouch කියන ෆීචර්ස් පාවිච්චි කරන්නත් පුළුවන්! 

 

6. textbooks.solutions

දැන් ඉස්කෝලේ යනකොට නං අපිට පාඩම් වලට ඕන ටෙක්ස්ට් බුක්ස් නැතිනම් අච්චු පොත් ඉස්කෝලෙන්ම දුන්නනේ. හැබැයි එතනින් එහාට උසස් අධ්‍යාපනය හදාරනවා නම්, එතකොට මොනවා හරි විෂයක් ගැන තමන් තනියම ඉගෙන ගන්නවා නම් එහෙම අපිට ඊට වඩා ටෙක්ස්ට් බුක්ස් අවශ්‍ය වෙනවා. හැබැයි ගැටළුව තියෙන්නේ ඒ සමහර ටෙක්ස්ට් බුක්ස් හොයාගන්න නෑ කොහේවත්. එක්කෝ හොයාගත්තත් තියෙන්නේ පරණ සංස්කරණ. ආන්න ඒ ප්‍රශ්නෙට යම් තාක් දුරකට විසඳුමක් ලබාදෙන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි මේ. මේ වෙබ් එකේ තියෙනවා ගණිතයේ, භෞතික විද්‍යාවේ, රසායන විදියාවේ ඉඳලා යාන්ත්‍රික විද්‍යාව, භාෂා, වෛද්‍ය, ඉලෙක්ට්‍රොනික්ස් සහ තවත් ඔය කැම්පස් වල උගන්වන සබ්ජෙක්ට්ස් වලට අදාළ ටෙක්ස්ට් බුක්ස්. ඩවුන්ලෝඩ් කරන්න මේකේ ඊබුක්ස් එකොළොස්දාහකට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

 

7. Mathway

සමහරුන්ට ඉතින් ඔය ගණිතය කියන්නේ වහකදුරු වගේ විෂයක්නේ. හැබැයි ඉතින් දන්න අය දන්නවා ගණිතය කියන්නේ කොයි තරම් ඉන්ටරෙස්ටින්ග් සබ්ජෙක්ට් එකක්ද කියලා.

 

හරි ගැටළුවක් නෑ. ඔන්න අපි හිතමු අපිට විසඳන්න වෙලාව යන, එහෙම නැතිනම් දන්නෙ නැති වීජ ගණිතමය ප්‍රශ්නයක් මතුවුණා කියලා. අර ඇල්ජිබ්‍රා කියන්නේ. අන්න ඒවා. එහෙමනම් යන්න තියෙන්නේ mathway.com වෙබ් අඩවියට. ගිහින් ඒකේ තියෙන චැට් පැනල් එකේ අපිට ඕන කරන වීජ ගණිතමය ගැටළුව සඳහන් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය f(x) = 6x+ 4x+6  වගේ ප්‍රශ්නයක් අහන්න. ආන්න එතකොට වෙබ් සයිට් එකෙන් අහනවා අපිට උත්තරේ ඕන කරන්නේ ප්‍රස්තාරයක් විදියටද එහෙම නැතිනම් වැලියු ටේබල් එකක් විදියටද යනාදී වශයෙන් උත්තරේ ලබාදෙන්න පුළුවන් ක්‍රම ගණනාවක්. ආන්න ඒවෑයින් අපිට ඕන එක තෝරගත්තහම උත්තරේ එනවා බබා වගේ. මේ වෙබ්සයිට් එකෙන් බොහොම සරල වීජ ගණිතමය ගැටළු වගේම සංකීර්ණ වීජගණීතමය ගැටළු දක්වා ඕනම එකක් විසඳන්න පුළුවන්!

 

මීට අමතරව, අපි මීට කලින් කතා කරලා තියෙන වෙබ් අඩවි ලිස්ට් එකත් පොඩ්ඩක් බලාගෙනම යන්න. 

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස

 

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවන කොටස

 

 

 

 

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වන කොටස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *