ජර්මනිය එක්සත් කිරීමට මුලපිරූ ප්‍රශියාව බිහි කළ විශිෂ්ටතම රණශූරයා ලෙස සැලකෙන්නේ මහා ෆ්‍රෙඩ්රික් රජුයි. නැපෝලියන් බොනපාට් විසින් ප්‍රශියාව ආක්‍රමණය කොට යටත් කිරීමෙන් අනතුරුව මහා ෆ්‍රෙඩ්රික් අධිරාජයාගේ සොහොන වෙත ගොස් ඔහුට ගෞරවාචාර දක්වා පවසා සිටියේ එතුමා ජීවතුන් අතර සිටියේ නම් තමන්ට කිසි දින ප්‍රශියාව යටත් කිරීමට හැකියාව නොලැබෙනු ඇති බවයි. මහා ෆ්‍රෙඩ්රික් තමන් සතු හමුදාව මනා ලෙස ප්‍රතිසංවිධානයට ලක් කළ අතර එසේම සිය බුද්ධිය මඟින් ශූර ලෙස යුද්ධ උපක්‍රම භාවිතා කර හමුදා ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා. අද මේ සටහන මගින් අපි ඔහුගේ ජීවන තතු සොයා බලමු.
1. අමිහිරි ළමා කාලය
මහා ෆ්‍රෙඩ්රික් රජුට තම ළමා කාලය තුළ ඔහුගේ පියාගේ පරිපාලනය නිසා පීඩා විඳීමට සිදු වුණා. සිය වැඩිමහල් පුත්‍රයා කමකට නැති මිනිසෙකු ලෙස සැලකූ ෆ්‍රෙඩ්රික් විලියම් රජු (පියා) කුඩා කල පටන් හමුදාමය පරිසරයක අත්දැකීම සිය පුත්‍රයාට ලබා දීමට උත්සාහ කළා. මේ නිසාම වරක් ෆ්‍රෙඩ්රික් කුමරු සිය හොඳම මිතුරා සමග ප්‍රශියාවෙන් පළා යාමට උත්සාහ කළ අතර මෙය හසු වීමෙන් අනතුරුව ෆ්‍රෙඩ්රික් විලියම් රජු හොදම මිතුරාව ෆ්‍රෙඩ්රික් ඉදිරියේ මරා දැමීමට කටයුතු කළා.
2. යුද්ධය පිළිබඳව ලද හොඳම පාඩම
එවකට යුරෝපයේ සිටි හොඳම ජනරාල්වරයෙකු ලෙස සිටි සැවොයිහි ඉයුජින් කුමරු ෆ්‍රෙඩ්රික් හට කුඩා කාලයේ දී යුද්ධ උපායන් පිළිබඳව යම් ප්‍රායෝගික පාඩම් රැසක් කියා දෙනු ලැබුවා. ෆ්‍රෙඩ්රික් විලියම් රජු දිගින් දිගටම තම පුත්‍රයාව අවතක්සේරු කරද්දී ඉයුජින් කුමරු පවසා සිටියේ ෆ්‍රෙඩ්රික් අනාගතයෙහි විශිෂ්ටතම රණශූරයෙකු වන බවයි.
3. පළමු සංග්‍රාම පරාජය
පසු කලෙක යුරෝපයේ සිටි විශිෂ්ටතම රණ ශූරයා බවට පත් වුණත් මහා ෆ්‍රෙඩ්රික් රජුගේ පළමු සංග්‍රාමයේදී ලැබුණේ ලැජ්ජා සහගත පරාජයක්. එහිදී ඔහුගේ හමුදාව ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්. එය සිදුවී ඇත්තේ මෙසේයි. ඔස්ට්‍රියානුවන් සමග පැවති මෙම සටනේ දී පරාජය වනු ඇතැයි සිතූ ජනරාල්වරු කීපදෙනෙක් මහා ෆ්‍රෙඩ්රික් රජුට රහසේ පලා යන ලෙස උපදෙස් ලබාදුන්නා. මහා ෆ්රෙඩ්රික් රජු මෙම උපදෙස් පිළිගෙන පසුබැස ගිය අතර ඔහුගේ හමුදා පසුව ජයග්‍රහණය කරනු ලැබුවා. කෙසේ නමුත් මින් පාඩමක් ඉගෙන ගත් ඔහු ඉන් පසුව යුධෝපක්‍රමවලදී මනා සැලකිල්ලක් දැක්වූවා.
4. පළමු ප්‍රශියානු රජු
අතීතයේ දී ප්‍රශියාව ශුද්ධවූ රෝම අධිරාජ්‍යයේ කොටසක්ව පැවතීම නිසා ශුද්ධවූ රෝම අධිරාජ්‍යවරු ප්‍රශියාවේ පාලකයාට ප්‍රශියාවේ රජු යන නාමය භාවිතා කිරීමට අවසර ලබා දෙනු ලැබුවා. ඒ මගින් ඔවුන් සන්නිවේදනය කරනු ලැබුවේ ප්‍රශියාවෙන් පිටත ප්‍රදේශවලට ඔහු හට හිමිකමක් නැති බවයි. කෙසේ නමුත් රුසියාව සහ ඔස්ට්‍රියාව සමග අසල්වැසි පෝලන්තය බෙදා ගැනීමට තීරණය කළ ගත් මහා ෆ්රෙඩ්රික් රජු එතැන් පටන් සිය මව්බිමේ සීමාවෙන් එහාට ප්‍රශියාවේ පාලනය මෙහෙයවා ප්‍රශියානු රජු යන නාමය භාවිතා කිරීමට පටන් ගත්තා.
5. කලාකාමී රජු
යුරෝපයේ සමකාලීන පාලකයන්ට වඩා බුද්ධියෙන් ඉදිරියෙන් සිටි මහා ෆ්රෙඩ්රික් රජු කලාවට ප්‍රිය කරන්නෙකු වුණා. ඔහු විසින් තම රාජ සභාවට විවිධ සංගීතඥයන් හට ආරාධනා කළ අතර වාද්‍ය භාණ්ඩ කිහිපයක්ම ඔහු හට වාදනය කිරීමේ හැකියාව තිබුණා. එසේම ඔහු විසින් සංගීත නිර්මාණ කිහිපයක් ද රචනා කොට තිබෙනවා. මෙයට අමතරව වෝල්ටෙයාර් වැනි දාර්ශනිකයන්ගේ ද මිත්‍රයෙකු වූ ඔහු විවිධ අවස්ථාවල ඔවුන් රාජ සභාව වෙත කැඳවා සාකච්ඡා වල නිරත වුණා.
6. රජු රචනා කළ පොත
කුඩා කාලයේ පටන් කියවීමට දැඩි රුචියක් දැක්වූ මහා ෆ්රෙඩ්රික් රජු විවිධ මාතෘකා පිළිබඳව සිය අදහස් ලේඛනගත කිරීමට කටයුතු කළා. ඔහුගේ විශිෂ්ටතම ලියවිල්ල ලෙස සැලකෙන්නේ සුප්‍රකට මැකියාවෙලිගේ අදහස් විවේචනය කරමින් ප්‍රති මැකියාවෙලි (Anti – machiavelli) නමින් ඔහු විසින් රචනා කළ ලියවිල්ලයි. ඔහු විසින් තම රචනාව තම මිත්‍ර වෝල්ටෙයාර් වෙත යවා තිබුණු අතර එය කියවීමෙන් අනතුරුව වොල්ටෙයාර් එයට කොතරම් ඇලුම් කළාද කියතොත් ඔහු විසින් රජුට නොදන්වාම එය පළ කිරීමට කටයුතු කළා. කෙටි කාලයක් තුළ මුළු යුරෝපය පුරාම මෙම කෘතිය ජනප්‍රිය වුණා.
7. ඇමරිකා එක්සත් ජනපදය තුළ ජනප්‍රිය වීම
ඇමරිකා එක්සත් ජනපදය තුළ මහා ෆ්රෙඩ්රික් රජු අතිශයින් ජනප්‍රියත්වයට පත්වූයේ ඇමෙරිකානු විප්ලවයේ දී ප්‍රශියාව ඒ පිළිබඳව මධ්‍යස්ථ ආකල්පයක් දක්වා සිටීම නිසායි. එසේම ඇමරිකානුවන්ට අවශ්‍ය අවි ආයුධ ආදිය ප්‍රශියාව හරහා ලබා ගැනීමට අවශ්‍ය පසුබිම ඔහු විසින් සකස් කරනු ලැබුවා. මුල් කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය රාජාණ්ඩුවක් විය යුතු ද එසේත් නැතිනම් ජනරජයක් විය යුතුද යන විවාදය පැවති අතර ඇතැම් පාර්ශ්ව මහා ෆ්‍රෙඩ්රික් රජුගේ සොහොයුරෙකු ඇමරිකා එක්සත් ජනපදයේ රජු ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවටද අදහසක් මතු කළා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply