2019 වසරේ එළිදැක්වුණු පොත් වලට අදාළ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදාන උළෙල පසුගිය වසරේ පවත්වන්න නොහැකි වුණු නිසා සම්මාන ප්‍රදානය කරන්න හැකිවුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදීයි. අද අපි කතාකරන්නේ එහිදී සම්මාන වලට පාත්‍ර වුණු කෘතීන් කිහිපයක් ගැනයි. මෙම සම්මාන උළෙලේදී සිංහල භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් නිකුත් වුණු පොත් වලට සම්මාන 38 ක් හිමිවුණත්, අද අපි කතාකරන්නේ ඉන් ප්‍රධානම පෙළේ සම්මාන කිහිපයක් ගැනයි.
1. හොඳම නවකතාව
2020 අවුරුද්දේ හොඳම නවකතාවට හිමි සම්මානය හිමි වුණේ කැත්ලීන් ජයවර්ධන මහත්මිය රචනා කළ “ඉවුරු ගඟ සිඳී ගිය දා” කෘතියටයි. ඉතින් මේ පොත ගැන අපි මීට කලිනුත් කතා කළා “මෑත කාලයේ ආ, වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවූ Underrated සිංහල නවකතා” ගැන ලිපියෙන්.
මෑත කාලයේ ආ, වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවූ Underrated සිංහල නවකතා හතක්
ඉතින් මීට අමතරව පී. බී ජයසේකරගේ “අතකින් අම්මාය අතකින් මෙරමාය” සහ එරික් ඉලියප්ආරච්චිගේ “පේත” යන කෘති දෙකත් නිර්දේශ වුණා මේ සම්මානයට.
2. හොඳම කෙටිකතා සංග්‍රහය
මේ වසරේ හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානය ලබා ගත්තේ සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් රචනා කළ “සිතුවමින් නෙරපු කිඳුරෙක්” කෙටිකතා සංග්‍රහයයි. මේ කෘතියට අමතරව එරික් ඉලියප්ආරච්චිගේ “විශ්‍රාමික පෙම්වතිය” සහ අමාලි අනූපමා මල්ලවආරච්චිගේ “දං පඳුරට ආ රැහැයියා” යන කෙටිකතා ග්‍රන්ථ දෙකත් සම්මානයට නිර්දේශ වුණා.
3. හොඳම පරිවර්තනය (නවකතා)
මේ වසරේ හොඳම පරිවර්තන නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ ඩබ්ලිව් ඒ. අබේසිංහ විසින් පරිවර්තනය කරන ලද “මුල් කවය” කෘතියයි. එය ඇලෙක්සැන්ඩර් ඉසායේවිච් සොල්සෙනිත්සින්ගේ “The First Circle” නවකතාවේ සිංහල පරිවර්තනයයි. මීට අමතරව ගංගා නිරෝෂණී සුදුවැලිකන්දගේ “ම සිත් එක්තරා නුහුරුවක” කෘතියත්, විමලදාස සමරසිංහගේ “මකියෝකා සහෝදරියෝ” කෘතියත් සම්මානයට නිර්දේශව තිබුණා.
4. හොඳම පරිවර්තනය (විවිධ විෂය)
මේ වසරේ හොඳම පරිවර්තනය (විවිධ විෂය) හිමි සම්මානය දිනාගත්තේ කුඩගම්මන සීලරතන හිමි විසින් පරිවර්තනය කරන ලද “ප්‍රමුදිත ජීවිතයක්” කෘතියයි. එය දළයිලාමා, ඩෙස්මන්ඩ් ටුටූ සහ ඩග්ලස් ආබ්‍රහම්ස් විසින් රචිත The Book of Joy කෘතියේ පරිවර්තනයක්. මීට අමතරව කේ. එන්. ඒ. පෙරේරාගේ “ශ්‍රී ලංකාව තීරණාත්මක කඩ ඉමක” කෘතියත්, එම්. ඩී. මහින්දපාලගේ “සිනමා කලාව හැඳින්වීමක්” කෘතීයත් මේ සම්මානයට නිර්දේශව තිබුණා.
5. හොඳම පද්‍ය සංග්‍රහය
මේ වසරේ හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමි වුණේ එරික් ඉලයප්ආරච්චි රචනා කළ “හම්බාවා” කාව්‍ය සංග්‍රහයටයි. මීට අමතරව අනුරාධා නිල්මිණීගේ “රිදුම් පිරි පිරිමැදුම්” සහ ආරියවංශ රණවීරගේ “ඉම තව දුරයි” පද්‍ය සංග්‍රහයනුත් සම්මානයට නිර්දේශ වුණා.
6. හොඳම යොවුන් නවකතාව
මේ වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානය ලබා ගත්තේ බුවනෙක වන්නිආරච්චි රචනා කළ “හත F” කියන කෘතියයි. මීට අමතරව ලක්ෂ්මන් කොරදොන්ගේ “අලිමංකඩ ඉස්කෝලේ”, අනුල ද සිල්වාගේ “ඔට්සම්” සහ මානෙල් කරුණාතිලකගේ “ඉගිලෙන ළමයා” කියන යොවුන් කෘතීනුත් මේ සම්මානයට නිර්දේශ වුණා.
7. හොඳම කාව්‍ය සංග්‍රහය (පරිවර්තන)
මේ වසරේ හොඳම පරිවර්තන කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනා ගත්තේ ලක්ෂාන්ත අතුකෝරල විසින් පරිවර්තනය කරන ලද “සිපුම් සීරුම් කෙනිත්තුම්” පද්‍ය සංග්‍රහයයි. එය ඉන්දියානු ලේඛිකාවක් සහ කිවිඳියක් වන කමලා දාස් ගේ කාව්‍යවල පරිවර්තන රැගත් කෘතියක්. මීට අමතරව කරුණාතිලක හඳුන්පතිරණ විසින් පරිවර්තනය කරන ලද “ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ජීවිතය නිර්මාණ සහ තෝරාගත් කෙටි කවි සරණිය” කෘතියත් මේ සම්මානයට නිර්දේශ වුණා.
එහෙනම් ඔබ දැන් දැනුවත් මෙවර රාජ්‍ය සම්මාන හිමිවුණු කෘතීන් කිහිපයක් ගැන. ඉතින් මේ තොරතුරු ඔයාගේ යාළුවෝ එක්ක බෙදාගන්නත්, මේ පොත් කියවා බලන්නත් ඔබ හැමෝටම අපි ආරාධනා කරනවා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply