ඉන්දියානු චිත්‍රපට නරඹද්දි ගොඩක් අයට මගහැරෙන සිනමා වර්ගයක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. ඉතින් ඒ නිසා අද අපි හිතුවා අපූරුම බෙංගාලි සිනමාපට හතක් ගැන කතාකරන්න…
1. පාථර් පන්චාලි (Pather Panchali)
චින්තා ලක්ෂ්මී මහත්මිය පරිවර්තනය කරපු “මාවතේ ගීතය”, “අපරාජිත ජීවිතයක්” සහ “අපූගේ ලෝකය” කියන පොත් තුන අපිව කොච්චර සංවේදී කළාද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ නේද? ඉතින් මේ පොත් තුනේ කතාව සත්‍යජිත් රායි කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයා විසින් සිනමාවට ගෙන එනු ලබනවා. ගොඩක් දුරට මේ සිනමාපට ත්‍රිත්වය ඔයා නරඹලා නැත්නම් අනිවාර්යයෙන්ම නරඹන්න ආරාධනා කරනවා …
2. චාරුලතා (Charulata)
“Broken Nest” කියන්නේ රබින්ද්‍රනාත් තාගෝර් කියන විශිෂ්ට කතුවරයා රචනා කරපු නවකතාවක්. කලින් අපි කතාකරපු සත්‍යජිත් රායි තමයි මේ කතාවත් සිනමා තිරයකට ගේන්නේ. පොතේ රසය නොමැකෙන විදියට හරිම අපූරුවට මේ සිනමාපටයත් නිර්මාණය කරලා තියනවා. චාරුලතා කියන විවාහක කාන්තාවකගේ ජීවිතය හරහා මුළු මහත් ආසියාතික ගැහැනියව තාගෝර් වගේම සත්‍යජිත් රායි කියවා තිබුණා. ඒ නිසාම චිත්‍රපටය අති සාර්ථකව තිරගත වුණා වගේම ඇගයීම් රැසක්ද ලැබුණා…
3. The Japanese Wife
අපර්ණා සෙන් කියන්නේ බෙංගාලි සිනමාවේ එක්තරා අමතක නොවෙන සලකුණක් කිව්වොත් නිවැරදියි. ඇයගේ මේ සිනමාපටයට පාදක වෙන්නේ කවමදාවත් ස්පර්ශයෙන් ආදරය නොවිඳි, ලියුම් කඩදහි වලින් ආදරය බෙදා ගත්ත විවාහක යුවළක් ගැන. ජපානයේ සහ බෙංගාලයේ ජීවත්වන මේ දෙන්නගේ හමුවීම මොන වගේ එකද්ද කියලා නරඹපු අය නම් දන්නවා ඇති. ඉතින් නොබලපු අයටත් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා…
4. Labour of Love
බෙංගාලි සිනමාවේ තියෙන සුපුරුදු දෙබස් අඩු, කාව්‍යාත්මක ගතිය තිබුණු මෑතකදී තිරගත වුණු සිනමාපටයක් විදියට Labour of Love හඳුන්වන්න පුළුවන්. මේ සිනමාපටය ප්‍රබලවම පාදක වෙන්නේ විවාහක යුවළක් වටායි. ගතින් එක්කෙනෙක් විදියට විවාහයෙන් බැඳුනත් ඔවුන් ජීවත් වෙන්නේ සමාන්තර ලෝක දෙකක බව පෙන්වන එක තමයි අධ්‍යක්ෂවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් නොබලපු හැමෝටම මේකත් නරඹන්න ආරාධනා කරනවා.
5. චෝකර් බලී (Chokher Bali)
බොලිවුඩයේ සුරූපිනියක් වෙන අයිශ්වර්‍යා රායිගේ බෙංගාලි ආගමනය තමයි චෝකර්බාලි කියන්නේ. අතිශය ජනප්‍රිය සිනමාධාරාවේ නිර්මාණයක් නොවුණත් ඇගේ රංගන ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් විදියටත් මේ සිනමාපටය හඳුන්වන්න පුළුවන්. මේ සිනමාපටයට පාදක වෙන්නෙ රබින්ද්‍රනාත් තාගෝර්ගේ නවකතාවක්. බිනෝදිනි කියන සාම්ප්‍රදායික වැන්දඹු ගැහැනියගේ කතාව තමයි මේ කෘතියට පාදක වෙලා තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන රිතුපර්ණො ඝෝෂ් කියන්නේත් බෙංගාලි සිනමාවේ තවත් අමතක නොවන සලකුණක්.
6. Dracula sir
කලින් කතා කරපු බෙංගාලි සිනමාපට සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස්ම සිනමාපටයක් තමයි මේක. මේ සිනමාපටය 2020 වසරේ තමයි තිරගත වෙන්නේ. ඩ්‍රැකියුලා දත් නිසා මහත් අපහසුතාවට පත් වෙන පාසල් ගුරුවරයෙක් ගැන තමයි මේ සිනමාපටයේ කතාව දිව යන්නේ. සයිලොජිකල් ත්‍රිලර් ගණයේ නිර්මාණයක් විදියට මේ සිනමාපටය හඳුන්වන්න පුළුවන්. ඉතින් අනිත් චිත්‍රපට හයට වඩා වෙනස්, ඒ වගේම නැරඹිය යුතුම සිනමා නිර්මාණයක් විදියට මේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්.
7. මෙඝෙ ධක තාරා (Meghe Dhaka Tara)
සත්‍යජිත් රායි කියන විශිෂ්ට අධ්‍යක්‍ෂවරයාගේ සමකාලීන අධ්‍යක්ෂවරයෙක් වෙන රිත්වික් කුමාර් තමයි මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ. බෙංගාලි සිනමාපට බහුතරයක වගේ වස්තු බීජය වෙලා තියෙන්නේ ගැහැනිය. ඉතින් මේ සිනමාපටයටත් පාදක වෙන්නේ එක්තරා සාම්ප්‍රදායික ගැහැනියක් ගැන හරි සියුම් විවරණයක්…
ඉතින් මේ සිනමාපට අතුරින් නොබලපු චිත්‍රපට නරඹන්න ආරාධනා කරනවා ඒ වගේ මේ වගේ විශිෂ්ට බෙංගාලි සිනමාපට ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply