නිතරම ඉන්දියන් කෑම වල රස හොයාගෙන යන්න කැමති ලාංකික අපිට සෝයාමීට් වලින් රසම රස ඉන්දියන් කෑම හදන හැටි කියලා දෙන්නයි ආවේ. පැකට් එකේ තියන රසකාරක දාලා එකම විදියකට සෝයාමීට් උයන්න පුරුදුවෙලා ඉන්න ඔයාලා හැමෝම මෙන්න මේ විදියෙ රෙසිපිත් ට්‍රයි කරලා බලන්න ඕනේ. අපි සෝයාමීට් කිව්වට අල්ලපු රටේ මේවට කියන්නෙ සෝයා චන්ක්ස් කියලා. බලන්නකො එහෙනම් හදලම.
1. සෝයා චන්ක් කෙබාබ් (Soya Chunk Kabab)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා මීට් ග්‍රෑම් 50
- ඉඟුරු කෑල්ලක්
- සුදුළූණු බික් 3
- අමුමිරිස් කරල් 2
- ගරම් මසාලා තේ හැඳි 1
- චාට් මසාලා තේ හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- පාන්පිටි මේස හැඳි 2
- ලුණු
- තෙල් ටිකක්
- සෝයා වලට උණුවතුර දාලා පැයක් තියන්න. වතුර මිරිකලා අරගන්න.
- ග්‍රයින්ඩර් එකට ඉඟුරු, සුදුළූණු හා අමුමිරිස් දාලා ග්‍රයින්ඩ් කරගන්න.
- ඊළඟට මේකට සෝයා ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේ මිශ්‍රණයට මසාලා පව්ඩර් හා අනික් සියල්ලම දාලා අනලා බෝල හදලා අතින් පැතලි කරගන්න.
- විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.
2. සෝයා චන්ක් එග් ෆ්‍රයි (Soya chunk egg fry)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් කෝප්ප 1
- බිත්තර 2
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- කහ කුඩු ටිකක්
- ලුණු ටිකක්
කරි එකට
- සූදුරු ටිකක්
- චොප්කරගත් සුදුළූණු බික් 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 2
- තෙල් ටිකක්
- මිරිස් කුඩු තේ හැඳි 1
- තුනපහ කුඩු තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස් කුඩු
- චොප්කරගත් ළූණුකොළ ටිකක්
- සෝයාමීට් වලට උණුවතුර හා ලුණු දාලා පැයක් වගේ තියන්න. දැන් වතුර මිරිකලා අරන් මේකට බිත්තර, කෝන්ෆ්ලා, කහ කුඩු, මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු දාලා රස අනුව ලුණු දාගන්න. මේක හොඳට අනාගන්න.
- පෑන් එකකට තෙල් ටිකක් දාලා සෝයාමීට් ටික දාලා බැදගන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා සූදුරු, සුදුළූණු, ළූණු හා අමුමිරිස් දාගන්න. ටිකක් ෆ්‍රයි උනාම චොප්කරගත් තක්කාලි ටික දාගන්න.
- මේකට මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු හා ගම්මිරිස් කුඩු දාලා තක්කාලි පොඩි වෙනකල් කලවම් කරගන්න.
- ඊළඟට මේකට බැදගත් සෝයා ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. උඩින් චොප්කරගත් ළූණුකොළ ටිකක් දාගන්න.
3. සෝයා චන්ක් ඔම්ලට් (Soya Chunk omelette)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ලුණු හා ගම්මිරිස් කුඩු
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
- බිත්තර 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- සෝයා ටික උණුවතුර දාලා මිරිකලා අරන් ග්‍රයින්ඩ් කරගන්න. මේකට මිරිස් කුඩු, ගරම් මසාලා, ගම්මිරිස් කුඩු, ලුණු, ඉඟුරු සුදුළූණු පේස්ට් දාලා හොඳට කලවම් කරගන්න.
- මේකට චොප්කරගත් ළූණු, බිත්තර හා කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
- පෑන් එකකට තෙල් ටිකක් දාල රත්වුණාම ඔම්ලට් මිශ්‍රණය පෑන් එකකට දාලා දෙපැත්තම බැදගන්න.
4. සෝයා ටික්කා (Soya Tikka)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් කෝප්ප 1
- මුදවපු කිරි මේස හැඳි 2
- මිරිස් කුඩු තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1/2
- චාට් මසාලා තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස් කුඩු
- ගී මේස හැඳි 2
- උණුවතුරට ලුණු හා කහ කුඩු ටිකක් දාලා සෝයා ටික දාලා තම්බලා ගන්න. දැන් වතුර හොඳට මිරිකගන්න.
- වෙනම බෝල් එකකට මුදවපු කිරි ටික දාලා මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, කහ කුඩු, චාට් මසාලා, ඉඟුරු සුදුළූණු පේස්ට්, ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න.
- මේකට ගී එක්ක සෝයා ටිකත් දාලා අනාගන්න. පැය 2ක් වහලා තියල කෙබාබ් ස්ටික් අරන් සෝයා එකින් එක පිළිවෙලට ගහලා ගී ඔයිල් ටිකක් ගාගන්න. ට්‍රේ එකක තියලා බේක් හෝ ග්‍රිල් කරගන්න.
5. කේඑෆ්සී ස්ටයිල් සෝයා (KFC style soya chunk)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් කෝප්ප 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- මුදවපු කිරි මේස හැඳි 1
- ලුණු ටිකක්
- කඩලපිටි මේස හැඳි 2
- පාන්පිටි මේස හැඳි 2
- බිත්තර 2
- කූල් වතුර කෝප්ප 1
- උණුවතුරට සෝයාමීට් ටික දාලා තැම්බෙන්න තියලා වතුර මිරිකලා ගන්න.
- මේකට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු හා මුදවපු කිරි දාලා අනලා පැය කාලක් වහලා තියන්න.
- බිත්තර දෙක කඩලා විස්ක් කරගන්න. වෙනම බෝල් එකක කඩල පිටි හා පාන්පිටි මික්ස් කරගන්න. දැන් මැරිනේට් කරගත් සෝයා ටික බිත්තර සාරු වල දවටලා පිටි මිශ්‍රණයේ තවරගන්න.
- බැටර් කරගත්ත සෝයා ටික කූල් වතුර වල බස්සලා ආපහු පිටි තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
6. සෝයා පෙපර් ෆ්‍රයි (Soya Pepper fry)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් කෝප්ප 1
- අබ තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු බික් 4
- තලාගත් ඉඟුරු තේ හැඳි 1
- චොප්කරගත් අමුමිරිස් කරල්
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- ගරම් මසාලා තේ හැඳි 1/2
- චාට් මසාලා තේ හැඳි 1/4
- ලුණු ටිකක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- සෝයා වතුරට දාලා තම්බලා වතුර මිරිකගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ඊළඟට සූදුරු, චොප්කරගත් සුදුළූණු, ඉඟුරු, අමුමිරිස් හා ළූණු ටිකත් දාලා ෆ්‍රයි වෙනකොට කහ කුඩු, මසාලා පව්ඩර්, ලුණු හා ගම්මිරිස් කුඩු ටික දාගන්න.
- කලවම් කරලා වතුර කෝප්ප 1/4ක් වගේ දාගන්න. වතුර හිඳීගෙන එනකොට සෝයා ටික දාලා හැඳිගාන්න.
- විනාඩි 2ක් විතර තියලා චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් ඉහලා ලිපෙන් බාගන්න.
7. සෝයා සැලඩ් (Soya Salad)
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා කෝප්ප 1
- මුදවපු කිරි කෝප්ප 1/2
- ලුණු ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- සූදුරු තේ හැඳි 1/2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- කොටුවට කපාගත් කැරට් අල 1
- කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
- ස්වීට් කෝන් කෝප්ප 1/4
- චොප්කරගත් තක්කාලි ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- සෝයාමීට් වලට උණුවතුර දාලා තම්බගන්න. වතුර මිරිකලා අරන් මේකට මුදවපු හා ලුණු, ගම්මිරිස් කුඩු හා සූදුරු එකතු කරලා හොඳට කලවම් කරන්න. දැන් මේක විනාඩි 30ක් වහලා තියන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු, කැරට්, බෙල්පෙපර් හා කෝන් ටික දාගන්න. විනාඩි දෙකක් වගේ හැඳිගාලා ලිපෙන් බාලා මේ ටික සෝයාමීට් වලට දාලා කලවම් කරගන්න.
- මේකට අමුමිරිස්, තක්කාලි දාලා කලවම් කරගන්න.
Leave a Reply