මැතිවරණයක් ළංවෙද්දී කලාකරුවන් අලුත් අලුත් නම් වලින් සංවිධාන හදාගෙන ඡන්දදායකයන්ට හරි පාර පෙන්නන්න උත්සාහ කරනවා. හැබැයි සමහර ඡන්දදායකයන් නම් කියන්නේ මේ කලාකාරයෝ නෙමෙයි නලාකාරයෝ කියලායි. කොහොම වුණත් මැතිවරණයකදී තමන්ට බැහැලා වැඩ කරපු කලාකරුවන්ට ජයග්‍රාහී දේශපාලන පක්ෂ අත දිග ඇරලා සළකන්නත් අමතක කරන්නේ නෑ. අපි අද කියන්න යන්නේ එහෙම මෑත කාලයේදී තනතුරු ලබාගත්ත කලාකරුවන් කිහිප දෙනෙක් පිළිබඳවයි.
1. ජගත් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා විදිහට පත්වීම් ලබපු ජගත් වික්‍රමසිංහ, මීට මාස කීපයකට කලින් එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ අදහස් පැතිර ගිය අතර ඇතැම් පාර්ශ්ව ජගත් වික්‍රමසිංහ කොළේ ඉරා ගත් බව කිව්වත් ඊට පිළිතුරු ලබා දුන් ඔහු තමන් අතේ කිසිදු වැරැද්දක් නොමැති බව ප්‍රකාශ කළා. කොහොම වුණත් මධ්‍යස්ථව කල්පනා කළොත් ජගත් වික්‍රමසිංහ යුගයේ දී ගුවන් විදුලි සංස්ථාවේ කිසිදු සුවිශේෂී වෙනසක් සිදු වුණේ නැහැ කියන එක නම් සඳහන් කරන්න වෙනවා.
2. රෝහණ බැද්දගේ
දීර්ඝ කාලයක් තිස්සේ ජන සංගීතය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු රෝහණ බැද්දගේ සූරීන් හට මාලදිවයිනේ මහ කොමසාරිස් තනතුර වර්තමාන රජය විසින් ලබා දුන්නා. ඇතැම් පාර්ශ්ව එතුමන්ට මේ ලැබුණු තනතුර කඩේ යෑම නිසා ලැබුණු තනතුරක් ලෙස හැඳින්වීමට උත්සුක වුවත් තානාපති සේවයේ පත්වීම් සිදු කරන ස්වභාවය දිහා බලද්දි එම පත්වීම වැරදි නැති බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස.
3. නීලා වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙළගැසුණු කලාකරුවන් අතර ප්රමුඛ තැනක් නීලා වික්‍රමසිංහ හට හිමිවෙනවා. ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ වේදිකාවල පවා කතා පැවැත්වූවා. මීට මාසයකට පමණ කලින් ඇයව ඉතාලියේ මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල්වරිය ලෙස පත් කිරීමට රජය විසින් කටයුතු කරනු ලැබුවා.
4. සංජීවනී වීරසිංහ
පසුගිය මැතිවරණ සමයේ දී කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳව පළ කළ අදහසක් නිසා සංජීවනී වීරසිංහ සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ලෙස විවේචනයට ලක් වුණා. ඇය සමස්ත මැතිවරණ ව්‍යාපාරය තුළම සක්‍රීය භූමිකාවක් ඉෂ්ට කළ නිසා පසුව ඇයව ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂවරියක ලෙස පත්කෙරුණා.
5. ඉරාජ් වීරරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා වැඩිම දායකත්වයක් ලබාදුන් කලාකරුවා වන්නේ ඉරාජ් වීරරත්නයි. ඇතැම් අවස්ථාවල ඔහු විසින් සිය සීමා පවා ඉක්මවීමට කටයුතු කළා. උදාහරණයක් ලෙස ඇතැම් වීඩියෝ නිර්මාණ සඳහා ගවුම් ඇඳීමට සිදුවීමට තරම් ඔහු ශෝචනීය තත්ත්වයට පත්වුණා. නව රජය බලයට පත්වීමත් සමගම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුට පත්වීම් ලැබුණා. ඉන් වසරකට පමණ පසුව හදිසියේම ඔහු එම ධුරයෙන් ඉවත් වීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඇතැම් පාර්ශ්ව පවසා සිටියේ යෝෂිත රාජපක්ෂගේ පහරදීමක් නිසා ඔහු විසින් මෙම තීරණය ගත් බවයි. කෙසේ නමුත් යෝෂිතත් ඉරාජුත් දෙදෙනාම එම වාර්තා ප්‍රතික්ෂේප කළා.
6. සුදත් රෝහණ
වර්තමානයේදී ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය දරන්නේ සුදත් රෝහණයි. විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු ලෙස ක්ෂේත්රයේ ප්‍රකට නමක් දිනාගෙන තිබෙන සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනිය තුළ කැපී පෙනෙන වෙනසක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.
7. ටෙහානි ඉමාරා
සුප්‍රකට රියැලිටි ටීවී තරගාවලියක තරගකාරියක් ලෙස කරළියට පැමිණි ටෙහානි ඉමාරා, පසුව එම රියැලිටි තරගාවලියේ නිවේදිකාව ලෙස ද කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල තේමා ගීතය ඇතුළු එම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ ගීත සඳහා දායක වූ ඇයව ඉරාජ් වීරරත්න සමඟ ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරියක ලෙස පත්කිරීමට නාමල් රාජපක්ෂ විසින් කටයුතු කර තිබුණා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම මේ කලාකාරයන්ගෙන් අදාළ තනතුරට සේවාවක් ඉෂ්ට වුණා ද කියන එක ගැන ඔබේ අදහස් විශේෂයෙන්ම එකතු කරන්න.
Leave a Reply