දැක්කම කාටත් කන්න ආස හිතෙන, ඒත් මිල දරාගන්න බැරි පළතුරු ටිකක් ගැන අද කියන්න හිතුවා. පළතුරු නිෂ්පාදනයේ ප්රමුඛ රටක් වන ජපානය තමා ගොඩක් මිල අධික පළතුරු නිෂ්පාදන කරන්නෙ. මේ ගොඩක් පළතුරු විශේෂ ක්‍රම වලට හදන ඒවා. සාමාන්‍ය පළතුරු නිෂ්පාදනයට වඩා වැඩි මුදලක් මේ පළතුරු නිෂ්පාදනයට වැය කරනවා. මේ පළතුරු සාමාන්‍ය මාකට් එකට එන ඒව නෙවෙයි. මේවා විකිණෙන්නෙ වෙන්දේසි, විශේෂ සල්පිල් සහ උත්සව වලදි. මේවා මිලදී ගන්නෙත් ඉතින් මෙහෙම පළතුරකට වියදම් කරන්න තරම් ධනවත් පුද්ගලයො. එහෙනම් බලමු නේද ලිස්ට් එක.
1. Yubari King Melon
ලෝකේ මිල අධිකම පළතුරු ලැයිස්තුවේ උඩින්ම තියන පළතුරක් තමයි මේ. මේ මෙලන් ගෙඩි දෙකක් වටිනාකමෙන් ඩොලර් 30,000 ඉඳලා උඩට අලෙවි වෙනවා. මේ පළතුර මෙච්චර ගණන් මේකෙ තියන පැණිරස නිසා කියලා තමා ආරංචි වෙන්නෙ. ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ තියන මේ විශේෂය කැන්ටලූප් ප්‍රභේද 2ක් දෙමුහුන් කරන ලද කොමඩු විශේෂයක්. මුලින්ම හඳුන්වා දීලා තියෙන්නෙ 2014 දී. සාමාන්‍ය ගෙඩියක් කිලෝ දෙකහමාරකට වැඩියි. හොඳම ගණයේ යුබාරි කින්ග් මෙලන් ගෙඩියක පොත්තෙ පළුදු නැතිකම වගේම ගෙඩියේ වටකුරු ස්වභාවය මිල ගණන් වලට ගොඩක් බලපානවා. 2019 දී තිබ්බ වෙන්දේසියකදි ඩොලර් 45,000ක මුදලකට ගෙඩි දෙකක් අලෙවි වෙලා තියෙනවා.
2. Ruby Roman Grapes
මේ පළතුර අතිනුත් ඉදිරියටම එන්නෙ ජපන් රට තමයි. ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ තමයි මේ මිදි වගා කරන්නෙ. ප්‍රිමියම් කොලිටි මිදි පොකුරක හැම ගෙඩියක්ම ග්‍රෑම් 20කට වඩා වැඩි හා එක ගෙඩියක 18%ට වඩා වැඩි ප්‍රමාණයක් සීනි අන්තර්ගත වෙන්න ඕන වගේම එක පොකුරක ග්‍රෑම් 700ක්වත් තියෙන්න ඕන. හැම මිදි ගෙඩියක්ම විශේෂයෙන් පරීක්ෂා කළාට පස්සෙ මේකට ප්‍රමිති සහතිකයක් ලැබෙනවා. මේ මිදි වර්ගය මුලින්ම හඳුන්වා දීලා තියෙන්නෙ 2008 දී. 2021 දී මේ මිදි ගෙඩි 6ක පොකුරක් ඩොලර් 8400කට අලෙවි වෙලා තියනවා. මේ මිදි නම් අපිට හොඳටම ඇඹුල් නේද 😉
3. Densuke Watermelon
කොමඩු වලට ප්‍රසිද්ධ ජපානයේ හොකයිඩෝ දූපතේ වගාකරන තවත් එක් කොමඩු වර්ගයක් තමා මේ. පෙනුමෙන් කළු පැහැති කොමඩු ගෙඩියක්. රසයෙන් අනික් කොමඩු වලට වඩා පැණි රසයි. ඇතුළ සාමාන්‍ය කොමඩු වගේමයි. මේ සාමාන්‍ය ගෙඩියක මිල ඩොලර් 250 උනාට ඉහළම ප්‍රමිතියේ ගෙඩියක් ඩොලර් 1000 ඉඳලා 4500 දක්වා මිලකට අලෙවි වෙනවා. 2014 දී මේ ගෙඩියක් ඩොලර් 6100ක මිලකට වෙන්දේසි වුණා. මේ පළතුරේ නිෂ්පාදනය අඩු වීම වගේම වගා කිරීමට යන කාලය නිසාම මිල ඉහළයි.
4. Taiyo no Tamago
මේ අඹ වර්ගයත් තෝරාගැනීමේ විශේෂතාවය නිසා මිල අධික වුණ පළතුරක්. මේ අඹ ගෙඩියක් ග්‍රෑම් 350ට වඩා වැඩිවෙන්න ඕනේ. මේක රස වගේම පෙනුමෙනුත් ඉතාම ලස්සන අඹ ගෙඩියක්. ඒ වගේම බීටා කැරොටීන්, ෆෝලික් ඇසිඩ් සහ ප්‍රතිඔක්සිකාරක වලින් ඉතාම ඉහළ අගයක් ගන්න පළතුරක්. සාමාන්‍යයෙන් අන්තර්ජාතික වෙළඳපොළේදි මේ අඹ ගෙඩි කිලෝ එකක් ඩොලර් 3000කට වගේ අලවි වෙනවා. මේවා එච්චර ගණන් වගාකිරීමට යට පිරිවැය අධික නිසා කියලයි කියන්නෙ. මොකද මේ අඹ හරිතාගාරවල එකින් එක කුඩා නෙට් වලින් ආවරණය කරලයි වැඩෙන්න දෙන්නෙ. හොඳ සාත්තුවක් ලැබෙන නිසා හොඳ ගාණකට විකුණන්න තරම් සාර්ථක ඵලදාවක් ලැබෙනවා.
5. Lost Gardens of Heligan Pineapples (Cornwall Pineapple)
මේ අන්නාසි වර්ගය වැඩෙන්නෙ එංගලන්තයේ කෝන්වෝල් වලයි. මේවා මිල අධික වෙන්නෙ විශේෂයෙන් නඩත්තු කරන විශේෂ හරිතාගාර වල වගා කරන නිසයි. අනිත් කාරණය තමා එංගලන්තයේ මේ අන්නාසි වගා කරන්න දැඩි මිනිස් ශ්‍රමයක්, පොහොර වර්ග, අන්නාසි පැළ නඩත්තු කිරීමේ වියදම් හා අනිකුත් වියදම් වලට ලොකු ගාණක් වියදම් වීම. ශීත සෘතුවේදි මේ වගාවේ උෂ්ණත්වය පවත්වගන්න දැඩි වෙහෙසක් ගන්න වෙනවා. සාමාන්‍ය අන්නාසි ගෙඩියකින් භාගයක විතර සයිස් එකක් තමා මේ අන්නාසි වල තියෙන්නෙ. තද කහපාට අඟල් හයක විතර මේ අන්නාසි ගෙඩියක මිල ඩොලර් 1600කට උඩින් තමා නියම වෙන්නෙ.
6. Square Watermelon
ඔයාලට පේන විදියට මේක සාමාන්‍ය කොමඩු ගෙඩියක්. වෙනසකට තියෙන්නෙ මේක වැඩෙනකොට කුඩා කාලයේ ඉඳලම කොටු හැඩේ තියන අච්චුවකට දාලා තමා ලොකුවෙන්න දෙන්නෙ. එතකොට සාමාන්‍ය කොමඩු ගෙඩිය මේ වගේ කොටු හැඩයක් ගන්නවා. මෙන්න මේ හැඩේ නිසාමයි වෙළෙඳපොළේ මේ කොමඩු මිල අධික වෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේ කොමඩු ගෙඩියක් ඩොලර් 800 ඉඳලා ඉහළට තමා අලෙවි වෙන්නෙ. කොටු හැඩයට කොමඩු හදන්න හේතු වෙලා තියෙන්නෙ ප්‍රවාහනයේ පහසුව, කපන්න පහසුවීම හා ගබඩා කිරීමේ පහසුව කියලයි කියන්නෙ. මේවා ලෝක වෙළඳපළට ඇවිත් අවුරුදු 15ක් වගේ වුණාට ජපානයේ මේ කොටු හැඩයේ කොමඩුවල ඉතිහාසය අවුරුදු 40කට එහා යනවා. දැන් දැන් කොටු විතරක් නෙවෙයි, වැලන්ටයින්ස් වලට, මදර්ස් ඩේ වලට තෑගි දෙන්න හාට් හැඩයේ කොමඩුත් ජපානයේ නිෂ්පාදනය වෙනවා.
7. Bijin-hime Strawberry
ලෝකේ තියන මිල අධිකම ස්ට්‍රෝබෙරි වර්ගය තමයි මේ. මිලෙන් අධිකයි වගේම සාමාන්‍ය ස්ට්‍රෝබෙරි වලට වඩා රසයෙනුත් ඉහළයි කියලයි කියන්නෙ. ජපනයේ වැවෙන මේවා අවුරුද්දේ සීමිත කාලෙකදි විතරයි දකින්න ලැබෙන්නෙ. ජපානයේ ඔකුදා ප්‍රදේශයේ තමයි මේක වගා කරන්නෙ. අවුරුද්දකටම මේ ගෙඩි 500ක ඵලදාවක් තමයි ලබාගන්න පුළුවන්. ඉතාම අසීරු වගාවක් නිසාම මේවා මිලෙන් අධිකයි. මේ එක ස්ට්‍රෝබෙරි ගෙඩියක් අලෙවි වෙන්නෙ ඩොලර් 4400කට කිව්වොත් විශ්වාස කරන්නත් බෑ නේද? ප්‍රමාණයෙන් විශාල මේ ස්ට්‍රෝබෙරි එක ගෙඩියක් ග්‍රෑම් 100ක් වගේ වෙනවා. පැහැයෙන් ඉතාම දීප්තිමත් ලස්සන රතු පාටක් තමා තියෙන්නෙ.
Leave a Reply