ඔන්ලයින් ක්ලාස් එකේදි නිදිමත හැදෙන එක අඩු කරගන්නේ කොහොමද?

ඔන්ලයින් එහෙම නැත්නම් මේ සූම් ක්ලාස් වලදි මුහු​ණදෙන ගැටළු වලට විසඳුම් කිහිපයක් ගැන අපි කලිනුත් කතා කළානේ. අද අපි හිතුවේ ඔන්ලයින් ක්ලාස් එකේදි එන නිදිමත ගතිය එහෙම නැත්නම් කම්මැලි ගතිය අඩු කරගන්නේ කොහොමද කියලා කියා දෙන්නයි…

 

1. සෝ​ෂල් මීඩියා වලින් මිදෙන්න

 

 

සාමාන්‍යයෙන් අපි ඔහේ ක්ලාස් එකේ කම්මැලිකමින්, නිදිමතින් ඉන්න වෙලාවට අපිට මුලින්ම කරන්න හිතෙන දේ තමයි ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සෝ​ෂල් මීඩියා වලට ක්ලාස් එකේ ඉන්න ගමන් යන්න පුරුදු වෙන එක. මේක ඉතින් සාමාන්‍යයෙන් ඉබේම වෙන දෙයක්. අපිව ඒ දේ කරන එකෙන් වළක්වන්නත් කවුරුත් නැහැනෙ. ඒ නිසා මේ දේ අපිම හිතලා තමයි පුළුවන් තරම් අඩුකරගන්න ඕනේ. ගොඩක් අය නිදිමතට විසඳුම විදියට යොදාගන්නේ මේක. ​ඒත් මේ වැ​ඩේ නම් සම්පූර්ණයෙන්ම වැරදියි. 

 

2. ටිකක් වේලපහින් කන්න 

සාමාන්‍යයෙන් ඔයාට උදේ අටට ක්ලාස් එකක් තියෙනවා නම් ඔයා​ට පුළුවන් හතයි කාලට වත් කාලා ඉන්න පුරුදු වෙන්න. මොකද දන්නවද? සාමාන්‍යයෙන් කාලා ඉවර වුණාට පස්සේ ගොඩක් දෙනෙක්​ට පොඩි කම්මැලිකමක්, නිදිමත ගතියක් දනෙනවා. එහෙම එකේ ඔයා ක්ලාස් එක තියෙන වෙලාවටම වගේ කෑම ගත්තොත් ගොඩක් දුරට නිදිම​තේ, කම්මැලිකමේමයි ක්ලාස් එක පුරාවටම ඔයාට ඉන්න සිද්ධ වෙන්නේ.

 

3. වතුර එකක් ළ​ඟම තියාගන්න

ඔන්ලයින් ක්ලාස් එකේදි වතුර බෝතලයක් ළ​ඟ තියාගන්න එක ගොඩක් හො​ඳයි. එකක් තමයි නිදිමත ගතිය ගොඩක් අඩු කරගන්න පුළුවන් වතුර බීමෙන්. තව දෙයක් ත​මයි, සාමාන්‍යයෙන් ඔයා​ට වතුර තිබහක් ආවම ආයෙ ගිහින් වතුර එකක් අරන් එන්න ඕන නෑනේ ළඟම තියෙනවානේ වතුර බෝතලයක්. එතකොට ඔයාටත් ලේසිනේ.

 

4. ක්ලාස් එකට විනාඩි තිහකට විතර කලින් අද උගන්නන පාඩම කියවන්න

ගොඩක් අය නොකරන, ඒ වගේම කරන්නම ඕන දෙයක් තමයි මේක. ඔයා​ගෙ ක්ලාස් එක පටන්ගන්​න පැය භාගයකට විතර කලින් ඔයාට පුළුවන් අද ක්ලාස් එකේ උගන්නන පාඩම පොඩ්ඩක් කියවලා ඒකේ නොතේරෙන තැන් ලියාගන්න. ඊට පස්සේ අර නොතේරෙන තැන් ක්ලාස් එකේදී අවබෝධයකින් අහන් ඉඳලා ඉගෙන ගන්න ඔයා ඉබේම පෙළඹෙනවා. ඉතින් පුළුවන් තරම් ඒ විදියට කරන්න උත්සාහ කරන්න.

 

5. මේසෙයි පුටුවටයි හුරු වෙන්න

ගොඩක් අයට නිදිමත එන්න තවත් හේතුවක් තමයි මේසය සහ පුටුවට හුරු නැති වීම. ඒ නිසාම සමහර අය ඇ​ඳේ ඉඳන් පවා මේ ක්ලා​සස් වලට ජොයින් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් වෙන්​නෙ ඔයාගේ නිදිමත ගතිය එහෙම තව වැඩි වෙනවා මිසක් අඩු ​වෙන එක නම් නෙමෙයි. ඒ නිසාම පුළුවන් තරම් අමාරුවෙන් හරි මේසෙ ඉදිරිපි​ට පුටුවක ඉඳගෙ​න ක්ලාස් එකට සහභාගි වෙන්න. ඒක ගොඩක් හො​ඳයි මේ නිදිමත ගතිය එහෙම අඩු කරගන්න. 

 

6. පිළිවෙල තැනක් තෝරගන්න 

මෙන්න තවත් අපිට වැරදෙන තැනක්. අපි ක්ලාස් එකට සහභාගි වෙන පුටුව ස​හ මේසය හැම තැනම කොළ කෑලි වැටිච්ච අපිළිවෙල තැනක් නම් ඒක අ​පේ මො​ළේට බරක්. ඒ නිසා ලේසියෙන් ක්ලාස් එකේ කරුණු ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා පුළුවන් තරම් බඩු අඩු, පිළිවෙල තැනක ක්ලාස් එකට සහභාගි වෙන්න පුරුදු වෙන්න. ඒ කොතැන වු​ණත් කමක් නෑ. පිළිවෙලකට පුටුවයි මේසෙයි තියෙන ඕන තැනක්. 

 

7. ස්ක්‍රීන්ශොට්, රෙකෝඩින් නවත්තමු

සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙනවා ක්ලාස් එකේ උගන්නන දේවල් අහන්​නේ නැතුව ක්ලාස් එක රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරන ගමන් අපි ඉබේම සෝ​ෂල් මීඩියා වලටත් යන්න පෙළඹෙනවා. ඒත් ඒ වැඩේ සම්පුර්ණයෙන් වැරදියි. නොතේරෙන දේවල් නැවත අහලා බලලා තේරුම් ගන්න රෙකෝඩ් කළාට කමක් නැහැ. ඒත් ක්ලාස් එක වෙලාවෙදිත් ක්ලාස් එකේ උගන්නන දේට අවධානය යොමු කරන එක එයින් අතපසු වෙන්න ඉඩ දෙන්න එපා.

 

එහෙනම් අද අපි කතා ක​රපු කරුණු ව​ලට අනුව ක්ලාස් එකට ජොයින් වු​ණොත් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් වේවි හොඳින්, කම්මැලි නැතිව ඒ ක්ලාස් එකට සහභාගී වෙන්න…

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *