පණහ පැන්නට පස්සෙත් ඩබල් එකේ සෙක්ස් කරන්නේ මෙහෙමයි!

දැන් අපි සෙක්ස් කිරිල්ල ගැන ඕනෑ තරම් කතා කරනවද? එක එක විදි වලට සෙක්ස් කරන හැටි, එක එක තැන් වල සෙක්ස් කරන හැටි අනං මනං සෑහෙන්න කතා කරනවනේ. හැබැයි ඉතින් අපි කතා නොකරන දේ තමයි, අපේ තරුණ කාලේ පැන්නට පස්සේ කොහොමද සෙක්ස් කරන්නේ කියන එක. ඇත්තටම අවුරුදු පණහ කියන්නේ එහෙම නාකියි කියලා හඳුන්වන වයසක් නෙවෙයි මේ කාලේ. පණහ කියන්නෙත් මැදිවයසේ තමයි. හැබැයි පණහ පැනලා හැටක් හැට පහක් වෙනකොටත් අපිට සෙක්ස් කරන්න පුළුවන් නම් හොඳයිනේ. හැබැයි ඉතින් තරුණ වයසේ සෙක්ස් කරපු විදියට කිසිම ගේමක් නැතුව සෙක්ස් කරන්න ටිකක් අමාරුයි වයස්ගත වුණාට පස්සේ. ආන්න ඒක නිසා තමයි අපි පොඩ්ඩක් විශේෂයෙන් ඒ ගැන හිතන්න ඕන. ඉතින් අපි හිතුවා, පණහ පැන්නට පස්සේ සෙක්ස් කරන්න ෆිට් එකේ ඉන්න, සක්‍රීය ලිංගික ජීවිතයක් පවත්වා ගන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් ලබාදෙන්න.

 

1. එක්ස​සයිස් බේබි!

පණහ හැට පැන්නා වුණත් ජවසම්පන්න කොල්ලෙක්, කෙල්ලෙක් වගේ ඉන්න නම්, පණහ පනින්න කලින් ඉඳලම ඕනම කෙනෙක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එතනින් පළවෙනිම කාරණාව තමයි ශරීර සුවතාව. ඒකට ඉතින් එක්ස​සයිස් කරන්න ඕන. හැමදාම දුවන්න යන එකේ ඉඳලා, ජිම් එකට යෑම, පිහිනුම්, පාපැදි, බැඩ්මින්ටන් වගේ සෙට් වෙන ඕනම ක්‍රීඩාවක් හරියට කරන්නයි තියෙන්නේ. ආයෙ හතළිහේ ඉඳලා වත් එහෙම ස්පෝර්ට්මීට් සීන් එකේ හිටියොත්, පණහ හැට පැනලා වුණත් කොල්ලො පරදවන විදියේ ශරීර ශක්තියකින්, ශරීර සෞඛ්‍යයකින්, දරා ගැනීමේ හැකියාවකින් වගේම, කායික මානසික සමබරතාවයකින් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හැබැයි, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකුත් ඕකට ඕන කරනවා. ඒ කියන්නේ සමබල කෑම වේලක්, හොඳ නින්දක්, හොඳ සෞඛ්‍ය පුරුදු වගේ දේවල්.

ඔන්න ඔය ටික කරනවා කියන්නේ, ආයෙ පණහ හැට පැන්නත් සෙක්ස් කිරිල්ල ගේමක් නෑ!

 

2. කිට්ටුවන්තකම!

මේක ඇත්තටම මානසික කාරණාවක්. දැන් තරුණ කාලේ නිකම්ම ගෙවෙන්නෙ නෑනේ. ලව් කරනවා, සෙක්ස් කරනවා ඔය ඔක්කොම කරනවනේ. හැබැයි ඉතින් වැඩිහිටි වෙනකොට, ඒ කියන්නේ පණහ පනිනකොට වැදගත් වෙන්නේ පිස්සුවෙන් දකින දකින කෙනා එක්ක සෙක්ස් කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. ඊට වඩා මානසික අවශ්‍යතාවයක්. හරි හරි, ශාරීරික අවශ්‍යතාවය නැති වෙන්නෙ නෑ. හැබැයි ඒකට හොඳ මානසික පසුබිමක් තියෙන්න ඕන. ආන්න ඒක තමයි අපි ඉන්ටිමසි කියලා කියන්නේ. ඒ කිව්වේ මානසික කිට්ටුවන්තකම. ආන්න ඒක ඉතින් නිකම්ම වළං කඩේට පැන්න ගොනා වගේ සෙක්ස් කරන්න දඟලන අයට හොයාගන්න අමාරුයි. ඊට වඩා, තමන් ආස, තමන් ආදරේ කෙනෙක්ගේ ලඟට වෙලා ඉන්න, සිප වැළඳ ගන්න, එකට දේවල් කරන්න වගේ ඉන්ටිමේට් වෙන්න කැමති කෙනෙක්ට තමයි ඒක හොයාගන්න පුළුවන්. අන්න ඒ මානසික කිට්ටුවන්ත කමත් එක්ක එන සෙක්ස් මාරයි! 

 

3. ෆිසිකල් ලිමිට්ස්! 

දැන් ඔය තරුණ කාලේ සෙක්ස් කරනකොට එහෙම සමහරු කෙලින්ම ජිම්නාස්ටික් දාලනේ වැඩ අල්ලන්නේ. ආන්න ඒක ඉතින් වයස්ගත වෙනකොට ටිකක් අමාරුයි. ඒ කියන්නේ එක්සයිස් එහෙම කරලා කොල්ල වගේ, කෙල්ල වගේ ඉන්නවා වුණත්, පොදුවේ තමන්ට තියෙන ශාරීරික සීමාවන් ගැන අවබෝධයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ පාට්නර්ට එහෙම ලිමිට්ස් තියෙනවා කියන එක මතක තියාගන්න ඕන.

දැන් ඔය වයස්ගත වෙනකොට හන්දිපත් රුදා, කොන්දේ අමාරු අනං මනං මතුවෙනවනේ. එතකොට ඉතින් තමන්ගේ පාට්නර්ට ඒවා තියෙනවා කියලා මතක නැතුව බිම දණගස්සන්න, ඇඳේ අමාරු පොෂිෂන් වලට යොමු කරන්න එහෙම හදන්න එපා. ආයෙ සෙක්ස් කිරිල්ල පැත්තක තියලා වෙද ගෙදර යන්න වෙයි. ඒ නිසා, හැම වෙලේම තමන්ට පහසු ඉරියව් එහෙම තෝරගන්න එක තමයි වැදගත්.

 

4. ලූබ් යුවර් වේ ඉන්!

සාමාන්‍යයෙන් වයස ටිකක් වැඩිමහලු කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ, තරුණ කාලෙදී වගේ, ලිංගික අවයව හොඳට ලිහිසිකරණය නොවෙන එක තමයි. ඒ කියන්නේ ඉස්සර වගේ යෝනි මාර්ගය එහෙම ස්වභාවිකවම ලිහිසිකරණය නොවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ආර්තවහරණය එහෙම සිද්ධ වුණාට පස්සේ ඒ ගැටළුව මතුවෙනවා. එතකොට මොකද කරන්නේ? සරලයි. ඒකට තමයි කෘත්‍රිම ලිහිසිකාරක ද්‍රව්‍ය, ඒ කියන්නේ ලුබ්‍රිකාන්ට් තියෙන්නේ. ඕනම ෆාමසියකින්, සුපර් මාකට් එකකින් මිලදී ගන්න පුළුවන්. කොහොමත්, තරුණ කාලෙදි සෙක්ස් කරනකොට වුණත් ඔය ලුබ්‍රිකන්ට් පාවිච්චියෙන් මහත් ඵල අත්පත් කරගන්න පුළුවන් කියලා අපි කියලා තියෙනවනේ. ආන්න ඒ නිසා, වයස වැඩි කාලෙදී සෙක්ස් කරන කොට, අනිවාර්යයෙන්ම ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න කියලා තමයි අපි කියන්නේ. 

 

 

5. කොටිය පෙත්තක් ඕනැද?

ආන්න ප්‍රශ්නේ. ඔය වයස්ගත වෙනකොට කෙලින් වෙන්න ඕන ඒවා කෙලින් වෙන්නේ එහෙම නැති ගැටළු තියෙනවනේ, පුරුෂ පක්ෂෙට. ආන්න එතකොට ඔය ගොඩක් කම් සැපේ ඉන්න සීයලා කරන්නේ කොටියා පෙත්තක්, ඒ කිව්වේ ව්‍යාඝ්‍රා එකක් හෝ ඒ වගේ වාජීකරණ ඖෂධයක් හිතමිතුරා කරගන්න එක තමයි! හැමෝම පුරුද්දට ව්‍යාඝ්‍රා කිව්වට, ඒ අංසේ බෙහෙත් වර්ග සෑහෙන්න තියෙනවා. Sildenafil (Viagra), vardenafil (Levitra, Staxyn), tadalafil (Cialis) සහ avanafil කියන්නේ එව්වා.

හැබැයි අපි දෙන අවවාදය මේකයි. ලිංගික අප්‍රාණිකත්වය සහ තවත් ලිංගිකත්වයේ ගැටළු විසඳාගන්න පෙති වල පිහිට පතන්න එපා. විශේෂයෙන්ම මේ පෙති වලින් ඇතිවෙන අතුරු ආබාධත් සෑහෙන්න තියෙනවා. දිගින් දිගටම මේ පෙති ගන්න එකෙන් සෙක්ස් ලයිෆ් එක කෙසේ වෙතත්, සමහර වෙලාවට ලයිෆ් එක ඉවර වෙලා ස්වර්ගස්ත වෙන්නම ටිකට් එක ඇදෙන්න පුළුවන්. ආන්න ඒ නිසා ඔය කොටියා පෙති එහෙම ගන්න ඕනම නං, කරුණාකරලා තමන්ගේ වෛද්‍යවරයාව මුණගැහෙන්න.

හැබැයි ඔය කොටියා පෙති වලට වඩා ලිංගික අප්‍රාණිකත්වය එහෙම මැඩලන්න ස්වභාවික ප්‍රතිකාර තියෙනවා කියන එකත් අමතක කරන්න නරකයි. ශරීර සුවතාවය වගේ කරුණු වලට අමතරව, ස්වභාවික ආහාර පාන වර්ග තියෙනවා ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. හැබැයි ඉතින් ස්වභාවික ශාකසාර අඩංගුයි කියලා ඇඩ්වර්ටයිස් කරන පෙරදිග සෙක්ස් පෙති වලටත් අහුවෙන්න යන්න එපා ඉතිං!

 

6. පහසු දේවලුත් තියෙනවා, අවුල් දේවලුත් තියෙනවා

ඇත්තටම පණහ විතර පැනලා, ජීවිතේ අපර භාගය ආරම්භ කරලා තියෙනකොට ඇතිවෙන ලොකුම ප්‍රශ්නය තමයි ලෙඩ රෝග කියන්නේ. සමහර දියවැඩියාව වගේ ලෙඩ රෝග නිසා ලිංගික අප්‍රාණිකත්වය එහෙමත් ඇතිවෙන්න පුළුවන්. ඒවා තමයි පණහ පැනලා සෙක්ස් කරනකොට තියෙන අපහසුතා. හැබැයි ඒවා ආයේ හදාගන්න බැරි අපහසුතා නෙවෙයි. උදාහරණයක් විදියට, තමන් එක්සයිස් එහෙම කරලා, ආයෙමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතේකට එන කොට, ගොඩක් දුරට ඒ අපහසුතා මග ඇරෙන්න පටන් ගන්නවා. ඒ ඇරෙන්න එකම දේ, ඔය සර්ජරි වලට එහෙම මුහුණ දීලා ඉන්නවා නං පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඒත් ඉතින් තමන්ගේ පාට්නර් එක්ක කතාබතා කරලා, තමන් බෙඩ් රෙස්ට් කරනකොට වුණත් සෙක්ස් කරන්න වටාපිටාව හදාගන්න බැරි කමක් නෑ.

ඒ වගේම, වයස්ගත වෙලා සෙක්ස් කරනකොට වාසිත් තියෙනවා. හොඳම උදාහරණයක් තමයි, කාන්තාවකට ආර්තවහරණය එහෙම සිද්ධ වෙලා නම්, අමුතුවෙන් උපත් පාලනය ගැන වද වෙන්න අවශ්‍ය නැති වීම.

 

7. බෙහෙත් අවුල් විසඳගමු

මේකත් වයස්ගත වෙලා සෙක්ස් කරනකොට ඇතිවෙන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් වයස්ගත වෙනවා කියන්නේ ශරීරයේ අට අනූවක් රෝග ආබාධ මතුවෙන කාලයක් කියන එකනේ. ආන්න එතකොට වෙනදා වගේ නෙවෙයි, බේත් හේත් එහෙම නිතරම බොන්න වෙනවා. ආන්න එතකොට ඔය සමහර බේත් හේත් වර්ග වලට ලිංගික ජීවිතයේ ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. දැන් එතකොට සෙක්ස් ලයිෆ් එකට බාධා වෙනවා කියලා බේත් නොබී ඉන්නද? එහෙම නැතිනං, බේත් බොන නිසා සෙක්ස් ලයිෆ් එක අතෑරලා දාන්නද? නෑ. හොඳම දේ තමයි තමන්ගේ වෛද්‍යවරයා එක්ක මේ සම්බන්ධයෙන් විවෘතව කතා කරන එක. ආන්න එතකොට, ඒ බේත් හේත් මැද්දෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් හොඳම විදිය ඩොක්ටර් හදලා දෙයි!

 

මේ හැමදෙයක්ම ඇරෙන්න තව හිතේ තියාගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි සන්නිවේදනය. විශේෂයෙන්ම, පණහ පැන්නට පස්සේ වුණත්, ඊට කලින් වුණත් සෙක්ස් කරනකොට වැදගත්ම දෙයක් වෙන්නේ සන්නිවේදනය කියලා අපි කියලා තියෙනවනේ. ඉතින් ඔය වයසත් එක්ක එන ගැටළු අවම කරගන්නත් සන්නිවේදනය තමයි වැදගත් වෙන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *