වොෂින්ටනය ගැන දැනගනිමු

වොෂින්ටනය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර. මේ නිසාම ලෝකයේ බලගතුම අගනගරය විදිහටත් වොෂින්ටනය හඳුන්වන්න පුළුවන්. අපි අද ඔබට කියන්න යන්නේ මේ නගරය සහ එහි ගොඩනැගිලි පිළිබඳව රසවත් තොරතුරු කීපයක්. ඊට කලින් යමක් මතක් කරන්න තියෙනවා. මේ ආටිකල් එකේ හෙඩිම විදිහට වොෂින්ටනය කියලා භාවිතා කළාට මේ නගරයේ නිවැරදි නම වෙන්නේ වොෂින්ටන් ඩී. සී (District of Columbia).

 

1. ඇමරිකා එක්සත් ජනපදයේ 51 වෙනි ප්‍රාන්තය

ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවලට වඩා වැඩි ජනගහණයක් වොෂින්ටන් නගරය තුළ වාසය කරනවා (වයෝමින් සහ වර්මොන්ට් ඊට වඩා අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්). මේ නිසාම ඇතැම් අවස්ථාවලදී ඇමරිකාවේ පනස් එක් වැනි ප්‍රාන්තය ලෙස වොෂින්ටනය නම් කිරීමේ උත්සාහයක් පැවතුණත් එය සාර්ථක වූයේ නැහැ. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තවලට ලැබී තිබෙන බලතල සමාලෝචනය කිරීමේදී රටේම අගනගරය ලෙස වොෂින්ටනය සුවිශේෂී විය යුතු බවට ඇමෙරිකානු දේශපාලනය තුළ වන පිළිගැනීමයි. මේ නිසාම වොෂින්ටනය ප්‍රාන්තයක් ලෙස නම් කිරීම ඇමරිකා එක්සත් ජනපදය ව්‍යවස්ථාවෙන්ම අවහිර කොට තිබෙනවා.

 

2. ජනාධිපති ප්‍රතිමා පිළිබඳ රස කතා

වොෂින්ටනයේ පිහිටා ඇති ඇන්ඩෘ ජැක්සන් ජනාධිපතිවරයාගේ ප්‍රතිමාව නිර්මාණය කොට තිබෙන්නේ 1812 වසරේදී බ්‍රිතාන්‍යයන් සමඟ යුද්ධයේදී අල්ලා ගන්නා ලද කාලතුවක්කු උණු කිරීම මගිනුයි. මුල් කාලයේදී මෙහි පිහිටා තිබූ තෝමස් ජෙෆර්සන් ජනාධිපතිවරයාගේ ප්‍රතිමාව කපරාරු කළ එකක් වූයේ එම ප්‍රතිමාව නිමැවුණු දෙවන ලෝක යුද්ධ සමය වන විට ලෝහ ලබා දෙනු ලැබුවේ කූපන් ක්‍රමයට වීම නිසයි. කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඒ වෙනුවට අඩි 19ක් පමණ උස පිත්තල ප්‍රතිමාවක් සකස් කරනු ලැබුවා.

 

3. ඡන්ද බලය නොලැබුණු වොෂින්ටන්

අතීතයේදී වොෂින්ටන් නගරයේ වාසය කරන ජනතාවට ජනාධිපතිවරණවලදී ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව ලැබුණේ නැහැ ඊට හේතුව වූයේ ඔවුන් ප්‍රාන්තයක් නොවීමයි. කෙසේ නමුත් විසිතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් වොෂින්ටන් ජනතාවට ඒ සඳහා අවස්ථාව ලැබුණා.

4. විවිධත්වයෙන් යුතු නගරය

ජනගහණ සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව වොෂින්ටන් නගරය තුළ එකිනෙකට වෙනස් භාෂා එකසිය පනහකටත් අධික ප්‍රමාණයක් භාවිතා කරන ජන කණ්ඩායම් වාසය කරනවා. මෙය ඇතැම් විට ඔබට පුදුමයක් සේ දැනුනත් ඊට හේතුව වන්නේ විවිධ රටවල තානාපති කාර්යාල වොෂින්ටන් නගරය තුළ පිහිටා තිබීමයි. එසේම ඊට අමතරව එම රටවල සංස්කෘතික මධ්‍යස්ථාන ගණනාවක්ද නගරය තුළ ස්ථාපනය කොට තිබෙනවා.

 

 

5. කැපිටල් ගොඩනැගිල්ල උඩ

ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව කතා කථා කරද්දී එරට නිරූපණය කරන සංකේතයක් විදිහට ලිබර්ටි ප්‍රතිමාව ලොව පුරා ආකර්ෂණයට ලක් වෙනවා. නමුත් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ල මුදුනේ තවත් කාන්තාවකගේ රුවක් ස්ථාපනය කොට තිබෙනවා. පිත්තලවලින් තනා ඇති මෙය සැළකෙන්නේ නිදහසේ ප්‍රතිමාව ලෙසයි. උකුස්සෙකුගේ හිසක් වැනි ශීර්ෂාභරණයකින් සැරසුණු ඇයගේ උස අඩි දහ නවයක් වන අතර බර රාත්තල් පහළොස් දහසක් පමණ වනවා.

 

6. හිස් සුසානාගාරය

ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ජනාධිපති වන ජෝර්ජ් වොෂින්ටන්ගේ මරණයෙන් පසුව ඔහුගේ දේහය කැපිටල් ගොඩනැගිල්ලේ තනා තිබෙන සුසානාගාරයක තැන්පත් කිරීමට ඇමරිකානු දේශපාලන පාර්ශව උත්සාහ දරා තිබුණා. නමුත් ජෝර්ජ් වොෂින්ටන් තමන්ගේ අන්තිම කැමැත්ත ප්‍රකාරව ඒ සඳහා තෝරාගෙන තිබුණේ තමන්ගේ නිවස පිහිටා තිබූ මවුන්ට් වර්නන් ප්‍රදේශයයි. එමනිසා අදටත් කැපිටල් ගොඩනැඟිල්ල තුළ හිස් සුසානාගාරයක් දකින්නට ලැබෙනවා.

 

7. වොෂින්ටනය තුළ වල දැමූ එකම ඇමරිකානු ජනාධිපතිවරයා

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වොෂින්ටනය තුළ පිහිටා තිබුණත් එක ඇමරිකානු ජනාධිපතිවරයෙක් හැර අන් කිසිවෙක් තමන්ගේ අවසන් නින්දේ සැතපෙන ස්ථානය ලෙස වොෂින්ටනය තෝරාගෙන තිබුණේ නැහැ. ඔවුන් සියළු දෙනාම පාහේ ඉහත සඳහන් කළ අයුරින් තමන් ඉපදුණු ප්‍රාන්තය හෝ තමන්ගේ ජීවිතය හා බැඳුණු වෙනත් තැනක් තෝරාගනු ලැබුවා. ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ දේහය පමණක් වොෂින්ටන් ජාතික කැතීඩ්‍රල් දෙව් මැදුරේ තැන්පත් කරනු ලැබ තිබෙනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *