බයිට් කිව්වම ඉතින් නානාප්‍රකාර බයිට් වර්ග තියනවනේ. ඒත් ඉතින් නිර්මාංශ අයට තියෙන්නෙ බොහොම සුළු බයිට් වර්ග ටිකක්නේ. ඔන්න අද අපි වෙනදා කන බයිට් නැතුව රසවත් නිර්මාංශ බයිට් ටිකක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්ම. එහෙනම් රස විඳින්න.
1. කැරට් ෆ්රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- දික් අතට කපාගත් කැරට් අල 2
- ඔලිව්තෙල් මේස හැඳි 2
- චොප්කරගත් පාස්ලි මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කැරට් වලට අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.
- බේකින් ෂීට් එකක් දාපු ට්‍රේ එකක මේ ටික අතුරලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.
2. ෆ්‍රයිඩ් මශෲම්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- හතු පැකට් 1
- මිරිස්කුඩු
- තුනපහ කුඩු
- ලුණු හා ගම්මිරිස්කුඩු
- පාන්පිටි කෝප්ප 1
- කඩලපිටි කෝප්ප 1
- බැදීමට තෙල්
- හතු ටික සෝදලා තීරුවලට ඉරාගන්න. මේකට මිරිස්කුඩු තේ හැඳි 1/2ක්, තුනපහකුඩු තේ හැඳි 1/2, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. වතුර මේස හැන්දක් දෙකක් එකතු කරන් හොඳට කලවම් කරගන්න. මේක වහලා විනාඩි15ක් තියන්න.
- වෙනම බෝල් එකකට පාන්පිටි, කඩලපිටි ටික දාලා මිරිස්කුඩු තේ හැඳි 1/2 හා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.
- දැන් හතු එකින් එක අරන් බැටර් එකේ කෝට් කරගන්න.
- මේවා රත්වුණු තෙලට දාලා බැදගන්න. බදිනකොට එකින් එක දාලා එකිනෙක නොඇලෙන සේ බැදගන්න.
3. අලුකෙසෙල් චිප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- අළුකෙසෙල් ගෙඩි කිහිපයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- බැදීමට තෙල්
- අළුකෙසෙල් වල පොතු අයින් කරලා තුනී පෙති කපාගන්න. දැන් මේ ටික අයිස් වතුරට දාලා විනාඩි 15ක් තියන්න.
- වතුර පෙරෙන්න තියලා රෙදි සර්වියට් එකකින් හෝ පේපර් ටවල් එකකින් තෙත මාත්තු කරගන්න.
- මේකට ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු හා මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.
- රත්වුණු තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
4. වෙජිටබල් නගට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
ෆිලින් එකට
- තම්බාගත් අලගෙඩි 3
- ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
- චොප්කරගත් ගෝවා කෝප්ප 1/4
- චොප්කරගත් බෙල්පෙපර් මේස හැඳි 2
- කෝන් මේස හැඳි 2
- පොඩි කරගත් ග්‍රීන්පීස් මේස හැඳි 2
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1/2
- හාල්පිටි කෝප්ප 1/4
- බිස්කට් කුඩු කෝප්ප 1/4
කෝට්කිරීමට
- පාන්පිටි කෝප්ප ¼
- ලුණු හා ගම්මිරිස්කුඩු
- වතුර කෝප්ප 1/4
- බිස්කට්කුඩු කෝප්ප 1
- ෆිලින් එක හදාගන්න ඕනේ සියල්ලම බෝල් එකකට දාලා අනලා ඩෝ එකක් හදාගන්න. දැන් මේකෙන් පොඩි කොටස් අරන් අතින් කොටු හැඩේට හදන්න.
- පාන්පිටි වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා වතුර දාලා ඝණ මිශ්‍රණයක් හදාගන්න.
- සාදාගත් නගට්ස් ටික පාන්පිටි මිශ්‍රණයේ දාලා බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
5. පොටෑටො බයිට්
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
- කෑලිමිරිස් තේ හැඳි 1/2
- වතුර කෝප්ප 1/2
- හාල්පිටි කෝප්ප 1/2
- තම්බාගත් අලගෙඩි 2
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- ලුණු
- පෑන් එකකට සුදුළූණු හා කෑලිමිරිස් ටික දාලා වතුර දාලා උණු කරගන්න.
- වතුර නටනකොට හාල්පිටි දාගන්න. හොඳට කලවම් කරලා කැටි ගැහීගෙන එනකොට ලිපෙන් බාගන්න.
- දැන් අල ටික පොඩි කරලා මේකට එකතු කරන්න. කෝන්ෆ්ලා ටිකත් දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
- අතේ නොඇලෙන සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. දැන් මේක අඟල් එකහමාරක් විතර මහතට රෝල් කරල හීනි පෙති කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න.
6. බ්‍රොකෝලි ටොට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බ්රොකොලි කෝප්ප 1
- බිස්කට් කුඩු කෝප්ප 1/4
- ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/4
- චොප්කරගත් සුදුළූණු බික් 4
- ලුණු ස්වල්පයක්
- සෝස් ස්වල්පයක්
- වතුර මේස හැඳි 3
- බ්‍රොකෝලි ටික චොප්කරගෙන බෝල් එකකට දාගන්න. මේකට ඉහත සියල්ලම දාලා අනාගන්න.
- විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ තියල අරන් බෝල හැඩයට හදාගන්න.
- දැන් මේක බේකින් ෂීට් එකක් දාපු ට්‍රේ එකක අතුරලා සෙල්සියස් 180°ට විනාඩි15ක් බේක් කරගන්න.
7. සුකිනි චිප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුකිනි ගෙඩි 1
- ඔලිව්තෙල් ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- සුදුළූණු පව්ඩර් ස්වල්පයක්
- සුකිනි හීනි පෙති කපාගන්න. පෙති දෙපැත්තෙම ඔලිව් තෙල් ගාගන්න. ලුණු, ගම්මිරිස්කුඩු හා සුදුළූණු පව්ඩර් එකට කලවම් කරලා මේ පෙති වල තවරගන්න.
- බේකින් ෂීට් එකක් දාපු ට්‍රේ එකක අතුරගෙන සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.
Leave a Reply