හිට් වෙන යූටියුබ් චැනල් එකකට සුපිරි අයිඩියා 7ක් මෙන්​න

‍යූටියුබ් කියන්නෙ මේ වෙනකොට ලෝකෙම හොල්ලලා තියන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. කොරෝනා මුළු ලෝකේම රටවල් ආක්‍රමණය කරන කොට එක එක රටවල් මාස ගණන් ලොක්ඩවුන් කළා. ඉතින් මේ කාලෙ ගෙදරට වෙලා හිටපු උදවිය බොහොමයක් කළේ මේ යූටියුබ් එකේ සැරිසරන එක. ඒ වගේම සෑහෙන පිරිසක් යූටියුබ් චැනල් ආරම්භ කරන්නත් පෙළඹුණා. යූටියුබ් සල්ලි හම්බ කරන්න හොඳ මාර්ගයක්. ඉතින් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාලට සුපිරි අයිඩියා ටිකක් ගෙනාවා අද. කියවලා බලන්න. සුපිරියටම හිට් වෙන චැනල් එකක් පටන් ගන්න මේ අදහස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 

 

1. ටෙක් ඇන්ඩ් ගැජට් රිවීව් චැනල් 

දිනෙන්දින අලුත් වෙන තාක්ෂණික ලෝකේ මොබයිල් ෆෝන් ඇප්ස්, ඒ වගේම ලැප්, පීසී වල අලුත් වර්​ෂන්, අලුතෙන් එන ෆෝන්ස්, ප්‍රෝග්‍රෑම් ඉන්ස්ටොලේශ්න් වගේ ගොඩක් දේවල් හැමෝටම තේරෙන්නෙ නෑ. ඉතින් ඒවා තේරෙන විදියට කියලා දෙනව නම් සෑහෙන්න වටිනවා. කොටින්ම යූටියුබ් චැනල් එකක් මොනටයිස් කරගන්න ඒකට සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්නෙ කොහොමද වගේ අදහස් පවා යූටියුබ් එකෙන් ඉගෙනගන්න අය ඉන්නවා. ඉතින් ඔයා අලුත් ටෙක්නොලජි එක ගැන දැනුමක් තියන කෙනෙක් නම්, ඒ ගැන වැඩිදුර හදාරන කෙනෙක් නම් මේ වගේ චැනල් එකක් පටන් ගන්න එක හරිම ලේසි වැඩක්.

 

2. ගේමින්

මේ වෙනකොට ලංකාවෙ සෑහෙන වීව්ස් යන්නෙ මේ ගේම් චැනල් වලට. ඔන්ලයින් ගේම්ස් වලට කැමති ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ වගේම ගේම්ස් වලින් වින් කරන හැටි බලන්න ආස ගොඩක් පිරිසක් ඉන්නවා. ඒකයි ගේමින් චැනල් මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නෙ. වැඩිපුර වීව්ස් එනවා මේ ගේමින් චැනල් වලට. මේ පැත්තට ආස කෙනෙක් හෝ ගේමින් වල හොඳ ටැලන්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නව නම් මෙහෙම වැඩක් පටන් ගන්නත් පුළුවන්. 

 

3. නිවුස්

නිවුස් චැනල් එකක් කරනවා කියන්නෙ හැමවෙලේම අප්ඩේට් වෙන්න ඕනේ. ඒක ටිකක් මහන්සිවෙලා කැපවීමෙන් කරන්න ඕන දෙයක්. නිවුස් කියන දේවල් ආව සැණින් නිවැරදි තොරතුරු පළ කරන්න ඕනේ. යූටියුබ් එකෙන් නිවුස් බලන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔයා නිවුස් චැනල් එකක් කරනව නම් ඉක්මන් වීඩියෝ එඩිටින් වගේම හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇතුව නොපමාව නිවුස් ගන්න පුළුවන් වෙබ් සයිට් එකක් හෝ කන්ටැක් එහෙම ඇතුව සියල්ලෙන් සන්නද්ධව කරන්න ඕන. එහෙම කළොත් ඔයාගෙ චැනල් එක හිට් වෙන එක කාටවත් නවත්තන්න බෑ. 

 

4. මිනියේචර්ස්

මේ වෙනකොට යූටියුබ් එකේ ගොඩක් ප්‍රසිද්ධ කලාවක් තමයි මේ මිනි​යේචර් වීඩියෝ. මිනියේචර් කුකින්, මිනියේචර් සැලොන් වගේම ලයිෆ් හැක්ස්. මේ වීඩියෝ වලටත් දැන් සෑහෙන ඉල්ලුමක් තියනවා. අතට ගන්නවත් බැරි පොඩි මිනි සයිස් බඩු වලින් කරන මේ වීඩියෝ බලන්න ගොඩක් අය ආසයි. ඒ අතරින් මිනියේචර් කුකින් තමා ගොඩක් ප්‍රසිද්ධ. ෆුඩ් චැනල් වැහි වැහැලා තියන එකේ එතනින් පොඩ්ඩක් එහාට ගිහින් මේ වගේ වෙනස් දෙයක් කළා නම් සෑහෙන ජනප්‍රිය වෙන්න පුළුවන් ඔයාටත්. මිනියේචර් වීඩියෝ වලට මිනියේචර් ආර්ට්ස්, ක්‍රාෆ්ට්ස් වගේම බිල්ඩින්ස් වගේ දේවලුත් කරන්න පුළුවන්. 

 

5. රෙස්ටෝරන්ට් ඇන්ඩ් ෆුඩ් රිවීව්

නිතරම එළියෙන් කන, නිතරම ට්‍රිප් යන අයට නම්, ඔයාලා යන හොටෙල්ස්, රෙස්ටෝරන්ට් වල කෑම ගැන රිවීව්ස් දෙන්න පුළුවන් යූටියුබ් චැනල් එකක් හැදුවොත් යූටියුබ් එකෙන් විතරක් නෙමෙයි, කාලයක් යනකොට ඔයාලට රෙස්ටෝරන්ට්, හොටෙල්ස් වලින් ස්පොන්සර් කරන්නත් පටන් ගනී. ඒ වගේම හෝම්බේස්ඩ් බිස්නස් ගැන රිවීව්ස් දෙන එකත් බිස්නස් නගා සිටුවන්න සෑහෙන්න හොඳ දෙයක්. ඒ වගේ දෙයකට ආසා ෆැමිලි, කපල්ස්වල​ට හෝ තනියම උනත් මේ වගේ චැනල් එකක් ආරම්භ කරන එක ගොඩක් හොඳයි. 

 

6. DIY අයිඩියාස්

5 මිනිට්ස් ක්‍රාෆ්ට්ස් අද සෝ​ෂල් මීඩියා වල ගොඩක් ජනප්‍රියයි. ලයිෆ් හැක්ස් වීඩියෝ බලන්න ගොඩක් අය ආසයි. ඒවගේම අඩු කාලෙකින් ලස්සන ක්‍රාෆ්ට්ස් වගේ දේවල් කරනවා බලන්න කවුරුත් කැමතියි. මේවටත් යූටියුබ් එකේ සෑහෙන තැනක් තියනවා. සමහරු මේවා ට්‍රයි කරලා හොඳ නරක එහෙමත් දාලා තියනවා. ඒ වගේම ඒවා කම්පෙයාර් කරන වීඩියෝ, ෆේල් වුණ අවස්ථා වගේ වෙනස් වීඩියෝසුත් ගොඩක් කරන්න පෙළඹෙන්නෙ ඒවට ඇදෙන ඕඩියන්ස් එක වැඩි නිසයි. ඔයාලටත් මේ වගේ හැකියාවක් තියනව නම් ට්‍රයි කරලා බලන්න. 

 

7. ට්‍රැවලින් චැනල්ස්

ට්‍රැවලින් කියන්නෙ කවුරුත් ආස දෙයක්නේ. අද යූටියුබ් එකේ මේවටත් හො​ඳ තැනක් තියනවා. මේ ටිකේ නම් ට්‍රැවල් කරන්න බැරි උනත් ඉඩක් ලැබුණු ගමන් ට්‍රැවලින් කරන අය ​ඉන්නවා. ඒ වගේම ගොඩක් අය නොදන්න තැන් වලට ගිහින් ඒ ගැන විස්තර දාලා තව කෙනෙක්ට යන්න ආසා හිතෙන වීඩියෝ කරලා යූටියුබ් දානව නම් ඒවා බලන පිරිස වැඩියි. ඇත්තටම යන්න නොහැකි උනත් බලා සැනසෙන පිරිසකුත් ඉන්නවනේ. ඉතින් ලංකාවෙ විතරක් නෙමෙයි, පුළුවන් නම් ලෝකෙ වටේත් ට්‍රැවල් කරලා ඔයා ගත්තු අත්දැකීම් වල වීඩියෝ තවත් කෙනෙක්ට ආශ්වාදයක් ගෙනෙයි. මේකත් සුපිරි අයිඩියා එකක්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *