ජර්මනිය කියන්නේ ඉතිහාසය තුළ අති දැවැන්ත අභියෝගවලට මුහුණ දුන්න රටක්. සියවස් ගණනාවක් තිස්සේ රාජ්‍යයන් ගණනාවකට බෙදී තිබුණු ජර්මනිය අවසානයේදී ජර්මන් අධිරාජ්‍යය විදිහට එක්සේසත් වෙනවා. නමුත් ඉන් දශක කීපයක් ගත වන්නට පෙර පළමු ලෝක යුද්ධයේ පැටලීම නිසා ආර්ථික වශයෙන් රට බින්දුවටම වැටෙනවා. ඊට පස්සේ නාසිවාදීන්ගේ නැගීමත් එක්ක ආර්ථික සහ හමුදාමය අතින් යුරෝපයේ බලවතෙකු බවට යළිත් පත්වෙනවා. නමුත් දෙවැනි ලෝක යුද්ධයේදී ලද පරාජයත් සමඟ ජර්මනිය අතිමහත් විනාශයකට ලක්වෙනවා පමණක් නොව රට කොටස් දෙකකට වෙන්කිරීමට ජයග්‍රාහී පාර්ශව ක්‍රියා කරනවා. යළිත් ජර්මනිය එක්සත් වීමෙන් අනතුරුව යුරෝපයේ ආර්ථික වශයෙන් බලවතෙක් බවට පත්වෙන්න සමත් වෙනවා. අපි අද කතා කරන්න යන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය ගොඩ ගන්න දායක වුණු නායකයෝ කීපදෙනෙක් පිළිබඳව.
1. කොන්රඩ් අ’ඩේනවුර් (Konrad Adenauer)
දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව බටහිර ජර්මනියේ පළමු චාන්සලර්වරයා බවට පත්වූ ඔහුගේ ප්‍රධානම අභියෝගය වූයේ විනාශ වී තිබූ ජර්මනියේ ආර්ථිකය නැවතත් යළි ගොඩනැගීමයි. එසේම ජර්මනියේ ආර්ථික සමෘද්ධිය රැඳී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සමඟ බව දැඩිව විශ්වාස කළ ඔහු තම රට නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු බවට පත් කිරීමට කටයුතු කළා.
2. ලුඩ්විග් අර්හාඩ් (Ludwig Erhard)
කොන්රඩ්ගේ කැබිනට් මණ්ඩලයේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලුඩ්විග්, ජර්මානු ආර්ථිකය නැවත පුනර්ජීවනය කිරීමට සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. සමාජ වෙළඳපල ආර්ථිකය යන සංකල්පය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ ඔහු ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළා. ඇතැම් අවස්ථාවල කොන්රඩ් සහ ඔහු අතර ගැටුම් ද ඇතිවුණු බව කියවෙනවා. කෙසේ නමුත් ඔහු ඉන්පසුව චාන්සලර් ධූරයට පත්වූ අතර අයවැය පරතරය පිළිබඳ ඔහු ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඇතිවුණු විසංවාදයක් නිසා පසුව ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.
3. කර්ට් කිසිංගර් (Kurt Kesinger)
අතිදක්ෂ කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ කිසිංගර්, චාන්සලර් ධූරය බාර ගනු ලැබුවේ ලුඩ්විග්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි. සෝවියට් හිතවාදී රටවල් සමඟ ඇතිව තිබූ පරස්පරතා යම්තාක් දුරකට සමනය කිරීමට ඔහු සමත් වුණා. එසේම බටහිර ජර්මනිය තුළ බොහෝ සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් මුල පුරනු ලැබුවා.
4. විලී බ්‍රැන්ඩ්ට් (Willy Brandt)
සිය පූර්වගාමිකයන් ගෙන ගිය ප්‍රතිපත්ති තවත් ශක්තිමත් කරමින් බටහිර යුරෝපා රටවල් සමග ජර්මනියේ ඇති සම්බන්ධතා වැඩි දියුණු කිරීමට බ්‍රැන්ඩ්ට් කටයුතු කරනු ලැබුවා. එසේම රජයේ ප්‍රතිපත්තියක් ලෙස සෝවියට් හිතවාදී නැගෙනහිර යුරෝපා රටවල් සමග සබඳතා යම්තාක් දුරකට හිතකර ස්වභාවයක් දක්වා ගෙන ඒමට ඔහු මුලපුරනු ලැබුවා. කෙසේ නමුත් ඔහුගේ සමීපතම සගයකු සෝවියට් ඔත්තුකරුවෙකු බව හෙළිවීමත් සමග බ්‍රැන්ඩ්ට් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කටයුතු කළා.
5. හෙල්මුට් ෂිමිඩ්ට් (Helmut Schimidt)
චාන්සලර් ධුරය දැරීමට පෙර හෙල්මුට් ෂිම්ඩ්ට් ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධුරවල කටයුතු කළ අතර සිය හැකියාව ජර්මනිය ඉදිරියේ ඔප්පු කර තිබුණා. චාන්සලර් ධුරය දැරීමේදී ඔහුගේ මූලික දේශපාලන ප්‍රතිපත්තිය වූයේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ සහයෝගී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ යුරෝපය තුළ දේශපාලන වශයෙන් එකීයත්වයක් ඇති කිරීමයි. යුරෝපීය මහ බැංකුව වැනි ආයතන ඇති කිරීම සඳහා ඔහු සුවිශාල දායකත්වයක් ලබා දුන්නා.
6. හෙල්මුට් කෝල් (Helmut Kohl)
ජර්මනිය යුරෝපය තුළ ප්‍රබල තත්ත්වයකට ගෙන ඒම මූලික අරමුණු කරගත් හෙල්මුට් කෝල්, එතෙක් ජර්මනියේ සාම්ප්‍රදායික සතුරා ලෙස සැළකුණු ප්‍රංශය සමග සමීප ආර්ථික සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළා. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ සමීප හිතවතෙකු වූ ඔහු සෝවියට් දේශය දුර්වල කිරීමේ ප්‍රතිපත්තිවලට සිය සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා.
7. ගර්හාඩ් ෂ්රොඩර් (Gerhard Schroder)
වර්තමාන ජර්මන් චාන්සලර් මර්කෙල් මහත්මියට පෙර එම ධුරය දැරූ ෂ්රොඩර්, එතෙක් පැවති ජර්මන් ප්‍රතිපත්ති බොහෝ දුරට වෙනස් කිරීමට සමත් වුණා. යළිත් ජර්මනිය ලෝක බලවතෙක් විය යුතු බව සඳහන් කළ ඔහු ඒ වෙනුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ලැබුවා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply