දැක්කොත් නොකන, කෑවොත් හැමදාම කන බෙල්ලො රසට හදමු

ඔයිස්ටර්ස් එහෙමත් නැත්තන් මුහුදු බෙල්ලො ලංකාවේ අපි නිත​රම කන කෑමක් නම් නෙමෙයි. හැබැයි තරු 5 හෝටල් වල නොවරදින කෑමක්. ලංකාවෙන් පිට සංචාරයකදි ඔයාලට මේවා කන්න අවස්ථාව ලැබිලත් ඇති. ගුණ අතින් නම් පෝෂණය ඉතාම වැඩි මේ මුහුදු බෙල්ලො ගොඩක් අය කන්නෙ අමුවෙන්. හැබැයි ඉතින් ලංකාවෙ අපිට අමුවෙන් කන එක ගැලපෙන රසක් නෙවෙයිනෙ. ඉතින් අද අපි මේ බෙල්ලො රසට උයාගන්න හැටි කියලා දෙන්නයි ආවේ. 

 

1. ඔයිස්ටර් පිකාටා (Oyster piccata)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සෝදාගත් ඔයිස්ටර් ග්‍රෑම් 500
  2. පාන්පිටි කෝප්ප 3
  3. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. වියළි තයිම් ටිකක් 
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. තුනපහකුඩු තේ හැඳි 1
  8. බිත්තර 3

 

  • පාන්පිටි වලට ඔයිස්ටර් හා බිත්තර හැර අනික් ඔක්කොම දාලා කලවම් කරගන්න.
  • බිත්තර 3 වෙනම විස්ක් කරගන්න. 
  • දැන් ඔයිස්ටර් ටික පිටි මිශ්‍රණයට දාලා, බිත්තර සාරු වල දවටලා, ආයෙ පිටි වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

2. ස්කැ​ලොප්ඩ් ඔයිස්ටර්ස් (Scalloped oysters)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුඩුකරගත් සේවරි ක්‍රැකර්ස් බිස්කට් කෝප්ප 3
  2. මෙල්ටඩ් බටර් කෝප්ප 1
  3. ඔයිස්ටර් ග්‍රෑම් 500
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. චොප්කරගත් පාස්ලි ටිකක්
  7. හෙවික්‍රීම් කෝප්ප 1

 

  • අවන් එක ප්‍රී හීට් කරගන්න. ඔයිස්ටර් වලට ලුණු, ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩු දාලා පැයක් වගේ සීසන් කරගන්න. 
  • කුඩුකරගත් බිස්කට්වලට මෙල්ටඩ් බටර් දාලා කලවම් කරගන්න. 
  • ට්‍රේ එකක අඩියට මේ බිස්කට් ලේයර් එක්ක දාගන්න. ඊළඟට ඔයිස්ටර් ලේයර් එකක් දාගන්න. ආයේ බිස්කට් ලේයර් එකක් දාලා චොප්කරගත් පාස්ලි දාලා හෙවික්‍රීම් ටික දාගන්න. 
  • මේක සෙල්සියස් 180°ට විනාඩි 40ක් වගේ බේක් කරගන්න. 

 

3. ඔයිස්ටර් ස්ක්‍රැම්බල් (Oyster Scramble)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේබි ඔයිස්ටර් ග්‍රෑම් 200
  2. කඩල පිටි මේස හැඳි 3
  3. බිත්තර 3
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. ෆිශ් සෝස් මේස හැඳි 1
  6. තෙල් ටිකක් 
  7. චොප්කරගත් ළූණු කොළ ටිකක් 

 

  • වතුර කෝප්පෙකට කඩල පිටි ටික දිය කරගන්න. බිත්තර ටිකට ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ෆිශ් සෝස් ටිකත් දාලා හොඳට විස්ක් කරගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටිකක් දාගන්න. ඊළඟට කඩලපිටි මිශ්‍රණය ටික ටික දාලා ස්ක්‍රැම්බල් කරගන්න. 
  • මේකට බිත්තර මිශ්‍රණයත් දාලා හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. ඊළඟට චොප්කරගත් ළූණු කොළ ටික දාගන්න. බිත්තර ටික පෑන් එකේ පැත්තකට කරලා ඔයිස්ටර් ටික දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. 
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ලිපෙන් බාගන්න. 

 

4. කොරියන් ස්ටයිල් ෆ්‍රයිඩ් ඔයිස්ටර්ස් (Korean style fried oysters)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔයිස්ටර් ග්‍රෑම් 200
  2. චොප්කරගත් ළූණු කොළ ටිකක් 
  3. කපාගත් රතු බෙල්පෙපර් ටිකක්
  4. තල තෙල් 

 

බැටර් එකට

 

  1. බිත්තර 1
  2. පාන්පිටි මේස හැඳි 4
  3. වතුර මේස හැඳි 4

 

සෝස් එකට

 

  1. සීනි තේ හැඳි 1
  2. සෝයා සෝස් මේස හැඳි 1
  3. විනාකිරි මේස හැඳි ½
  4. තලාගත් සුදුළූණු තේ හැඳි ½
  5. තල ඇට තේ හැඳි ½ 

 

  • ඔයිස්ටර් හොඳින් සෝදා තෙත වියළා ගන්න. බැටර් එකට අවශ්‍ය සියල්ලම එකට මිශ්‍ර කරලා විස්ක් කරගන්න.
  • සෝස් එකට අවශ්‍ය සේරමත් එකට කලවම් කරල පැත්තකින් තියාගන්න.
  • පෑන් එකකට තල තෙල් පොඩ්ඩක් දාල හදාගත්ත බැටර් එකෙන් භාගයක් දාලා පෑන් කේක් එක වගේ රවුමට ස්ප්‍රෙඩ් කරගන්න.
  • ඒකට උඩින් ඔයිස්ටර් ටිකයි බෙල්පෙපර් ටිකයි අතුරගන්න. උඩින් ඉතුරු බැටර් එක වක් කරගන්න.
  • ඔයිස්ටර් ටික හොඳින් තැම්බෙනකම් එක පැත්තක් විනාඩි 3-4ක් බැගින් අඩු ගින්දරේ දෙපැත්තම පිසගන්න.
  • තීරු කපලා හදාගත්ත සෝස් එකත් එක්ක පිළිගන්වන්න.

 

5. ඔයිස්ටර් රොක​ෆෙලර් (Oysters Rockefeller)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කට්ට සහිත ඔයිස්ටර්ස් 10-15
  2. චොප්කරගත් ළූණු කොළ ටිකක් 
  3. සුදුළූණු බික් 2
  4. පාස්ලි ටිකක් 
  5. බේබි ස්පිනෑච් කොළ කෝප්ප 1/2
  6. වයිට් වයින් කෝප්ප 1/2
  7. බටර් කෝප්ප 1/4
  8. මිරිස්කුඩු තේ හැඳි 1
  9. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
  10. ග්‍රේට්කරගත් පාමසාන් චීස් කෝප්ප 1/4

 

  • ග්‍රයින්ඩර් එකට ළූණුකොළ, සුදුළූණු, පාස්ලි, බේබි ස්පිනෑච් දාලා වයිට් වයින් එක්ක හොඳට් ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් උනාම ග්‍රයින්ඩ් කරගත් මික්ස් එක දාගන්න. මේකට මිරිස්කුඩු ටික දාගන්න. සෝයාසෝස් ටිකත් දාලා මදගින්නෙ හැඳිගාන්න. 
  • බුබුළු දානකොට පාමසාන් චීස් ටික දාගන්න. චීස් ටික මෙල්ට් උනාම ලිපෙන් බාගන්න. සුද්ද කර සෝදා උඩ කට්ට ගලවාගත් බෙල්ලන් මත මේ සෝස් එකෙන් ටික ටික දාගන්න. මේක විනාඩි 5ක් වගේ සෙල්සියස් 180°ට අවන් එකේ බේක් කරගන්න. 
  • ඊළඟට උඩින් තව පාමසාන් චීස් ටිකක් දාලා, තවත් විනාඩි 4ක් බේක් කරලා කෑමට ගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *