ජිම් කියන්නේ ලොක්ඩවුන් කාලේ අපිට ටිකක් මිස්වුණු දෙයක්. ඒත් ජිම් එකකට යන එක රට විවෘත කාලේ කරන්න වටින වැදගත් දෙයක්. ඉතින් මේ ව්‍යායාම කරන්න ඒ මධ්‍යස්ථාන වලට ගියාම එක එක මට්ටමේ බර ඉසිලීමේ ව්‍යායාම තියෙනවා. ඇතැම් විට අපි ඇඟ ටිකක් ශේප් කරගන්න ගියත් මේ බර උසුලන ව්‍යායාම වලට යොමුවෙන්න වෙනවා. මේ බර ඉසිලීමේ ව්‍යායාම වල තියෙන වැදගත්කම මොකක්ද කියලා අපි කෙටියන් හොයා බලමු.
1. ශරීර ශක්තිය වැඩි වීම
අනෙක් සැහැල්ලු ව්‍යායාම වලින් මේදය දහනය කරන්න පුළුවන් වුණත් ශරීර ශක්තිය වැඩිදියුණු වීමට බර එසවීම වැදගත් වෙනවා. අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙන විදිහට සිරුරේ ශක්තිය වැඩිදියුණු වෙන්න බර එසවීමේ ව්‍යායාම වලින් ලොකු මෙහෙයක් වෙනවා. ඒ වගේම අනෙක් ව්‍යායාම එක්ක බලද්දි බර එසවීම තුළින් ඉක්මනින්ම සිරුරේ ශක්තිය වැඩිදියුණු කරගන්න පුළුවන් වෙනවා. ශරීර ශක්තිය වැඩිදියුණු වීම ගෙදර දොර සහ එදිනෙදා වැඩ පහසුවෙන් කරන්න වැදගත් වෙනවා වගේම ලෙඩක් දුකක් හැදුනත් හොඳ ප්‍රතිශක්තියක් ඇතිවෙන්න ඒක වැදගත් වෙනවා.
2. ශරීරය හැඩ වීම
හැමෝටම මස් පුම්බලා හැඩ වෙන්න උවමනාවක් නැහැ. සමහර අය ව්‍යායාම කරන්නේ සිරුරේ අනවශ්‍ය දේවල් දහනය කරන්න. ඒත් ඉතින් අපි සිරුර හැඩ කරන්න කරන අනෙක් දේවල් එක්ක බලද්දි මේ වෙයිට් ලිෆ්ටින් කියන්නේ අඩු වියදමින් කරන්න පුළුවන් දෙයක්. පිරිමි කෙනෙක් නම් උරහිස් සහ පාද වලට බර ලැබෙන ව්‍යායාම කිරීම මගින් ඒ අංග හැඩට හැදෙනවා. ගැහැනු අයට උකුල සහ ඒ අාසන්න පෙදෙස් ලස්සන කරන බර එසවීමේ ව්‍යායාම තියෙනවා. කොහොම වුණත් ඉක්මනින් හැඩය කරා යන්න බර එසවීම වැදගත්.
3. ආහාර දිරවීමේ කාර්යක්ෂමතාවය වැඩි වීම
අධි රුධිර පීඩනය, දියවැඩියා වැනි තත්ත්වයන් ඇතිවෙන්න එක හේතුවක් තමයි අමතර තෙල් මේද සහ කොලෙස්ටරෝල් සිරුර තුළ තැන්පත් වීම. මේ අමතර තැන්පත්වීම් වලට එරෙහිව ආහාර පාලනය කිරීම, ඖෂධ ගැනීම ආදී දේවල් කරන්න පුළුවන්. ඒත් කරන්න පුළුවන් නම් හොඳම දෙයක් තමයි ඇඟට බර වැටෙන ව්‍යායාම වල නිරත වීම. ඒ හරහා අපි කන බොන අමතර දේවල් ඉක්මනින් දහනය වෙලා සිරුර නිරෝගී බවට පත් වෙනවා. කෑම පාලනය කොපමණ සැලසුම් කළත් කරගන්න බැරි අයට බර එසවීමේ ව්‍යායාම ක්‍රම ක්‍රමයෙන් වැඩි කරලා මේ මේද තට්ටු දහනය කරන්නට පුළුවන්.
4. කාර්යක්ෂම වීම
අපි කරන රාජකාරිය එකතැන වාඩිවෙලා ඉන්න වැඩක් වුණත්, බර එසවීමේ ව්‍යායාම හරහා සිරුරේ පද්ධති ඉක්මනින් කාර්යක්ෂමව වැඩ කරද්දි මොළේ ක්‍රියාකාරකමුත් වේගයෙන් සිදු වෙනවා. ඒ හරහා නවීන අදහස් එනවා. වෙනදාට වඩා වේගයෙන් වැඩ කරන්න අපිට හැකි වෙනවා. අපි රාජකාරිය විදිහට යම් බර වැඩක නිරත වන කෙනෙක් නම් බර එසවීමේ ව්‍යායාම වලින් ඒවාත් ලේසි වෙනවා. වෙනදා රාජකාරි වැඩ කරන්න, ගෙදර වැඩ කරන්න එන කම්මැලිකම නැති කරගන්නත් මේ බර එසවීමේ ව්‍යායාම පාවිච්චි කරන්න පුළුවන්.
5. මානසික ආතතිය අඩු වීම
මානසික ආතතියට අපිට එදිනෙදා ජීවිතයේ තියෙන අත්දැකීම් වගේම අපේ සිරුරේ තත්ත්වයත් බලපානවා. අපේ සිරුර නිරෝගීව තිබුණොත් ඇත්තෙන්ම මනසට වද දෙන මානසික ආතති තත්ත්වයන් ඇතිවෙන්න තියෙන හැකියාව අඩුයි. බර එසවීමේ ව්‍යායාම වලින් මානසික ආතතිය අඩු වෙන බව විද්‍යාත්මකවම සනාථ කරන ලද කාරණාවක්.
6. ආත්මාභිමානය වැඩිදියුණු වීම
කලින් කිව්වා වගේ බර ඉසිලීමෙන් අපේ සිරුර ලස්සන වෙනවා, අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා වගේම අපේ මානසික සෞඛ්‍යයත් දියුණු වෙනවා. එතකොට ඉබේම අපිට තව කෙනෙක් ඉස්සරහා පෙනී සිටින්නට බය වෙන්න කාරණාවක් නැහැ. මොකද අපි ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් වගේම හැකියාව අතිනුත් සාරවත් කෙනෙක් බවට පත් වෙලා ඉවරයි.
7. හදවත නිරෝගී වීම සහ නින්ද යහපත් වීම
හදවත් රෝග වලට මූලිකව බලපාන කොලෙස්ටරෝල් වැනි දේවල් දහනය වෙලා සිරුරෙන් ඉවත් වෙද්දි හදවත් රෝග ඇතිවෙන අවදානම අඩු වෙනවා. ඒ වගේම නින්ද නොයෑම අපිට තියෙන තදබල ප්‍රශ්නයක්. බර එසවීමේ ව්‍යායාම තුළින් සිරුර සුවපත් වීමත් එක්ක ඩිජිටල් ස්ක්‍රීන් පාවිච්චිය අඩු කළොත් අපිට ඉක්මන් නින්දක් ළඟා කරගන්නත් පුළුවන්. බර එසවීම එකවර කරන්න නම් හොඳ නැහැ. ඒ සඳහා සුදුසුකම් ලත් පුහුණුකරුවෙක් තෝරාගන්නත් ඕන.
බර එසවීමේ ව්‍යායාම යූටියුබ් එක දිහා බලාගෙන නම් කරන්න හොඳ ව්‍යායාම ජාතියක් නෙමෙයි. මොකද යම් යම් මාංශපේෂීන් හරිහැටි තෙරපුනේ නැතොත් ඒවා ඇද වෙලා මුළු සිරුරේම තත්ත්වය අවුල් යන්නට පුළුවන්. ඒ නිසා හොඳ දක්ෂ, පළපුරුදු ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් යටතේ මාංශපේෂි ව්‍යායාම කරන එක හොඳයි.
Leave a Reply