මීට මාස කීපයකට කලින් මේ ලිපි මාලාවේ පළවෙනි කොටස අපි ඔබ වෙතට ගෙන ආවා. ඒ ලිපියටත් අපේ අනෙකුත් ලිපිවලට හා සමාන ප්‍රතිචාර ඔබෙන් ලැබිලා තිබ්බ නිසා අපි හිතුවා එහි දෙවැනි කොටස ඔබ වෙත ගෙන එන්න.
1. බඹර පදමට නටපු ජෙනිෆර් ලෝරන්ස්
ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ හැමතිස්සෙම විනෝදයෙන් ඉන්න කැමති තරුවක් කියන එක හොලිවුඩ්පුරයේ ඉතාම ප්‍රසිද්ධ කතාවක්. දවසක් ඇයට ආරාධනාවක් ලැබෙනවා සමාජ මාධ්‍යවල සුවිශාල ජනප්‍රසාදයක් උසුලන ක්‍රිස් ජෙනර්ගේ නිවසේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා. මේ භෝජන සංග්‍රහයේදී වැඩිපුර අනුමත වෙන ජෙනිෆර් අවසානයේදී ජෙනර්ගෙන් අපූරු ඉල්ලීමක් කරනවා. ඒ තමයි තමන්ට මේ ඇඳුම් ඇඳගෙන නිවසට යන්ඩ බෑ අලුත් ඇඳුම් ලබා දෙන්න කියලා. ජෙනිෆර් වගේම බීමතින් ඉන්න ජෙනර් තමන්ගෙ මවගේ ඇඳුම් කීපයක් තමයි ජෙනිෆර්ට ලබාදෙන්නේ.
2. කෙවින් හාට්ගේ ඔර්ලෝසු සෙල්ලම
අද වෙනකොට ජනප්‍රිය හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් බවට පත්වෙලා ඉන්න කෙවින් හාට් පාසල් යන කාලයේදී ප්‍රිය කරල තියෙන්නෙ බාස්කට් බෝල් ක්‍රීඩකයෙකු වෙන්න. නමුත් අදාළ ක්‍රීඩා තේරිම් තරග සඳහා යන්න නම් උදේ පාන්දර හතරටවත් ගෙදරින් පිටත් වෙන්න ඕනෑ කියලා ඔහු දැනගෙන හිටියා. නමුත් ඔහුගේ මව එතරම් උදයෙන් කෙවින්ව පාසල් යවන්න කැමැත්තක් දැක්වූයේ නෑ. ඒ ආරක්ෂක හේතූන් මත. සාමාන්‍යයෙන් කෙවින්ගේ මව ඔහුව පාසල කරා ගෙන යෑමට කටයුතු කරන්නේ උදෑසන 6:00ටයි. මීට උපක්‍රමයක් කල්පනා කළ කෙවින් සිය නිවසේ සියළු ඔරලෝසු පැය දෙකක් කලින් තැබුවා. ඒ නිසා ඔහුට එදා තේරීම් තරගයට යන්න හැකියාව ලැබුණා. නමුත් ඉන් ටික වේලාවකට පසුව පාසලට පැමිණි කෙවින්ගේ මව ඔහුගේ මුළු පන්තියේ ඉදිරිපිටදීම කෙවින්ට පහර දුන්නේ තමන්ට පැය දෙකක් කලින් කාර්යාලයට යෑමට සිදු වූ බව පවසමින්.
3. හර්මයිනි සහ ඩ්‍රැකෝ
ඔබ දන්නා පරිදි ඩ්‍රැකෝ මැල්ෆෝයි කියන්නේ හැරීගේ පමණක් නොව ඔහුගේ සමීපතම මිතුරන්ගේ පවා සතුරෙක්. මේ නිසා එක් වතාවක හර්මයිනි විසින් ඩ්‍රැකෝ හට පහරදීමට පවා පෙළඹෙනවා. නමුත් හර්මයිනිගේ චරිතය රඟපෑ එමා වොට්සන් පසුව පවසා සිටියේ තමන්ට ඩ්‍රැකෝගේ චරිතය රඟපෑ ටොම් ෆෙල්ටන් පිළිබඳව ආදරයක් පහළ වී තිබුණු නමුත් ඔහු සෑම විටම තමන්ට සැළකුවේ සහෝදරියකට සළකන ආකාරයෙන් පමණක් බවයි.
4. කේට් කුමරියට ඇලිසන් ජැනී කිව්ව දේ
බ්‍රිතාන්‍ය රජ පවුල කිව්වම ලෝකයේ බොහෝ දෙනෙක් දැඩි ගෞරවයක් දක්වන රජ පවුලක්. හොලිවුඩ් තරු කියලා වෙනසක් නෑ. ගොඩක් අවස්ථාවල දී බ්‍රිතාන්‍ය රාජකීයයන් හමුවීමේදී හොලිවුඩ් තරු තිගැස්ම නිසාම විවිධ විකාර දේවල් කරපු අවස්ථා රාශියක් වාර්තා වෙනවා. වතාවත් ඇලිසන් ජැනීට විලියම් කුමරු සහ කේට් කුමරිය මුණගැසුණු අවස්ථාවේදී “හනී” කියන සුරතල් ආමන්ත්‍රණය තමයි ඇය කුමරිය වෙනුවෙන් යොදා ගෙන තියෙන්නේ. මේ වගේම ඒ කාලේ ගැබ් ගෙන හිටපු කුමරියට උස් අඩි සපත්තු පැළඳීමෙන් වැළකී ඉන්න කියලා ඇය උපදෙස් දීලත් තියෙනවා. ඇලිසන් කරලා තියෙන මේ වැඩ දෙකම බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට විරුද්ධ වැඩ. මොකද සාමාන්‍ය පුද්ගලයන් බ්‍රිතාන්‍ය රාජකීයයන් ආමන්ත්‍රණය කිරීමේදී ගෞරවාදරයෙන් යුතුව ආමන්ත්‍රණය කළ යුතු අතර ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ දේවල් පිළිබඳව ඉඟියක් හෝ ලබා දීම නොකළ යුතු වෙනවා.
5. ජෙනිෆර් ඇනිස්ටන්ගේ ට්‍රිප් එක
ජෙනිෆර් ඇනිස්ටන් තමන්ගේ පනස්වැනි උපන් දිනය සමරන්න මෙක්සිකෝව වෙත තම හිත මිත්‍රයන් කිහිප දෙනෙක් සමග පිටත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් ගමන් ගත් යානයේ ඇතිවුණු කාර්මික දෝෂයක් නිසා යළිත් එය කැලිෆෝනියාව වෙත හදිසි ගොඩබැසීමකට ලක් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ජෙනිෆර් සමඟ සිටි සුප්‍රකට නිවේදක ජිම් කිමල්ගේ බිරිඳ නිවසේ සිටින සිය සැමියාට තමන් ඔහුට දැඩි ලෙස ආදරය කරන බව දක්වමින් කෙටි පණිවිඩයක් යවා තිබ්බේ මෙය ඇතැම් විට තම අවසාන පණිවිඩය ලෙස සිතමින්. ඇය කරන්නේ විහිළුවක් බව සිතූ ජිම් තමන් මේ වන විට ටින්ඩර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති බව පවසමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
6. රාමි මලෙක්ගේ ග්‍රීක කතාව
බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට රාමි මලෙක් හට සමි මලෙක් නම් නිවුන් සහෝදරයෙක් ඉන්නවා. ඒ සහෝදරයා රංගනය පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා තිබෙන අතර, වරක් ඔහුගේ අවසාන පරීක්ෂණය සඳහා ග්‍රීක නාට්‍යයක කොටසක් ඉදිරිපත් කිරීමට ඔහුට නියමිතව තිබුණා. නමුත් සිය කොටස ඉදිරිපත් කිරීම සඳහා ඔහු යවන්නේ රාමි මලෙක්වයි. එහිදී රාමිගේ ඉදිරිපත් කිරීමෙන් අතිශයින් සතුටට පත්වූ අදාළ ආයතනයේ මහාචාර්යවරු මේ තම සිසුවා යැයි සිතා රාමි මලෙක් හට ප්‍රශංසා කිරීමෙන් නොනැවතී සිය ඉගැන්වීම් කටයුතු වලටද සහාය දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
7. හැරීගේ පටලැවිල්ල
හැරී පෝටර් චරිතය රඟපාන ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ව හඳුනා නැති කෙනෙක් ලෝකයේ ඉන්නවා කියලා ඔබට හිතන්න පුළුවන්ද? නමුත් ඩැනියෙල්ම කියලා තියන විදිහට ඔහුට එවැනි අවස්ථා ගණනාවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇතැම් සිනමා රසිකයන් “ලෝඩ් ඔෆ් ද රිංග්ස්” චිත්‍රපටි මාලාවේ එලයිජා වුඩ් සමග ඔහුව පටලවා ගන්නවලු. එලයිජාටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා කියලා තමයි ආරංචිය.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් බෙදා ගන්න ගමන් ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply