සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ පොත් කියවන්න වගේම පොත් එකතු කරගෙන ඉන්නත් කැමතියි. ඒත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පොත් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ඉතින් අද අපි හිතුවා පොත් ටික ආරක්ෂා කරගන්න පුළුවන් ටිප්ස් හතක් ගැන ඔයාලට කියන්න.
1. සිලිකා ජෙල් පැකට්
සිලිකා ජෙල් ගැන නම් ඔයා සමහර විට දන්නවත් ඇති. ඔය සමහර බිස්කට්, පීනට් පැකට්වල, ෆාමසි වල තියෙන ඔය එක එක බෙහෙත් බෝතල් වල වගේ තෙතමනයෙන් ආරක්ෂා කරගන්න සිලිකා ජෙල් පැකට් යොදාගන්නවා. හරිම පහසුවෙන් මේක හොයාගන්න පුළුවන් ඔයාට පුළුවන් මේ සිලිකා ජෙල් පැකට් කිහිපයක් ඔයාගේ පොත් කබඩ් එකට දාන්න. එතකොට ඔය පොත් ගොඩාක් තෙතමනයෙන් ආරක්ෂා වෙනවා.
2. කපුරු බෝල
මේක නම් ඉතින් අපි හැමෝම දන්න දෙයක්. කපුරු බෝල සාමාන්‍යයෙන් රෙදි වලටනේ දාන්නේ. ඒ කාවෝ වගේ එක එක සත්තුන්ගෙන් රෙදි ආරක්ෂා කරගන්න. සමහර අය සුවඳ වෙන්නත් දානවා. ඔයාට පුළුවන් මේ කපුරු බෝල කුඩු කරලා මේවා ඔයාගේ පොත් වලට ඉහින්න. එහෙම නැත්නම් කපුරු බෝල පිටින් හරි තැනින් තැන තියන්න පුළුවන්. මේකෙනුත් ගොඩාක් පොත් වලට වෙන හානිය අඩුකරගන්න පුළුවන්.
3. පොත් රාක්කේ තියෙන තැන
මේකත් අපේ පොත් ගොඩාක් ආරක්ෂා නොවෙන්න එක හේතුවක්. සාමාන්‍යයෙන් පොත් රාක්කය ගත්තොත් ඒක තියෙන තැන ගොඩාක් අඳුරු තැනක් නම් පොත් සවුත්තු වෙන්න, එක එක සත්තු එන්න තියෙන සම්භාවිතාව වැඩියි. ඉතින් අපිට පුළුවන් හොඳින් දවල්ට හිරුඑළිය එන තැනක මේ පොත් රාක්කය තියන්න. ඒකෙනුත් අපිට පොත් වලට එන ඔය එක එක පැල්ලම් වගේ දේවල් අඩු කරගන්න පුළුවන්…
4. සතියකට එක පාරක් වත් සුද්දකරන්න
මේක තමයි වැදගත්ම දේ වගේම හැමෝටම අමතක වෙන දේත් වෙන්නේ. කපුරු බෝල දාලා, සිලිකා ජෙල් දාලා මොනා කළත් පොත් කබඩ් එක සතියකට සැරයක්වත් අස්කරන්න බැරි වුණොත් නම් ඉවරයි. සතියකට එක පාරක් වත් පොත් තෙත නැති ටිෂූ එකකින් පිහල ඒ පොත් වල තියෙන දුවිලි ඔයාට අයින් කරන්න පුළුවන්. ඒ වගේම පොත් අල්මාරිය එහෙමත් පිහලා පැඟිරි තෙල් තියෙනවනම් ටිකක් ඔයාට ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙම කරනවනම් ඔය එක එක සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් ඔයාට ඔයාගෙ පොත් ටික…
5. ඉටි කොළ
සමහර අය නම් පොත් වලට ඉටිකොළ දාන්න කැමති නෑ. ඉටි කොළෙන් පොතේ පිටකවරේ නියම ලස්සන යනවා කියලා සමහර අය හිතනවා. ඒ නිසාම ගොඩක් අය අකමැතියි ඉටි කොළ දාන්න. ඒත් පොතක් කාලයක් තියාගන්න නම් ඉටිකොළයක් වැදගත්. ඒත් ඉටි කොළ දාන්න අකමැති නම් ඔයාට පුළුවන් පොතේ පිටකවරේ ලැමිනේට් කරන්න. නැත්නම් ඒ පොතේ හාර්ඩ් කවර් ප්‍රින්ට් එක ගන්න පුළුවන්. ඒත් ඒක ටිකක් මුදල් වැඩියෙන් යන දෙයක්නේ. ඉටිකොළයක් දාන එක වඩාත්ම ලාභදායීයි …
6. බුක් මාර්ක් එක
මේකත් ගොඩක් අයට මග හැරෙන දෙයක් තමයි. ඒත් පොතේ ඇතුළේ පිටු ලස්සනට තියාගන්න නම් බුක් මාර්ක් එකක් ඕනෙමයි. නැත්නම් ඒ පිටු අංකය මතක තියාගන්නත් පුළුවන්. පොතේ පිටුව නමන කැත පුරුද්ද නම් පුරුදු වෙන්න එපා. ඒක ගොඩාක් හානිදායකයි පොතට. ඒ නිසා පුළුවන් තරම් බුක් මාර්ක් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඇඳුම් වල ටැග් එකක් වුණත් බුක් මාර්ක් එකකට පාවිච්චි කරන්න…
7. පොතට ආදරේ අයට විතරක් පොත් සීමා කරන්න
“ස්ත්‍රී රත්නම් පුස්තක රත්නම් පර්හස්ත ගතං ගතං” කියලා ඉස්සර මිනිස්සුත් කියල තියෙනවනේ. පොතක් වෙනත් අතකට කෙසේ වෙතත් වැරදි අතකට ගියොත් ගියාම තමයි. ඒ හින්දා ඔයත් ඔයාගේ පොත් ටික වැරදි අතකට නම් යන්න දෙන්න එපා. ඒකේ පාඩුවත් ඔයාටමයි. ඉතින් පොතක් දෙද්දි වුණත් විශ්වාසවන්ත, පොතට ආදරේ කරන අයට විතරක්ම දෙන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න…
ඉතින් මේ ටිප්ස් වලට අමතරව ඔයා පොත් ආරක්ෂා කරගන්න යොදාගන්න ක්‍රම ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම පොතට පතට ඇලුම් කරන යාළුවොත් එක්කත් මේ දේවල් බෙදාගන්න කියලත් අපි ඉල්ලීමක් කරන්න කැමතියි…
Leave a Reply