ක්‍රීඩකයන් හැටියට ලංකාවේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන විතරයි. බොහොම කලාතුරකින් තමයි අනෙකුත් ක්‍රීඩා ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා වෙන්නේ. ඔවුන් ගැන කතා බහක් සිදු වෙන්න නම් එක්කෝ ඔලිම්පික් තරගයක් හරි එහෙම නැත්නම් ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගයක් හරි එන්ඩ ඕන, එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නෙකට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මැදිහත් වෙන්න ඕන. මේ නිසා අපි අද හිතුවා අපේ ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පිළිබඳව මතකය ඔබත් එක්ක බෙදා ගන්න.
1. රණතුංග කරුණානන්ද
1964 පැවති ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් දිගු දුර දිවීමේ ධාවන ඉසව්වේ තරග වැදුණු රණතුංග කරුණානන්ද පිළිබඳ කතා පුවත කලක් ජපානයේ පාසල් පෙළ පොත් වලට පවා පිවිසී තිබුණා. මීටර් දහදාහ ඉසව්වේ ජයග්‍රහණය තමන්ට අහිමි වී ඇති බව දැන දැනත් දිව ගොස් තරඟය අවසන් කිරීම කරුණානන්ද විසින් නතර කරේ නැහැ. ඔහුගේ මේ කැපවීම බොහෝදෙනෙකුගේ අගය කිරීමට ලක් වූ අතර ලංකාවෙන් නම් ඔහුට නිසි පිළිගැනීමක් ලැබුණාද යන්න ප්‍රශ්නයක්. (ඔහු පිළිබඳව වෙනමම ලිපියක් ඉදිරියේදී ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා)
2. ශ්‍රියානි කුලවංශ
1998 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් සියය කඩුලු මතින් දිවීමේ තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වීම ඇගේ ක්‍රීඩා ජීවිතයේ ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය විදිහට සලකන්න පුළුවන්. 1989 සාක් ක්‍රීඩා උළෙලට මහත් උද්යෝගයෙන් ඇය සහභාගී වූවත් ඇය තරග වැදීමට නියමිතව තිබූ උස පැනීමේ ඉසව්ව අවලංගු කර තිබුණා. මේ කාලයේදී ඇයව ධෛර්යමත් කරමින් කඩුලු පැනීමේ ඉසව්ව සඳහා යොමු කර තිබුණේ ඇගේ පුහුණුකරුවන් විසින්.
3. රොහාන් ප්‍රදීප් කුමාර
2002 වසරේ පැවති ආසියා ක්‍රීඩා උළෙලේදී මීටර් 400 දුර දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වුණා. ඒ සඳහා ඔහුට ගතවී තිබූ කාලය තත්පර 45.87 ක්. කෙසේ නමුත් ඊට පෙර 2000 වර්ෂයේ දී ඔහු සිය හොඳම කාලය ලෙස මෙම තරග ඉසව්ව නිම කර තිබුණේ තත්පර 45.25 කින්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තේරීම් තරග වලින් ඉදිරියට යෑමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ.
4. දමයන්ති දර්ශා
මීටර් දෙසීය සහ මීටර් හාරසීය ඉසව්වලින් තවමත් ඇය ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තාවන්වලට හිමිකම් කියනවා. සුසන්තිකා ජයසිංහ සමානව ජවන හා පිටිය තරග වලින් ඇය ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා ගෙන දීමට සමත් වුණා. එසේම ඇය විසින් තබා තිබෙන මීටර් 400 දුර දිවීමේ ජාතික වාර්තාව අභිබවා යෑමට තවමත් වෙනත් ක්‍රීඩිකාවකට හැකියාව ලැබී නැහැ.
5.සුගත් තිලකරත්න
මීටර් 400 ඉසව්වේ ප්‍රවීණයෙකු වූ ඔහු ලංකාව වෙනුවෙන් විවිධ අවස්ථාවල පදක්කම් දිනා ගත්තා. ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂම අවස්ථාවක් වන්නේ 2001 ලෝක ශූරතාවලියේ දී අවසන් පූර්ව තරග වටය සඳහා තේරීමට ඔහු දැක්වූ දක්ෂතාවයයි. එමෙන්ම 1996දී පැවැත්වූ ඇට්ලන්ටා ඔලිම්පික් තරඟාවලියේ මූලික වටයේ තරඟයකදී ඔහු එවක එම ඉසවුවේ ශූරයා වූ මයිකල් ජොන්සන්ව පරාජය කර ජයගැනීමටද සමත් වුණා.
6. ඩන්කන් වයිට්
1948 ලංකාවට නිදහස ලැබෙන වර්ෂයේදීම මේ රට සිය ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා පදක්කම වාර්තා කරනු ලැබුවා. ඒ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් රිදී පදක්කම දිනා ගැනීමත් සමගයි. ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොතට එක් වන අතර මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩකයා වන්නේද එතුමායි.
7.සුසන්තිකා ජයසිංහ
‘ආසියාවේ කළු වෙළඹ’ විදිහට විරුදාවලිය ලබා ගත්ත සුසන්තිකා ජයසිංහ අපේ රටෙන් බිහි වෙච්ච විශිෂ්ටතම ක්‍රීඩිකාවයි. දෙදහ වසරේදී පැවති සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් දෙසීය දුර දිවීමේ කාන්තා ඉසව්වෙන් ඇය රිදී පදක්කමක් දිනා ගත්තා (මුල් වතාවේදී ඇයට හිමිවූයේ ලෝකඩ පදක්කමක් වුවත් තරගයේ රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතා කළ බවට ඔප්පු වීමත් සමග ඇගේ පදක්කම අහිමි කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කළා. මෙනිසා සුසන්තිකා හට රිදී පදක්කම හිමි වුණා).
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply