අපි අද කතා කරන්න යන්නේ අපේ අසල්වැසි ඉන්දියානු සිනමාවේ වැඩි බලයක් හිමිකරගෙන ඉන්නා බොලිවුඩ්පුරයේ තරු හා සම්බන්ධ කතා කීපයක්. මේවා කියවද්දී ‘මුනුත් මහා පිස්සු යක්කු’ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එහෙම නම් වැඩි කතාබහක් නැතුව අපි අපේ ලිපියට යමු.
1. උඩින් යන කරීනා
කරීනා කපූර් කියන්නේ කපූර් පවුලේ උරුමයෙන් බොලිවුඩය විජයග්‍රහණය කළ තැනැත්තියක්. බොහෝ විචාරකයන් මුල් අවධියේදී ඇගේ රංගනය ගැන එතරම් ප්‍රසාදයෙන් කතා කළේ නැහැ. නමුත් ඇය තමන්ගේ හැකියාව තුළින් ඒ විචාරකයන් සියළු දෙනාගේම කට වහන්න සමත් වුණා. නමුත් ඇය රඟපෑමේදී දැඩි ලෙස සීමා පනවන තැනැත්තියක්. ඇය කිසිවිටෙකත් බී ශ්‍රේණියේ නළු නිළියන් සමඟ රඟපෑම සිදු කරන්නේ නැහැ. ඇයට අවශ්‍ය ඒ ශ්‍රේණියේ අය පමණයි. මේ නිසා ඇය චිත්‍රපටි ගණනාවක් ප්‍රතික්ෂේප කොටත් තියෙනවා.
2. ඉරිදට නිවාඩු ගන්න අක්ෂේ කුමාර්
බොලිවුඩ්පුරයේ අංක එකේ වැඩකාරයෙක් වන අක්ෂේ කුමාර් තමන්ගේ රංගනය සහ හැකියාව නිසා කිසිදු ඥාති සම්බන්ධකමක් නැතුව බොලිවුඩ්පුරයේ ඉදිරියට ආ කෙනෙක්. නම් දරාපු අනංගයෙක් වූ ඔහු අවසානයේදී බොලිවුඩ්පුරයේ ප්‍රබල පවුලක් වන ඛන්නා පවුලේ ට්වින්කල් ඛන්නා සමඟ විවාහ වෙන්නත් සමත් වුණා. කොහොම වුණත් ඔහු රංගනයේ යෙදෙද්දි පනවන එක කොන්දේසියක් තියනවා. ඒ තමයි ඉරිදට ෂූටින් දාගන්න බැහැයි කියන එක. අක්ෂේ තමන්ගේ වැඩ කටයුතු තිතට සහ වෘත්තීය මට්ටමෙන් කරන නිසා අධ්‍යක්ෂකවරුන්ටත් ඊට එකඟ වීම හැර වෙනත් විකල්පයක් නැහැ.
3. කෝකියා එක්ක යන රිතික්
රිතික් රෝෂන් කියන්නේ දක්ෂ නළුවෙක් වගේම තමන්ගෙ ශාරීරික යෝග්‍යතාවය ගැන ඉතා විශාල සැළකිල්ලක් දක්වන කෙනෙක්. මේ නිසාම ඔහු යන යන තැන, ඒ කියන්නේ චිත්‍රපටි රූගතකිරීම් සඳහා වගේම ඔහුගේ නිවාඩු ගත කිරීම් සඳහාත් ඔහුගේ පෞද්ගලික කෝකියාවත් රැගෙන යනවා. ඔහු ආහාරයට ගන්නේ කෝකියා විසින් සකසන ලද ආහාර පමණයි.
4. කිස් කරන්න බය සෝනාක්ෂි සින්හා
අද වෙනකොට දෙතොලට දෙතොල තියා සිපගැනීමේ දර්ශනයක් නැති බොලිවුඩ් චිත්‍රපටියක් හොයාගන්නත් අමාරුයි. ඒත් එක නිළියක් නම් තමන් කිසිසේත් එවැනි දර්ශන සඳහා සහභාගි නොවන බවට රඟපාන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන්ට දැඩි කොන්දේසි පනවනවා. ඇය තමයි සෝනාක්ෂි සින්හා. ඇගේ මේ තීරණය පිළිබඳව කොතරම් විවේචන එල්ල වුණත් ඇය ඒ පිළිබඳව තකන්නේ නැහැ.
5. කුච් කුච් හෝතාහේට බෑ කිව්ව ට්වින්කල් ඛන්නා
ට්වින්කල් ඛන්නා සහ කරන් ජොහාර් කුඩා කළ පටන් සමීප මිතුරන් දෙදෙනෙක්. කරන් ජොහාර් තමන්ගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයේ රඟපාන්න තමන්ගෙ යාළුවට ආරාධනා කරන්නේ ඒ වන විටත් ඇයගේ ජනප්‍රියත්වය ගිලිහී යමින් තිබූ වකවානුවක. නමුත් පුදුමයකට වගේ ටිවින්කල් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා කරන් ඇය වෙනුවට රාණී මුඛර්ජීව එම චරිතය සඳහා යොදා ගන්නවා. තමන් ගත් ඒ තීරණය පිළිබඳව අද තමන්ට යම්තාක් දුරකට පසුතැවීමක් තිබෙන බව ට්වින්කල් ඛන්නා ප්‍රකාශ කරනවා.
6. අශ්වයන්ට බය ශාරුක් ඛාන්
ඔබ හොඳට කල්පනා කළොත් ශාරුක් ඛාන් චිත්‍රපටි දර්ශනවලදී අසුන් පිට යන දර්ශන කරලා තියෙන්නේ හරිම අඩුවෙන්. ඒකට හේතුව ඔහුම හෙළි කරලා තියෙන විදිහට ඔහු අසු පිට යෑමට බියවීම. මේ නිසා තමන්ගේම නිර්මාණකරණයක් වූ ‘අශෝකා’ චිත්‍රපටයේදී ඔහු දැඩි ලෙස අපහසුතාවට පත් වෙලා තියෙනවා. නමුත් චිත්‍රපටයේ තිර පිටපතට අනුව ඔහුට වෙනත් විකල්පයක් තිබිලත් නැහැ. මේ නිසා තමන්ගේ බය පැත්තකින් තියලා ඒ දර්ශනවලට ඔහු මුහුණ දීලා තියනවා.
7. වේටර් කෙනෙක් වුණු සෝනම් කපූර්
අනිල් කපූර්ගේ දියණිය විදිහට ඉන්දියාවේ ධනයෙන් අනූන පවුලක ඉපදුණු සෝනම් කපූර් සිංගප්පූරුවේ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙද්දී පොකට් මනී ලබාගන්න චයිනීස් රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඇය ඒ පිළිබඳව අදටත් කතා කරන්නේ ඉතාමත් අභිමානයෙන් යුක්තවයි. තමන්ගේ පියා අධ්‍යාපන කටයුතුවලට ඇති තරම් මුදල් වියදම් කළත් තමන්ට යම්තාක් ස්වාධීනත්වයක් ලබාගැනීමට තමන් එසේ වැඩ කළ බව ඇය පවසා තිබෙනවා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply