චීස් ලෝලීන්ට චීස් රසට සැලඩ් හදාගන්න රෙසිපි මෙන්න

ඔන්න අපි අද ආවේ තවත් රස බේරෙන රෙසිපි සෙට් එකක් අරගෙන. ඇඟටත් ගුණ, බබාලටත් හොඳ චීස් වලින් හදන සැලඩ් රෙසිපි ටිකක් තමයි මේ. මේ රෙසිපි වල විවිධ චීස් වර්ග ගණනාවක්ම තියෙනව. ඒ ඒ චීස් වල රස වගේම ගුණයත් වෙනස්. අපේ චීස් ලෝලීන් නම් ඒ ගැන හොඳින් දන්නව ඇති. පිෂ්ඨය අධික කෑම කනවට වඩා සැලඩ් එකක් දවසකට එක පාරක්වත් කනවනම් ගොඩක් හොඳයි. 

 

1. වෙජිටබල් චීස් සැලඩ් (Vegetable Cheese Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
  2. ග්‍රේට්කරගත් මොසරැල්ල චීස් කෝප්ප 1
  3. Monterey jack cheese කෝප්ප 1
  4. කපාගත් ගර්කින් ගෙඩි 1
  5. චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  6. ලියාගත් ළූණු ගෙඩි 1
  7. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1(පාට දෙකෙන්)
  8. චොප්කරගත් අමුමිරිස් කරල් 2

 

ඩ්‍රසින් එකට

 

  1. සවර් ක්‍රීම් කෝප්ප 1/2
  2. මයෝනිස් කෝප්ප 1/4
  3. ලෙමන්‍ යුෂ මේස හැඳි 1
  4. චොප්කරගත් සුදුළූණු බික් 2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. බේසිල් සීඩ්ස් තේ හැඳි 1/2
  7. මිරිස්කුඩු තේ හැඳි 1/
  8. සීනි තේ හැඳි 1/2

 

  • ඩ්‍රසින් එකට අවශ්‍ය සියල්ලම කලවම් කරගන්න.  
  • බෝල් එකකට කපාගත් සියල්ලම චීස් එක්කම දාලා කලවම් කරගන්න. 
  • අන්තිමට ඩ්‍රසින් එක දාලා කලවම් කරගන්න. 

 

2. ෆෙටා චීස් සැලඩ් (Feta Cheese Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් සලාද කොළ කෝප්ප 1
  2. කපාගත් ගර්කින් කෝප්ප 1
  3. කපාගත් තක්කාලි කෝප්ප 1/2
  4. කපාගත් ළූණු ගෙඩි 2
  5. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  6. කොටුවට කපාගත් ෆෙටා චීස් කෝප්ප 1
  7. චොප්කරගත් අසමෝදගම් කොළ කෝප්ප ¼
  8. ඔලිව් කෝප්ප 1

 

ඩ්‍රසින් එකට 

 

  1. ඔලිව්තෙල් මේස හැඳි 1
  2. විනාකිරි මේස හැඳි 1
  3. පැණි මේස හැඳි 1
  4. ලෙමන් යුෂ මේස හැඳි 1
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. කෑලිමිරිස් තේ හැඳි 1/2
  7. සුදුළූණු බික් 3
  8. ලුණු තේ හැඳි 1/2

 

  • ඔලිව්තෙල් ටික බ්ලෙන්ඩර් එකට දාගන්න. මේකට ලුණු, ගම්මිරිස්කුඩු, විනාකිරි, පැණි, ලෙමන් යුෂ, සුදුළූණු හා කෑලිමිරිස් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • කපාගත් එළවළු වලට ඔලිව් ගෙඩි එකතු කරලා හදාගත්තු ඩ්‍රසින් එක දාගන්න. ඊළඟට චීස් කෑලි ටික දාලා කලවම් කරන්න. 

 

3. රෂියන් චීස් සැලඩ් (Russian Cheese Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 3
  2. මයෝනේස් මේස හැඳි 2
  3. තලාගත් සුදුළූණු බික් 4

 

  • මේ සියල්ලම හොඳට කලවම් කරලා ෆ්‍රිජ් එකේ තියන්න. අවශ්‍ය වෙලාවට එළියට ගන්න. 

 

4. කොටේජ් චීස් සැලඩ් (Cottage Cheese Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/2
  2. කපාගත් චෙරි තක්කාලි ගෙඩි 5
  3. කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/2
  4. කොටේජ් චීස් ග්‍රෑම් 200
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. සවර් ක්‍රීම් මේස හැඳි 3

 

  • කපාගත් සියල්ලම බෝල් එකකට දාගන්න. මේකට චීස් හා සවර් ක්‍රීම් ටිකත් දාගන්න. 
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හැන්දකින් කලවම් කරගන්න. 

 

5. බ්ලූ චීස් සහ ලෙටූස් සැලඩ් (Blue Cheese and Lettuce Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් බ්ලූ චීස් ග්‍රෑම් 100
  2. සවර් ක්‍රීම් කෝප්ප 1/4
  3. ඔලිව්තෙල් මේස හැඳි 2
  4. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1
  5. උණුවතුර මේස හැඳි 1
  6. චොප්කරගත් ළූණු කොළ ටිකක් 
  7. තරමක කෑලි කපාගත් සලාද කොළ කෝප්ප 1
  8. චොප්කරගත් වෝල්නට්ස් ටිකක් 

 

  • බ්ලූ චීස් වලට සවර් ක්‍රීම්, ඔලිව්තෙල්, විනාකිරි, උණුවතුර, ළූණු කොළ හොඳට කලවම් කරගන්න. 
  • දැන් මේක සලාද කොළ වලට උඩින් අතුරගන්න. උඩින් චොප්කරගත් වෝල්නට්ස් ටිකක් ඉසගන්න. 

 

6. බේක්ඩ් ගෝට් චීස් සැලඩ් (Baked Goat Cheese Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

චීස් සීසන් කිරීමට

 

  1. තරමක කෑලි කපාගත් ගෝට් චීස් ග්‍රෑම් 300
  2. ඔලිව්තෙල් කෝප්ප 1/2
  3. තයිම් ඉති 3

 

චීස් කෝට් කිරීමට 

 

  1. බිස්කට් කුඩු කෝප්ප 1/2
  2. වියළි තයිම් ටිකක් 
  3. රෙඩ් වයින් විනාකිරි කෝප්ප 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. ඔලිව්තෙල් කෝප්ප 1/2
  6. තරමක කෑලි කපාගත් සලාද කොළ කෝප්ප 1

 

  • ගෝට්චීස් වලට ඔලිව්තෙල් දාලා තයිම් එක්ක පැය 8ක් සීසන් කරගන්න. 
  • බෝල් එකකට බිස්කට් කුඩු ටික දාගන්න. 
  • වියළි තයිම් ටික දාලා කලවම් කරගන්න.
  • මේකට සීසන් කරගත් චීස් කෑලි දාලා කෝට් කරගන්න. දැන් මේ ටික විනාඩි 10ක් සෙල්සියස් 180ට බේක් කරගන්න. 
  • රෙඩ් වයින් විනාකිරි වලට ලුණු, ගම්මිරිස්කුඩු හා ඔලිව්තෙල් දාලා කලවම් කරගන්න. 
  • මේක සලාද කොළ වලට දාලා කලවම් කරලා බේක් කරගත් චීස් කෑලි අතුරගන්න. 

 

7. ග්‍රීන් පීස් සහ චීස් සැලඩ් (Green Peas and Cheese Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1
  2. ග්‍රේට්කරගත් කොබ්ලි චීස් හෝ චෙඩාර් චීස් ග්‍රෑම් 200
  3. චොප්කරගත් සැල්දිරි කෝප්ප 1
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1/2

 

ඩ්‍රසින් එකට

 

  1. මයෝනේස් කෝප්ප 1/2
  2. සීනි තේ හැඳි 2
  3. කිරි තේ හැඳි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • ග්‍රීන්පීස්, චීස්, සැල්දිරි හා ළූණු එක බෝල් එකකට දාගන්න. 
  • සැලඩ් ඩ්‍රසින් එකට අදාල ඔක්කොම කලවම් කරගන්න. 
  • දැන් මේක චීස් හා ග්‍රීන්පීස් මිශ්‍රණයට දාලා කලවම් කරලා ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *