කොරියානු රසයට කැමති කොරියන් ෆුඩ් ෆෑන්ස්ලට රෑ කෑම රෙසිපි 5ක්

රෑ කෑමට කොරියාවේ යන්න හිතන් ඉන්න අය මේ කොණට එන්න. අපි කොරියා යන්නයි හදන්නෙ. ඔව් ඔව් ඔන්න අද අපි කොරියාවෙ විදියට ඩිනර් ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නයි හදන්නෙ. K pop වලට වගේම කොරියන් නාට්‍ය වලට ආස අපේ අයට කොරියන් රසට රෑට කන්න මෙන්න රෙසිපි.

 

1. ස්පයිසි ස්ටර් ෆ්‍රයිඩ් පෝක් (Spicy Stir Fried Pork)

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. පෝක් ග්‍රෑම් 300
  2. චොප්කරගත් සුදුළූණු බික් 3
  3. ලියාගත් ළූණු ගෙඩි 1/2
  4. චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/2
  5. චොප්කරගත් ඉඟුරු ටිකක්
  6. චිලි පේස්ට් කෝප්ප 1/4
  7. සෝයාසෝස් කෝප්ප 1/4
  8. රෙඩ් වයින් මේස හැඳි 3
  9. තල තෙල් මේස හැඳි 1
  10. සීනි මේස හැඳි 1
  11. ලුණු හා ගම්මිරිස්කුඩු
  12. බැදීමට තෙල්

 

 

  • පෝක් ටික පොඩි කෑලි වලට කපාගන්න.
  • තෙල් හැර අනික් සියල්ලම පෝක් වලට දාලා හොඳට කලවම් කරගන්න. විනාඩි 30ක් මැරිනේට් කරගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා මැරිනේට් කරපු පෝක් ටික දාලා හැන්දකින් එහා මෙහා කරමින් සාමාන්‍ය ගින්දරේ ස්ටර් ෆ්‍රයි කරගන්න.

 

 

 

2. සීෆුඩ් & ග්‍රීන් අනියන් පෑන්කේක් (Seafood and Green Onion Pancake)

 

පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හාල්පිටි කෝප්ප 1
  2. කෝන්ෆ්ලා කෝප්ප 1/4
  3. බිත්තර 1
  4. ලුණු ටිකක්
  5. වතුර කෝප්ප 1/2
  6. පොඩියට කපාගත් ඉස්සො ග්‍රෑම් 200
  7. එළවළු තෙල් ටිකක්
  8. ලියාගත් ළූණු ගෙඩි 2

 

 

සෝයා සෙසමි ඩිපින් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සෝයාසෝස් කෝප්ප 1/4
  2. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2
  3. පැණි මේස හැඳි 1
  4. වතුර මේස හැඳි 2
  5. තලතෙල් මේස හැඳි 2
  6. කෑලිමිරිස් තේ හැඳි 2
  7. තල ඇට ටිකක්
  8. චොප්කරගත් ළූණු කොළ ටිකක්

 

  • සෝස් එක හදාගන්න ඒකට අවශ්‍ය සේරම ටික හොඳට කලවම් කරලා ෆ්‍රිජ් එකේ දාල කූල් වෙන්න තියන්න.
  • පෑන් කේක් එකට හාල්පිටි, කෝන්ෆ්ලා හා ලුණු එකට කලවම් කරගන්න. වතුර ටික ටික දාලා ස්මූත් තික් බැටර් එකක් හදාගන්න.
  • මේකට චොප්කරගත් ඉස්සො හා ළූණු කොළ දාලා කලවම් කරගන්න.
  • දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා බැටර් එකෙන් ටිකක් දාලා පෑන් කේක් එක හදාගෙන දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
  • සෝයා සෙසමි ඩිපින් සෝස් එකත් එක්ක කෑමට ගන්න.

 

 

3. මැන්ඩු (Mandu – Korean Vegetable Dumplings)

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ග්‍රේට්කරගත් කැරට් අල 2
  2. මශෲම් ටිකක්
  3. පිසගත් වර්මසිලි කෝප්ප 1/2
  4. චොප්කරගත් ගෝවා කෝප්ප 1/2
  5. චොප්කරගත් ළූණු කොළ ටිකක්
  6. තලතෙල් මේස හැඳි 1/2
  7. සෝයාසෝස් තේ හැඳි 2
  8. චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 2
  9. ටෝෆු ග්‍රෑම් 100

 

 

ඩම්ප්ලින්ග් මිශ්‍රණයට

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. බිත්තර 2
  3. ලුණු ටිකක්
  4. වතුර

 

 

  • පාන්පිටි වලට බිත්තර හා ලුණු දාලා කලවම් කරන්න. මේකට වතුර ටික ටික දාල සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • ටෝෆු ටික තම්බලා පොඩි කරගන්න. මේකට් සෝයාසෝස්, තලතෙල්, ඉඟුරු සුදුළූණු පේස්ට්, චොප්කරගත් ගෝවා, කැරට්, වර්මසිලි බත්, මශෲම් හා ළූණු කොළ දාගන්න. හොඳට කලවම් කරගන්න.
  • දැන් මුලින් හදපු ඩෝ එකෙන් පොඩ්ඩක් අරගෙන තුනී කරලා මිශ්‍රණය මැදට තියලා රවුමට ඔතලා ඩම්ප්ලින් හැඩේට හදාගන්න.
  • දැන් ස්ටීමර් එකේ තෙල් ටිකක් දාලා මේ ටික අතුරගන්න. හොඳට ස්ටීම් කරගන්න.

 

 

 

4. බිබිම්බැප් (Bibimbap)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හීනියට ලියාගත් කැරට් අල 1
  2. ලියාගත් ළූණු ගෙඩි 1
  3. සුදුළූණු බික් 2
  4. බෙල්පෙපර් ගෙඩි 1
  5. ළූණු කොළ ටිකක්
  6. අමුමිරිස් කරල් 1
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. බිත්තර 1
  9. කෑලිමිරිස් ටිකක්
  10. තල තෙල් ටිකක්
  11. සෝයාසෝස් ටිකක්
  12. පිසගත් බත් කෝප්ප 1
  13. තල ඇට ටිකක්

 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු ටික රන්වන්පාට වෙනකල් ෆ්‍රයි කරලා පෑන් එකෙන් අයින් කරන්න.
  • ඊළඟට මශෲම් ටික ඒ පෑන් එකටම දාලා ෆ්‍රයි කරගන්න. සුදුළූණු හා සෝයසෝස් ටිකත් දාගන්න.
  • මශෲම් ටික හොඳට තැම්බුනාම ලිපෙන් බාගන්න.
  • ඒ පෑන් එකටම කැරට් ටික දාල ටිකක් ෆ්‍රයි කරගෙන පෑන් එකෙන් අයින් කරන්න. බෙල්පෙපර් ටිකත් ඒ විදියටම කරන්න. බිත්තරය වෙනම බුල්සයි විදියට බැදගන්න.
  • චොප්කරගත් ළූණු කොළ වලට සෝයා, ලුණු හා තල ඇට දාලා කලවම් කරගන්න.
  • පිඟානට බත් කෝප්පය තියලා හදාගත්තු ඒවා වෙන වෙනම වටේට තියන්න. උඩින් තල ඇට ටිකක් ඉහලා පිළිගන්වන්න.

 

 

 

5. කොරියන් බීෆ් & රයිස් (Korean Beef and Rice)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අඹරාගත් බීෆ් ග්‍රෑම් 200
  2. චොප්කරගත් සුදුළූණු ටිකක්
  3. තල තෙල් මේස හැඳි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. ‍රතු සීනි මේස හැඳි 2
  6. සෝයාසෝස් මේස හැඳි 2
  7. කෑලිමිරිස් තේ හැඳි 1
  8. චොප්කරගත් ඉඟුරු ටිකක්
  9. පිසගත් බත් කෝප්ප 1
  10. චොප්කරගත් ළූණු කොළ ටිකක්

 

  • පෑන් එකට තෙල් ටිකක් දලා බීෆ් ටික දාගන්න. මේකට චොප්කරගත් සුදුළූණු, තලතෙල්, ලුණු දාලා වහලා තම්බගන්න.
  • හොඳට තැම්බුනාම රතු සීනි හා සෝයාසෝස් ටික දාගන්න. මේකට රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, චොප්කරගත් ඉඟුරු, කෑලිමිරිස් ටිකත් දාගන්න.
  • තවත් විනාඩි10ක් වගේ තියලා ලිපෙන් බාගන්න. බත් වලට උඩින් මේ කරි එක වැහෙන්න දාලා චොප්කරගත් ළූණු කොළ ටිකක් ඉහලා පිළිගන්වන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *