අද අපි මේ ලිපිය ගෙන එන්නෙ ඉගෙන ගන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් අද අපි කතාකරන්න හිතුවේ එක්සෑම් එකක් වෙලාවේ ඔයාගෙ අතින් සිද්ධ වෙන වැරදි කිහිපයක් හා ඒවා මගහරව ගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනයි.
1. කළබල වෙන්න එපා
හැමෝම විභාගෙට යන්නේ ලොකු බයකින් කිව්වොත් අපි වැරදි නැති වෙයි. බ්‍රයිටෙක් වුණත්, ඉගෙනීමට දුර්වල කෙනෙක් වුණත් හැමෝම වගේ යන්නේ බයෙන්. ඉතින් ඔයාටත් මේ ස්ට්‍රෙස් එක තියෙනවා නම්, විභාගේ මොහොතේදිත් ඔයාට ඒක නැතිකරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අපිට පුළුවන් විභාගය වෙලාවට මදක් කලින් අපි අදහන ආගමක් සිහිපත් කරගන්න. නැත්නම් සිත සන්සුන් කරගැනීමේ භාවනාවක හෝ මානසික ව්‍යායාමයක නිරත වෙන්න. මෙහෙම කරොත් අර ස්ට්‍රෙස් එකෙන් ඔයාට ගොඩාක් දුරට මිදෙන්න පුළුවන් වේවි.
2. “අනේ දැන් මතක නැහැනේ”
“අයියෝ ඕක උදේ බලාගත්තනේ. දැන් මතක නැහැ. දැන් මොකද කරන්නේ?” එක්සෑම් දවසකදි පිළිතුරු මතක නැති ප්‍රශ්නයක් සෙට් වෙලා, එක පාරක්වත් මෙහෙම හිතිලා නැති කෙනෙක් නම් හොයාගන්න මාර අමාරුයි. මේ වගේ වෙලාවට අපි ඉන්නේ මාර අවුලෙන්. ඒක ඇත්ත. ඒත් ඔයාට පුළුවන් ඒ අමාරු ප්‍රශ්නෙම ඇලිලා ඉන්නැතුව ඒක පැත්තකින් තියලා අනිත් ප්‍රශ්න ටික කරන්න ගන්න. සමහර විට ඒ ටික කරන අතරතුරදි අර මුලදි ඔයාට අමතක වුණු ප්‍රශ්නයට පිළිතුර ඔයාට මතකයට එන්න පුළුවන්. නැත්නම් පස්සේ තියෙන ප්‍රශ්න කරද්දි ඒකෙම උත්තර තියෙන්නත් පුළුවන්…
3. වතුර බෝතලය
වතුර බෝතලය විභාගේ වෙලාවට ළඟින් තියාගන්න ඉඩ දුන්නොත් ඔයා අනිවාර්යයෙන් දෙපාරක් හිතන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න. මොකද සමහර වෙලාවට ඔයාට අමතක වුණු දේවල් මතක් කරවන්න වගේම ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක නැති කරන්න පුළුවන් මැජික් බලයක් වතුර වලට තියෙනවා. ඒ හින්දා අපි ආයෙත් කියනව දෙපාරක්ම හිතන්නේ නැතුව වතුර බෝතලේ ළඟට ගන්න.
4. “අරූ මට වඩා ගනීද?”
විභාගෙ වෙලාවේ හැමෝටම තරඟකාරයෙක් හෝ තරඟකරුවන් ඉන්නවා. ඒක පන්තියේ පළවෙනියාට විතරක් නෙමෙයි, අන්තිමයටත් පොදුයි. මෙහෙම තරඟකාරී සිතුවිලි එන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ විභාගෙ දවසේ උදේ යාළුවෝ එක්ක කරන සාකච්ඡාවන් නිසා තමන්ගේ දැනුම යාළුවනුත් එක්ක සංසන්දනය වීමයි. මේ නිසාම විභාග වෙලෙත් ඔයාට මොකකට හරි පිළිතුරු ලියන්න අපහසු වුණොත් බොහෝ විට මතක් වෙන්නේ අනිත් යාළුවො මේකට උත්තර ලියලද වගේ දේවල්. දෙයක් මේක මගහරව ගන්න ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි තමන්ටම ටාස්ක් එකක් හදාගන්න එක. ඔයාට පුළුවන් මම හැම සබ්ජෙක්ට් එකටම මේ ලකුණට ඉහළින් ගන්නවා කියලා අධිෂ්ඨාන කරගන්න. එහෙම නැතුව පන්තියේ එක වෙනවා කියලා හිතන්න එපා හැමතිස්සෙම.
5. පැය භාගෙන් ඉවරයි?
මේක ගොඩාක් අය කරන වැඩක්. පැය භාගෙන් පේපරේ ඉවර කරනවා. හැම පේපරේම නෙමෙයි, ඔය සමහර පොඩි පොඩි විෂයයන් එහෙම නැත්නම් MCQ වගේ දෙයක්. මෙතනදිත් අපි ගොඩාක් සැළකිලිමත් වෙන්න ඕනේ. පැය භාගෙන් පේපරේ ඉවර කරන කෙනෙක් සමහරවිට පේපරේ කියවද්දී වුණත් කියවන්නේ ඉක්මනින් වෙන්න පුළුවන්. එහෙම කරද්දි වැරදියට ප්රශ්නය කියවීම් හෝ වැරදියට අවබෝධ කරගැනීම් සිදුවෙන්න පුළුවන්. එනිසා ඔයාට පුළුවන් එච්චර හදිස්සියක් නැතුව පේපරේ හොඳින් අවබෝධ කරගනිමින් ලියන්න. එහෙම නැත්නම් ඉතිරි කාලවේලාවේදි ලියපු පිළිතුරු නැවත කියවන්න.
6. අකුරු හකුරුද?
සාමාන්‍යයෙන් විභාගෙකදී ප්‍රධාන වශයෙන්ම බලන දේවල් තුනක් තියෙනවා. එකක් තර්කන හැකියාව. අනික කාල කළමනාකරණය. අවසාන එක තමයි පිළිවෙළ. පේපරේ බලද්දී බලන කෙනාට ආස හිතෙන විදියට පේපරේ ලිව්වොත් තමයි ඒ බලන එක්කෙනා කවුරු වුණත් ආසාවෙන් බලන්නේ. එහෙම කියලා පාට පෑන් වලින් හැඩ වැඩ දාන්න යන්න එපා. පේපරේට නිල් පෑනෙන් උත්තර ලියන කොළේ පුළුවන් තරම් පැහැදිළි අකුරින් ලස්සනට ලියන්න. ඒ වගේම වැරදුනොතින් තනි ඉරකින් කපන්න. මේවා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ දේවලුත් නෙමෙයි. ඒත් අපිට අමතක වෙන වැදගත් පොයින්ට්ස්.
7. අල්ලපු එකාගේ පිහිට
මේක ගොඩාක් අය කරන වැරැද්දක්. හැබැයි මේ වැරැද්ද හැමතිස්සෙම කරන්නත් බැහැ. මේකට ප්‍රධානම හේතුව පාඩම් නොකිරීමනේ. සාමාන්‍යයෙන් පාඩම් කරපු කෙනෙක් නම් විභාග මොහොතේ අනිත් අයගෙ පිහිට පතන්නේ නැහැ. මේක විභාගෙ තියෙන මොහොතේ හරිගස්සන පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒ හින්දා පුළුවන් තරම් පාඩම් කරන්න. අපේ සයිට් එකෙත් අපි පාඩම් කරන්න ලේසි වෙන ක්‍රම සහ උපදෙස් ඕන තරම් දාල තියෙනවා. තව යූ ටියුබ් එකෙත් තියෙනවා සෑහෙන්න…
මේ ළඟදි නම් ඔයාට ගොඩාක් වෙලාවට එක්සෑම් එන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නැහැ අනිවාර්යයෙන්ම මේ පෝස්ට් එකේ තියෙන දේවල් මතක තියාගන්න. විභාග තියෙන කාලෙදි අගය දැනේවි අනිවාර්යයෙන්ම.
ශශින් ප්‍රබෝද්
Leave a Reply