මේ දවස් වල කිරි බොන අයට මේ කිරිපිටි හොයාගන්න එක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඉතින් ඇයි අපිට කිරි නොබී ඉන්න බැරි? කිරි වෙනුවට බොන්න පුළුවන් පෝෂ්‍යදායක පාන වර්ග කොච්චර තියනවද? අද අපි ඒවයින් කීපයක් ඔයාලට ගෙනාවා. බලන්න මේවා බීලා ඇඟට කොයිතරම් සැහැල්ලුවක් දැනේවිද කියලා. කිරිපිටි බොන එක සම්පූර්ණයෙන් නවත්තලා මේ වගේ පාන වර්ග වලට යොමු වෙන්න පුළුවන් නම් ශරීරයට සෑහෙන්න හිතකරයි.
1. චියා සීඩ් ඩ්‍රින්ක් (Chia Seed Drink)
අවශ්‍ය ද්‍රව්‍ය
- චියා සීඩ්ස් මේස හැඳි 1
- මී පැණි මේස හැඳි 1
- වතුර කෝප්ප 3/4
- දෙහි බෑයක යුෂ
- ග්ලාස් එකකට මී පැණි හා චියා සීඩ්ස් දාගන්න. දැන් මේකට වතුර දාලා දෙහි යුෂ ටිකක් දාගන්න.
- හොඳට කලවම් කරලා විනාඩි 15ක් විතර තියල බොන්න.
2. නෙල්ලි පානය (Gooseberry Drink)
අවශ්‍ය ද්‍රව්‍ය
- බෙහෙත් නෙල්ලි ගෙඩි කිහිපයක්
- වතුර කෝප්ප 1
- බැදගත් සූදුරු තේ හැඳි 1
- ලුණු ස්වල්පයක්
- නෙල්ලි වල ඇට අයින් කරලා පොඩියට කපාගන්න. මේකට වතුර දාලා ග්‍රයින්ඩ් කරගන්න.
- සූදුරු ටික, රස අනුව ලුණු දාලා හොඳට ග්‍රයින්ඩ් කරලා පෙරාගන්න.
3. ආමන්ඩ් කිරි (Almond Milk)
අවශ්‍ය ද්‍රව්‍ය
- ආමන්ඩ් ඇට ග්‍රෑම් 100
- වතුර කෝප්ප 4
- වැනිලා ස්වල්පයක්
- ආමන්ඩ් ටික රැයක් පෙඟෙන්න තියන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර හා වැනිලා දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා බොන්න ගන්න.
4. බෙලිමල් තේ
අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි බෙලිමල් මේස හැඳි 2
- වතුර කෝප්ප 1
- රස අනුව සීනි
- බෙලිමල් වලට වතුර ටික දාගන්න. විනාඩි 5ක් විතර තම්බගන්න.
- මේක පෙරාගෙන රස අනුව සීනි දාලා බොන්න.
5. කැරට් බීට් ජූස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කැරට් කෝප්ප 1
- කපාගත් බීට් කෝප්ප 1/4
- කපාගත් තක්කාලි ගෙඩි 1
- දෙහි යුෂ ටිකක්
- මී පැණි ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු ටිකක්
- මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 1ක් දාගන්න.
- හොඳට බ්ලෙන්ඩ් කරලා පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා බොන්න.
6. කරපිංචා තේ
අවශ්‍ය ද්‍රව්‍ය
- කරපිංචා ඉති 5ක් විතර
- වතුර කෝප්ප 2
- රස අනුව සීනි
- භාජනයකට කරපිංචා ටික දාගන්න. වතුර කෝප්ප 2ක් දාලා කලවම් කරලා හොඳට නටවගන්න.
- දැන් මේක පෙරලා බොන්න. කොලෙස්ටරෝල් තියෙන අයට ගොඩක් ගුණයි.
7. සෝයා කිරි
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා ඇට ග්‍රෑම් 200
- සීනි තේ හැඳි 2
- ලුණු ස්වල්පයක්
- සෝයා ඇට රැයක් පෙඟෙන්න දාගන්න. දැන් මේක හොඳට සෝදලා පොතු අයින් කරලා වතුර කෝප්ප 2ක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ලිපේ තියලා උණු කරන්න. උඩින් යොදය වගේ හැදෙන ටික අයින් කරගන්න. නටන කොට ලිපෙන් බාල සීනි හා ලුණු දාලා බොන්න ගන්න.
Leave a Reply