දැන් පහුගිය දවස් වල සෑහෙන්න රාවයක් ගියානෙ බ්ලූ බැලුවොත් එහෙම කෙලින්ම ගෙදරට පොලිසියෙන් එනව කියලා. ඒක ඉතින් බොරු වුණත්, ඇත්තටම ඔය කසාද බැඳපු ඇත්තො එහෙම බ්ලූ එකක් බලන්න දෙන කොමාන්ඩෝ ගේම්ස් ගැන අහනකොටත් දුක හිතෙනවා. ඇයි? සමහර නෝනලා එහෙම අතිශයින්ම විරුද්ධයි නෙව ඔය වැල බලන සීන් වලට. දැන් අහන්න එපා කසාද බැඳපු එවුන්ට මොකටද බ්ලූ ෆිල්ම්ස් කියලා. එව්වා තේරුම් කරගන්න කසාදයක් කරගෙනම බලන්න වෙයි.
හරි, දැන් අපි කියන්න යන්නේ එහෙම සීමා මායිම් බාධා නැති කපල් එකකට කොහොමද එකට ඉඳගෙන බ්ලූ ෆිල්ම් එකක් එහෙම නැතිනම් පෝර්නොග්‍රැෆි එකක් බලන්නේ කියලා තමයි. මොකටද එහෙම එව්වා එකට බලන්නේ කියලද දැන් හිතන්නේ? වෙන මක්කටවත් නෙවෙයි, දෙන්නත් එක්ක සෙක්ස් කරන්න කලින් හොඳ පූර්ව උත්තේජනයක් ලබාගන්න. එහෙම නැතිනම් අලුතින් කරන්න පුළුවන් දේවල් ගැන දෙන්නටම දැනුවත් වෙන්න. ඔය ඕනම දේකට වෙන්න පුළුවන්. මෙතනදී කසාද බැඳපු හෝ එකට ජීවත් වෙන කපල් එකක්ම වෙන්න ඕනැත් නෑ. තාම වෙන වෙනම ජීවත් වෙන පෙම්වතුන් යුවළකට වුණත් පුළුවන් තමන්ගේ සෙක්ස් ලයිෆ් එකට පොඩි රහක් එකතු කරගන්න සෙක්ස් වීඩියෝ කියලා සමහරු හඳුන්වන පෝර්නොග්‍රැෆි බලන්න. හැබැයි ඒක හරියට කරගන්නත් දැනගෙන ඉන්න ඕන. මේ ටිප්ස් කීපය අන්න ඒ හරියට කිරීම වෙනුවෙන් තමයි!
1. කොමියුනිකේෂන්
මේ කියන්නේ ගිහින් කොමියුනිකේෂන් එකකින් පෝර්න් වීඩියෝ ඉල්ලන්න කියල නෙවෙයි. තමන්ගේ පාට්නර් එක්ක පෝර්න් වීඩියෝ එකක් බලන්න හිතනවා නම්, ඒ ගැන හොඳ සන්නිවේදනයක් මුලින්ම අවශ්‍යයි කියන එක. ඒ සන්නිවේදනය කොයි වගේ ලෙවල් එකක තියෙන්න ඕනෙද කියන එක තීරණය වෙන්නේ පෝර්න් සම්බන්ධයෙන් පාර්ට්නර් ඉන්න තැන අනුව. ඒ කියන්නේ එයාට පෝර්න් පේන්න බැරි නම් ෂේප් එකේ වචනේ දාලා බලන්න පුළුවන්. හැබැයි එහෙම ස්වභාවිකවම පෝර්න් බලන්න අකමැති කෙනෙක්ට බලෙන් පෝර්න් පෙන්නන්න දඟලන්න එපා. පාට්නර් එහෙම කෙනෙක් නම් වැඩේ එතනින් අතෑරලා දාන්න. එහෙම නැති නම් ඉතින් කතා බහ කරලා වැඩේ පටන් ගන්න පුළුවන්.
මේ කතාබහේදී තමන් බලන්න කැමති මොන වගේ පෝර්න්ද, බලන්න කැමති කොයි විදියටද වගේ දේවලුත් කතා කරගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න, සෙක්ස් ලයිෆ් එක බෝරින් නම් ඒක ආයෙමත් නග්ගලා ගන්න පෝර්න් බලලා සෙක්ස් කරන එක අවුලක් නෑ. හැබැයි සෙක්ස් ලයිෆ් එකේ වෙන වෙන විදි වල ගැටළු තියෙනවා නම් ඒක විසඳගන්න පෝර්න් බලලා හරියන්නෙ නෑ.
2. සැඟවුණු අරමුණු එපා
අපිට පෝර්න් බලන්න පුළුවන් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එකට හොඳ ෆ්ලේවර් එකක් එකතු කරගන්න. එහෙම නැතිනම් මොනවා හරි අළුත් සීන් එකක් ඉගෙන ගන්න. එහෙමත් නැතිනම් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්න අකමැති දෙයක් කරන්න පුළුවන්ද කියලා පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. ඔය පළවෙනි කාරණා දෙකම ගැටළුවක් නෑ. හැබැයි තුන්වෙනි කාරණාවේදී හොඳට මතක තියාගන්න, පූර්ණ විනිවිද භාවයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි කියලා. උදාහරණයක් විදියට අපි කියමු එක්කෙනෙක් කැමති නෑ මුඛ සංසර්ගයට. එතකොට අනික් කෙනාට පුළුවන් මුඛ සංසර්ගය තියෙන පෝර්න් වීඩියෝ එකක් දෙන්නත් එක්ක බලලා ඒ අවුල ලිහාගන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දීලා බලන්න. හැබැයි ඒක හිතේ තියාගෙන පෝර්න් එක පාට්නර්ට පෙන්නන්න යනවා වගේ එව්වා කරන්න එපා. “අපි මුඛ සංසර්ගය ගැන තියෙන පෝර්න් ක්ලිප්ස් බලලා ඔයා ඒකට කැමති වෙයිද කියලා බලමුද” වගේ තැනකින් තමයි පටන් ගන්න ඕන. නැතුව ඔය සැඟවුණු අරමුණු එක්ක දෙන්නත් එක්ක පෝර්න් බලන්න යන එකෙන් දෙන්නගේ සම්බන්ධතාවය වුණත් පළුදු වෙන්න පුළුවන්.
3. ලෑස්ති වෙලා පටන් ගමු
අපි කියනවනේ සෙක්ස් වලට ලෑස්ති වෙන එක වඩාත් හොඳයි කියලා. එතකොට පෝර්න් බලන්නත් ඒ වගේම ලැහැස්තියක් තියෙන එක හොඳයි. ඒ කියන්නේ, පෝර්න් බලලා දෙන්නත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන්න යන්නෙ නැහැනේ. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ වෙන්නේ දෙන්නත් එක්ක සෙක්ස් කරන එක. ආන්න ඒ නිසා, පෝර්න් බලන්න සෙට් වෙන්න කලින්ම ඒකට ලැහැස්ති වෙන්න පුළුවන්. අවශ්‍ය නම් වොෂ් එකක් එහෙම දාලා, පහසු ඇඳුමක් කාරිය ඇඳගෙන, සෙක්ස් කරන්න අවශ්‍ය ඔය ලූබ් වගේ කළමනා එහෙම තියෙනවා නම් එව්වත් අත ලඟින් තියාගෙන, දොරවල් ජනෙල් එහෙමත් වහලා දාලා දෙන්නත් එක්ක පෝර්න් බලන වැඩේට එන්ටර් වෙන්න පුළුවන්!
4. දෙන්නත් එක්කම පෝර්න් හොයාගමු
මේක ඇත්තටම ආතල් වැඩක්. ඕන නම් දෙන්නා වෙන වෙනම නම් ඉන්නේ, අනික් කෙනා බලන්න ආස වෙයි කියලා හිතන පෝර්න් ක්ලිප් එකක් යවන්න පුළුවන්. එහෙම දෙන්නට දෙන්නා පෝර්න් හුවමාරු කරගන්න එකත් වෙනම ෆන් එකක්.
අපි කියමු දෙන්නා එකට ඉන්නේ කියලා. එතකොට දෙන්නත් එක්කම බලන්න හොඳ පෝර්න් එකක් හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෝර්න් එකක් බලන්න යන්නේ විනාඩි පහළොවක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පෝර්න් එකක් හොයන්නම පැයක් දෙකක් වුණත් යන්න පුළුවනිනේ. ආන්න ඒ නිසා, හොඳම දේ තමයි අපි අද හොයාගන්නේ මොන විදියේ පෝර්න් ක්ලිප් එකක්ද කියලා දෙන්නම කතාබහ කරගෙන දැනුවත් වෙලා වැඩේ පටන් ගන්න එක. ඊට පස්සේ දෙන්නත් එක්ක තුරුල් වෙලා පෝර්න් හොයන එකේ වෙනම ෆන් එකක් තියෙනවා!
දැන් ඔය පෝර්න් හොයනකොට දෙන්නගේම කැමැත්තට සෙට් වෙන පෝර්න් වීඩියෝස් හොයන්න පුළුවන් වගේම, එක්කෙනෙක්ට තමන් ආස දෙයක් අනික් කෙනාටත් ටේස්ට් කරලා බලන්න අවස්ථාවක් අරගෙන දෙන්නත් පුළුවන්. හැබැයි එතනදී පරිස්සම් වෙන්න ඕන, අනික් කෙනාට පෝර්න් එපා වෙන විදියේ එක්ස්ට්‍රීම් වලට නොයන්න.
5. ඉන්ටරැක්ෂන්ස්
දැන් මේ බලන්නේ ක්‍රයිම් ත්‍රිලර් එකක් නෙවෙයිනේ. පෝර්න් බලන්නේ. ආන්න එතකොට ඉතින් දෙන්නත් එක්ක වෙන වෙනම ඉඳගෙන සමාධිගත වෙලා පෝර්න් වීඩියෝස් බලන එකේ මෙලෝ රහක් නෑනේ. ඒ වෙනුවට දෙන්නත් එක්ක පොඩි පොඩි ඉන්ටරැක්ෂන්ස් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔන්න දෙන්නා තුරුළු වෙලා පෝර්න් බලන්න පටන් ගන්නවා. ටික ටික ඉස්සරහට යනකොට හෙමීට අත අතගානවා. තව ටිකක් වීඩියෝ එක ඉස්සරහට යනකොට හෙමිහිට පියයුරු පිරිමදිනවා. ඔය පෝර්න් ක්ලිප් එකේ අතරමැදදී කිස් එකක් එහෙම හුවමාරු කරගන්නවා. ආන්න ඒ වගේ දෙන්නට දෙන්නා සම්බන්ධ වෙන්න ඕන.
ඕන නම් පෝර්න් එක යන අතරතුරදී එකේ සිද්ධ වෙන දේවල් ඉමිටේට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කියමු පෝර්න් වීඩියෝ එකේ එක්කෙනෙක් අනික් කෙනාට බ්ලෝජොබ් එකක් දෙනවා කියලා. අපිටත් පුළුවන් පාට්නර් වීඩියෝ එක බලන අතරේ, එයාට බ්ලෝජොබ් එකක් දෙන්න. ආන්න එහෙම ටිකින් ටික ඉස්සරහට යන්න පුළුවන්. ඇත්තටම දෙන්නත් එක්ක පෝර්න් බලනවා නම්, එහෙම ඉන්ටරැක්ෂන් නැතුව ඇත්තටම ඒ බලන එකේ වැඩක් ඇත්තෙත් නෑ!
6. යතාර්ථයේ පසුවෙමු
දෙන්නත් එක්ක පෝර්න් වීඩියෝස් බලලා ආතල් එකක් ගන්න යන එකේ අහිතකර පැත්තක් තියෙනවා. ඒ තමයි. ඇත්ත ලෝකේ සහ ෆිල්ම් ලෝකේ පටලවා ගන්න එක. දැන් ඔය හින්දි ෆිල්ම් වල ෂාරුක් ඛාන් ගිහින් දහයකට විස්සකට ගහන අතරේ, සමහරු ඇවිත් පොළු කැඩෙන්න ෂාරුක්ට ගහලත් ඌට හීරීමක්වත් නෑ. හැබැයි අපිත් වලියකට බැහැලා කවුරුහරි පොල්ලකින් ගහනකොට අත දැම්මොත් ආයෙ අත් හොයන්න වෙන්නෙ නෑ. ඒ වගේ තමයි මේවත්. පෝර්න් කියන්නෙත් ෆිල්ම්ස්නේ. එතකොට ඔය පෝර්න්ස්ටාර්ස්ලා ආයෙ කිසිම ලිහිසිකාරක ද්‍රව්‍යයක් නැතුව හෙන ගැම්මෙන් පැනපු ගමන් සංසර්ගයේ එහෙම නියැළෙනවා නේද? ඔව්වා ඇත්ත ජීවිත වල කරන්න ගිහින් සෙක්ස් එපා වෙන එක තමයි වෙන්නේ. ආන්න ඒ නිසා, දෙන්නත් එකක් පෝර්න් බලනකොට ඔය රියැලිටි එකේ සහ ෆිල්ම් වල දේවල් සිද්ධ වෙන වෙනස වටහාගන්න ඕන.
දෙවෙනි කාරණාව, ෆිල්ම් වල පෝර්න්ස්ටාර්ලා සහ තමන්ගේ සහකරුවාව හෝ සහකාරියව සංසන්දනය කරනවා වගේ දේවල් ගැටළුකාරීයි කියලා තේරුම් ගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, පෝර්න් ෆිල්ම් එකක ඉන්න නළුවෙක්ගේ තරම් ලිංගයක් තමන්ට කොහෙත්ම තියෙන්න විදියක් නැහැනේ ගොඩක් වෙලාවට. ඒ වගේම, පෝර්න් ෆිල්ම් එකක ඉන්න නිළියකගේ වගේ ලොකු පියයුරු යුවළක් තමන්ට තියෙන්න පුළුවන් කලාතුරකින් තමයි. ආන්න ඒ නිසා ඔය සංසන්දනයන් හරිම ඩේන්ජරස්. ඒකත් තේරුම් ගන්න ඕන. එහෙම බැරි නම් දෙයියනේ කියලා පෝර්න් නොබලා ඉන්න එක හොඳයි.
7. ඉතින් ඊට පස්සේ?
හරි දැන් අපි සෙක්ස් ලයිෆ් එකට පොඩි කික් එකක් ගන්නත් එක්ක පෝර්න් බැලුවනේ. දැන් ඒක සෙක්ස් ලයිෆ් එකට යොදාගන්නෙ කොහොමද? ඇත්තම කිවුවොත් සෙක්ස් ලයිෆ් එකට යොදාගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපි මුලිනුත් කතා කරපු විදියට සෙක්ස් ලයිෆ් එකට පෝර්න් හඳුන්වාදෙන මූලික වුවමනාවන් කීපයක් තියෙනවනේ. එතකොට ඕන නම් දෙන්නට පූර්ව උත්තේජනයක් විදියට ඒක යොදාගන්න පුලුවන්. එතකොට අර වීඩියෝ එකේ තියෙන විදියට සෙක්ස් කරන්න යන්න ඕන නෑ. හැබැයි ඉතින් ඒ වීඩියෝ එකක දකින්න ලැබුණු අලුත් දේවල් තියෙනවා නම් එව්වා අත්හදා බලන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන්. අපි උඩ කියපු දේ මතක තියාගන්න ඕන එතනදී.
ඒ ඇරෙන්න ඉතින් පෝර්න් වීඩියෝ එකක් බලලා දෙන්නම පොඩ්ඩ පොඩ්ඩ රත් වෙලා ආවහම දෙන්නට තියෙන්නේ රොටිය පුච්චගන්න තමයි.
8. පස්සෙ සංවාදයට
හැබැයි ඇත්තටම දෙන්නත් එක්ක පෝර්න් වීඩියෝස් බලලා දෙන්නත් එක්ක හොඳට සෙක්ස් කළාටත් පස්සේ, ඇත්තටම ඒක සංවාදයකට හොඳ මාතෘකාවක් කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඔය දෙන්නගේ තියෙන ෆැන්ටසි ගැන එහෙම කතා කරන්න මේ පෝර්න් වීඩියෝස් හොඳ ප්‍රවේශයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක්කෙනෙක් කරන්න කැමති, අනික් එක්කෙනා අකමැති දේවල් ගැන ආයෙමත් හිතලා බලන්නත් පෝර්න් වීඩියෝස් හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. පෝර්න් වීඩියෝස් තමන්ගේ පාර්ට්නර් ලව්වා එයා අකමැති දෙයක් කරවගන්න පාවිච්චි කරන්න හොඳ නෑ. මේක අපි පටන් ගන්නකොටත් කියපු විදියට එකිනෙකා අතර හොඳ අවබෝධයක් ඇතුව තමයි සිද්ධ වෙන්න ඕන.
දැන් පැහැදිළියිනේ දෙන්නා හොඳ අවබෝධයෙන් කොහොමද වැලක් බලන්නේ සහ වැලෙන් පස්සෙ තියෙන සීන්ස් වලට එන්ටර් වෙන්නේ කියලා. මෙව්වා ඉතින් පොඩ්ඩක් කරලා බලනකොට ඔය නුහුරු ගතිය යයි. හැබැයි එකක් මතක තියාගන්න ඕන. ශ්‍රී ලංකා නීතිය යටතේ ඔය අසභ්‍ය ප්‍රකාශන බෙදාහැරීම සහ ප්රකාශනය තහනම්. දඬුවම් ලැබෙන්න පුළුවන් නීතියෙන්. තමන්ගේ පාවිච්චිය සඳහා තිබ්බට අවුලක් නෑ හැබැයි!
Leave a Reply