විවේකයක්, නිදහසක් ලැබුණම කැළේට යන්න මිනිස්සු කැමතියි. එයින් අපේ හිතට වගේම ගතටත් අමුතු සහනයක් ලැබෙනවා. ටාසන් පොත් හරහා මේ කැලේ ජීවත් වුණ අපේ ශිෂ්ටාචාරයෙන් ගිලිහුණු මහා චරිතයක් ගැන කියවෙනවා. මේ චරිතය කරන වීරක්‍රියා වගේම ඔහු මුහුණදෙන අත්දැකීම්ද සාහිත්‍ය හරහා කියවා අපේ මනසේ මවාගන්නට අපි කැමතියි. මේ ටාසන් චරිතය චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ගණනාවකට පාදක වුණා. ඉතින් අපි ටාසන් ගැන පොඩි කරුණු ටිකක් බලමු.
1. ටාසන් කෘතිය ගැන…
ටාසන් කතා මාලාවේ මුලින්ම එන්නේ ‘වානරයන්ගේ ටාසන්.’ මේ ටාසන් සිංහල පාඨකයින්ට සමීප කරන්න කේ. ජී කරුණාතිලක කියන අසහාය පරිවර්තකයා ලොකු මෙහෙයක් කළා. කේ. ජී කරුණාතිලක ජීවිතයේ අවසාන කාලයේදී පරිවර්තනය කළ ටාසන් කෘති තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය වුණා. ටාසන් මුලින්ම පළවුණේ 1912 සඟරාවක කොටස් වශයෙන් පළවුණු කතාවක් විදිහට. පස්සේ 1914 දී ටාසන් පොතක් විදිහට එළියට ආවා. ටාසන් භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම පසුව ලියවුණු ටාසන් පොත් 25කට වඩා තියෙනවා.
2. එඩ්ගර් රයිස් බරෝස් ගැන
එඩ්ගර් රයිස් බරෝස් ටාසන් ලියන්න කලින් ප්‍රකට ලේඛකයෙක් නෙමෙයි. ඔහු වැඩ කරලා තියෙන්නේ එවකට සුළු රැකියාවල. සේල්ස්මන් කෙනෙක්, පැන්සල් උල් කරන්නෙක් ආදී සුළු රැකියාවල නිරත වුණු රයිස් බරෝස් ගේ පොත මුද්‍රණයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. පොත ලියද්දී ටාසන් නම වෙනුවට වෙනත් නම් යොදාගන්න හිතුවත් අවසානයේ කළේදි ටාසන්ගේ නම ටාසන් විදිහටම දක්වලා තියෙනවා.
3. ඇයි ටාසන් පොත් තාමත් ජනප්‍රිය?
ටාසන් ගැන අපි දන්නා 2000න් පස්සේ ඉතිහාසය තුළම ටෙලි කතා මාලා වගේම චිත්‍රපටිත් කිහිපයක් නිකුත් වුණා. කොපමණ නිර්මාණ වලින් ටාසන් අලුත් අලුත් විදිහට ආවත් තවමත් ටාසන් නවකතාව ජනප්‍රියයි. ෆිල්ම් හෝ ටෙලිනාට්‍ය ආවම හැමදාමත් ඔරිජිනල් පොතේ තිබුණ ආතල් එක විනාස කරලා කියලා චෝදනා කරන්නත් පිරිසක් ඉන්නවා. මිනිස්සු කැළේට ආසයි. ඒ වගේම කැළේට ගිය මිනිහෙක් කැළේ එක්ක මුහුවෙලා ජීවත්වෙන අත්දැකීම් කියවන්නත් ආසයි. ඒ නිසා ටාසන් පොත තාමත් ජනප්‍රියයි කියලා තමයි ඒ ගැන වැඩිදුර කියන අය අදහස් දක්වන්නේ.
4. සිනමාවෙන්, ටෙලි වලින් ටාසන් පොතට ලැබෙන දේ
පොතේ තිබෙන ඔරිජිනල් කතාව සිනමා හෝ ටෙලි නිර්මාණ වලින් විනාශ වෙනවා කියලා චෝදනා තිබුණත්, බොහෝ පිරිස් මේ ටාසන් කතාව රූපවාහිනියේ, ලැප්ටොප් එකේ, චිත්‍රපට ශාලාවේ දැක්කට පස්සේ ගිහින් පොත කියවනවා. පොත තුළ කතාව වඩාත් විචිත්‍රවත්ව තියෙනවා සහ බලන කෙනා කලින් සිනමාවෙන් හෝ ටාසන් බලලා නම් ඔහුට ටාසන් මේ වගේ කෙනෙක් වෙන්න ඇතිය කියන අදහස ඔළුවට එනවා. චරිත සිතේ මවාගන්න එතකොට පාඨකයාට පහසුයි.
5. ටාසන් ඩිස්නි ෆිල්ම් එක
වෝල්ටර් ඩිස්නි සමාගම ටාසන් චිත්‍රපටියක් 1999 දි එළිදැක්වූවා. ඒ කාලේ ඒ ටාසන් චිත්‍රපටිය වගේ ඇනිමේශන් චිත්‍රපටි හදන්න පරිගණක තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ චිත්‍රපටිය හදන්න සෑහෙන කලක් ගියා. ඒ චිත්‍රපටියේ ඕපනින් සීන් එක හෙවත් මුල් දර්ශනය හදන්නම අවුරුදු තුනක් ගතවෙලා තියෙනවා. ඒ වගේම ඒ චිත්‍රපටියේ ටාසන්ගේ සිඟිති අවධියේ ගෝරිල්ලන් සමග ටාසන් හැදෙන හැටි දැක්වෙන කාලයක් තියෙනවා. ඒ ටාසන්ගේ කුඩා අවධියේ ටාසන්ට හඬ කවන්නේ ගැහැනු කෙනෙක් මිස ළමයෙක් නෙමෙයි. ඔරිජිනල් කතාවට වඩා මදක් වෙනස් වුණත් මේ චිත්‍රපටිය ලොව පුරා ජනප්‍රිය වුණා.
6. ටාසන් හැදෙන්නේ ගෝරිල්ලන් අතේද?
බොහෝ ටාසන් ජවනිකා වල තියෙන විදිහට ටාසන් සර්කස් එකකදි වගේ කැළේ වැල් ආධාරයෙන් ගහකින් ගහකට පනිනවා. ඒත් ඇත්තටම කතාවේ එන විදිහට නම් ටාසන් එහෙම නෙමෙයි, ඔහු වඳුරෙක් විදිහට ගහකින් ගහකට පැනලා තමයි තැනින් තැන ගියේ. ඒ වගේම ටාසන්ව ඇතිදැඩි කරන පිරිස ගෝරිල්ලන් ලෙසත් චිත්‍රපට වල දැක්වෙනවා. ඒත් ඇත්තටම ටාසන් කතාවේ එන විදිහට ටාසන්ව ඇතිදැඩි කරන්නේ මානවරූපී වානර වර්ගයක් විසින්. එවුන් මිනිසුනුත් නොවන වෙනත් වඳුරු විශේෂයකුත් නොවන අතරමැදි ජාතියක්.
7. ටාසන් කතාවල එන සැඟවුණු ශිෂ්ටාචාර
රයිඩර් හැගාඩ් ගේ “අයේෂා” නවකතාවේ වගේම ටාසන් කතාවලත් නැතිවුණු ශිෂ්ටාචාර ගැන සඳහන් වෙනවා. ඒ වගේම ඒ පෞරාණික ශිෂ්ටාචාර ටාසන් ඉන්න කාලෙත් සක්‍රීයව තියෙන බවත් කියවෙනවා. රයිස් බරෝස් කතාව ලියන කාලය වනවිටත් අප්‍රිකාව කියන්නේ අඳුරු රටක්. රයිස් බරෝස් කිසිදාක අප්‍රිකාවට ගිහින් තිබුණෙත් නැහැ. ඒ වගේම මිනිසුන්ට අප්‍රිකාව කියන්නේ වටහාගත්තේ නැති ග්‍රහලෝකයක් යන හැඟීම තිබුණා. ඒ නිසා නැතිවුන ශිෂ්ටාචාර සහ සැඟවුණු පුදුම දේවල් අප්‍රිකාව තුළ ඇතැයි රයිස් බරෝස්ද හිතන්නට ඇති.
ටාසන් කතාවක් මුලින්ම ලියවිලා සියවසකටත් වඩා ගිහින්. දැන් එදා ටාසන් මුලින්ම බලපු අය ජීවතුන් අතරත් නැතුව ඇති. ඒත් ටාසන් පරම්පරා ගාණක් තිස්සේ අපේ හදවත් වලට සමීප වෙලා තියෙනවා. ඉතින් ටාසන් ගැන කරුණු කිහිපයක් ඔබ මේ හරහා දැනගන්නට ඇති. ටාසන්ට කැමති යාළුවන්ටත් දැනුවත් වෙන්න මේක ෂෙයාර් කරගන්න අමතක කරන්නට එපා.
Leave a Reply