බේසිල් කොළවලින් හදාගන්න පුළුවන් කෑම වර්ග

බේසිල් කියන්නෙ ඉතා ගුණදායක ඖෂධීය හර්බ් එකක්. අපේ රටේ ගොඩක්ම කෑමට භාවිතා නොකළට යුරෝපීය රටවල මේක ගොඩක් කෑමට ගන්නවා. හැබැයි දැන් දැන් ලංකාවෙත් මේ හර්බ් එක ටිකක් පාවිච්චි කරනවා. ඔන්න ඉතින් මේ බේසිල් වලින් හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් ඔයාලට ගෙනාවෙ මේකෙ තියන ගුණ හින්දමයි. මානසික අවපීඩනය දුරු කිරීමට, මතක ශක්තිය වර්ධනයට, ආහාර රුචිය වැඩි කිරීමට වගේම බඩවැල් ආශ්‍රිත රෝග, වකුගඩු රෝගවලටත් මේක සෑහෙන්න හොඳයි. මෙච්චර වටින ශාකයක් ගැන දැන දැනත් නොකා ඉන්න එපා. එහෙනම් කියවලම බලන්න. 

 

1. බේසිල් පෙස්ටෝ 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේසිල් කො​ළ 10 පමණ
  2. සුදුළූණු බික් 3-4
  3. සීනි මේස හැඳි 1
  4. ඔලිව්තෙල් කෝප්ප 1
  5. බැදගත් රටකජු ග්‍රෑම් 50
  6. ලෙමන් බෑයක යුෂ
  7. ග්‍රේට් කරගත් පාමසාන් චීස් කෝප්ප 1/2
  8. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • බ්ලෙන්ඩර් එකට ඔලිව්තෙල්, සුදුළූණු, දෙහි යුෂ, බේසිල් කොළ වලින් කිහිපයක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • ඒකටම සීනි, රටකජු දාලා ආයේ බ්ලෙන්ඩ් කරගන්න. 
  • ටිකකින් පාමසාන් චීස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා තුන්වෙනි පාර ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේ පේස්ට් එක පාස්ටා වලට පීසා ටොපින් වලට වගේම සැලඩ් වලටත් පාවිච්චි කරන්න පුළුවන්.

 

2. ස්පයිසි බේසිල් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200
  2. තෙල් ස්වල්පයක් 
  3. ලියාගත් සුදුළූණු බික් 3-4
  4. ලියාගත් ළූණු ගෙඩි 1/2
  5. කෑලිමිරිස් තේ හැඳි 1
  6. රතු සීනි මේස හැඳි 1
  7. සෝයාසෝස් තේ හැඳි 2
  8. වතුර කෝප්ප 1/4
  9. ලුණු හා ගම්මිරිස්කුඩු 
  10. බේසිල් කොළ 8-10

 

  • පෑන් එකට තෙල් ටිකක් දාල රත් වෙනකොට චිකන් ටික දාගන්න. මේකට ළූණු හා සුදුළූණු ටික දාගන්න. 
  • චිකන් ටික තැම්බුණාම මේකට රතු සීනි, සෝයාසෝස්, කෑලිමිරිස් ටික දාලා වතුර දාගන්න. 
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. දැන් මේකට බේසිල් කොළ ටික දාලා වහලා විනාඩි 5ක් විතර අඩු ගින්දරේ පිසගන්න. 

 

3. බේසිල් මයෝනේස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේසිල් කොළ කිහිපයක් 
  2. බිත්තර කහමද 2
  3. බිත්තර 1
  4. විනාකිරි මේස හැඳි 2
  5. බේසිල් කොළ 7-8
  6. ඔලිව්තෙල් කෝප්ප 1
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. මස්ටඩ් පේස්ට් මේස හැඳි 1

 

  • මේ ඔක්කොම ග්‍රයින්ඩර් එකට දාලා විනාඩි 5ක් හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ක්‍රීමි පේස්ට් එකක් වෙනකල්. 
  • මයෝ පාවිච්චි කරන ඕනම කෑමකට මේක එකතු කරගන්න පුළුවන්.

 

4. බේසිල් ලෙමනේඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේසිල් කොළ කෝප්ප 2
  2. සීනි කෝප්ප 2
  3. වතුර කෝප්ප 2
  4. ලෙමන් යුෂ කෝප්ප 2
  5. වතුර කෝප්ප 2
  6. අයිස්කැට කිහිපයක් 

 

ගානිශ් එකට

 

  1. බේසිල් කොළ කිහිපයක් 
  2. ලෙමන් පෙති කිහිපයක් 

 

  • භාජනයකට බේසිල් කොළ, සීනි හා වතුර දාලා විනාඩි 5ක් විතර තම්බගන්න. මේක පෙරාගෙන නිවෙන්න තියන්න.
  • භාජනේකට ලෙමන් යුෂ හා වතුර දාගන්න. මේකට කලින් හදාගත්තු බේසිල් සිරප් එක දාලා කලවම් කරගන්න. 
  • ලෙමනේඩ් එක දාන ග්ලාස් එකට අයිස්කැට දාලා දෙහි පෙති ටික දාගන්න. හදාගත්තු මික්ස් එක මේකට දාලා උඩින් බේසිල් කොළ වලින් ගානිශ් කරගන්න. 

 

5. බේසිල් බටර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් ග්‍රෑම් 200
  2. බේසිල් කොළ කෝප්ප 1
  3. ඔලිව්තෙල් මේස හැඳි 1

 

  • බේසිල් කොළ ටික ෆුඩ් ප්‍රොසෙසර් එකකට හෝ ග්‍රයින්ඩර් එකකට දාලා ඔලිව්තෙල්, සුදුළූණු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • බටර් ටික ඝණ ගතිය නැතිවෙනකම් කාමර උෂ්​ණත්වයේ තියල මේකට එකතු කරලා ආයේ බ්ලෙන්ඩ් කරගන්න. 
  • බටර් පාවිච්චි කරන ඕනම කෑමකට මේක පාවිච්චි කරන්න පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *