වසූරිය වැනි ලොව සෙලවූ මහා වෛරසයක් වුවත් කොවිඩ් හමුවේ ඉතා පුංචි මට්ටමකින් තමයි විද්‍යාත්මකව සළකන්නේ. මොකද වසූරිය වෛරසයට එන්නත් සොයාගන්නට පහසු වුණා. ඒ වගේම වෛරස ප්‍රභේද බිහිවීම වගේ කාරණාවලදිත් වසූරිය කොවිඩ්-19 වලට වඩා පාලනය ලේසි වුණා. කොරෝනා වෛරසය එදා මෙදාතුර ලොව මුහුණදෙන අසීරුම අභියෝගයක්. මේ අලුතින්ම එන එප්සිලෝන් කොවිඩ් 19 සඳහා අපේ තියෙන බය තවත් වැඩි කරනවා. අපි ඒ ගැන විස්තර ටිකක් සොයාගමු.
1. කොහෙන්ද හොයාගත්තේ?
මේ එප්සිලෝන් කියන වෛරස කාණ්ඩය මුලින්ම හොයාගත්තේ 2020 ජූලි මාසේ කැලිෆෝනියාවෙන්. CAL.20C කියාත් හඳුන්වන මේ කොවිඩ් ප්‍රභේදය B.1.427 සහ B.1.429 කියන වර්ග දෙකේ සංකලනයක් වෙනවා. මේ කොවිඩ් විශේෂය දැනට පාකිස්ථානයේ දැඩිව පැතිර යනවා. ඉන්දියානු බෝඩරයට ආසන්න පාකිස්ථානයේ ලාහෝරයෙන් එප්සිලෝන් ප්‍රභේදය වැළදුණු රෝගීන් සොයාගෙන තියෙනවා. පාකිස්ථානයේ දැනට මෙය ඩෙල්ටා ප්‍රභේදය හා සමව වේගයෙන් පැතිරෙනවා. ඒ එක්කම මේ වෛරස කාණ්ඩය එන්නත් වලට ප්‍රතිරෝධී ස්වභාවයක් තිබෙන බවත් කියවෙනවා.
2. එන්නතේ කාර්යභාරය
කොවිඩ් එන්නතකින් කරන්නේ රෝගය පාලනය පමණයි. එයින් රෝගයට එරෙහි ඉන්ද්‍රජාලික බලයක් සිරුර තුළ ඇතිකරන්නේ නැහැ. ඒ වගේම ඉතාම කලාතුරකින් එන්නත ගත්ත අයත් තිබෙන රෝග සහ සිරුරේ ප්‍රතිශක්තිය අඩුකම මත කොවිඩ් වැළඳී මිය යන්නට ඉඩ තියෙනවා. දැනට තිබෙන සෑම එන්නතකින්ම පාහේ ප්‍රතිශක්තිය ඇති කළත් ඒ විද්ද අයට කොවිඩ් වැළඳෙනවා. ඒත් වැඩිදෙනකුට රෝගය රෝහල්ගත වෙන තරමට අමාරු වෙන්නේ නැහැ. ඉතින් කොවිඩ් වැක්සීන් ගත්තත් එප්සිලෝන් හැදෙන්න පුළුවන්. ඒත් වැක්සීන් හරහා එප්සිලෝන් වලට ප්‍රතිශක්තිය ඇතිකිරීමේ අඩුවක් තියේද කියන එක තවදුරටත් සොයා බලන්නට තියෙනවා.
3. එන්නතට ප්‍රතිරෝධී බවට වූ පර්යේෂණ
වොෂින්ටන් සරසවියේ පර්යේෂකයින් සොයාගෙන ඇති ආකාරයට එප්සිලෝන් වෛරස කාණ්ඩය තුළ තිබෙන ප්‍රෝටීන වර්ග කිහිපයක් වෙනස්. ඒ වෙනස් ප්‍රෝටීන එන්නත් මගින් ඇතිකරන ප්‍රතිදේහවලට අනුකූල නොවන අවස්ථා තිබෙන බව ඔවුන්ට අනාවරණය වෙලා තියෙනවා. වැක්සීන් මගින් හෝ ස්වාභාවිකව ඇතිවන වෛරස ප්‍රතිරෝධී ප්‍රතිදේහ වෛරසය මර්දනයට උපකාරී වෙනවා. මේ ප්‍රතිදේහ සාමාන්‍යකරණය වීම අවුල් කරන්නට එප්සිලෝන් සමත් බවට දැනට කෙරෙන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා.
4. මොන වගේ දෙයක්ද මේකෙන් වෙන්නේ?
ඔරිජිනල් සාර්ස් කොවිඩ් 2 වෛරසය 2019 වූහාන් වලින් අනාවරණය වෙද්දි ඒ වෛරසය පැතිරුණේ ඔටුණු හැඩැති වෛරස පිටත සැකැස්මක් සහිතව. එතැනදී වෛරසයේ පිටත තිබූ ග්ලයිකොප්‍රෝටීන මිනිස් සිරුරකට ඇතුළු වෙන්නට ඉඩ කඩ තවත් හදා දුන්නා. මේ ග්ලයිකොප්‍රෝටීන ඇතිවීම සහ ඒ ග්ලයිකොප්‍රෝටීන වඩාත් කාර්යක්ෂම කිරීමට මේ අලුත් එප්සිලෝන් වර්ගය සමත් වෙලා තියෙනවා.
5. පැතිරීම
නව ප්‍රභේද වන කොවිඩ් ඩෙල්ටා, ඇල්ෆා වගේම මේ එප්සිලෝන් වර්ගයත් පැතිරීම අතිනුත් වේගවත්. කලින් සාමාන්‍ය කොවිඩ් වලට වඩා මේ එප්සිලෝන් 20%ක කාර්යක්ෂමතාවයකින් පැතිරෙන බව සඳහන්. ඉන්දියාව සහ ආසියාව පුරා වේගයෙන් පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදය මෙන්ම අධික වේගයෙන් එප්සිලෝන් පැතිරෙන නිසා මීළඟ කොරෝනා වෛරස රැල්ල එප්සිලෝන් වේ යැයි ඉන්දියානු විශේෂඥයින් බිය පළ කරනවා. විශේෂයෙන් පාකිස්ථානය තුළ මෙය පැතිරීමෙන් ඒ යාබද රට වෙන ඉන්දියාව තුළත් එප්සිලෝන් පැතිරීමේ අවදානම වැඩි වෙලා තියෙනවා.
6. එප්සිලෝන් ඇතිවීම
එප්සිලෝන් ඇතිවීම කොරෝනා වෛරස ප්‍රභේද කිහිපයක් එකට එකතු වීමෙන් සිදුවීයැයි සැළකෙනවා. මේ කොරෝනා වෛරස වලට ප්‍රතිදේහ ඇතිවීමේදී ප්‍රතිදේහ 34කින් 14ක්ම බිඳ හෙලන්නට මේ එප්සිලෝන් සමත් වෙලා තියෙනවා. කැලිෆෝනියාව තුළ මුලින් ඇතිවුණු එප්සිලෝන් කාණ්ඩයටත් වඩාත් දැන් දැන් පැතිරෙන එප්සිලෝන් වර්ගය භයානක විය හැකි බවටත් මත පළවෙලා තියෙනවා. කොහොම වුණත් රටවල් 34කින් හමු වී ඇති එප්සිලෝන් කාණ්ඩය ගැන සැබෑවටම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අංශ බිය පළකරලා තියෙනවා.
7. එන්නත් වලට ප්‍රතිරෝධී වීමේ අනතුර
එන්නත් වලට මේ එප්සිලෝන් මර්දනය කිරීමේ හැකියාව අඩු වුණොත් එතැන විශාල ගැටළුවක් නිර්මාණය වෙනවා. දැනට ලංකාව ගතහොත් එන්නත් මිලියන විස්සකට ආසන්න ප්‍රමාණයක් විදලා තියෙනවා. ලොව පුරා එන්නත් මාත්‍රා බිලියනයකටත් වැඩි ප්‍රමාණයක් මේ වනවිට එන්නත් කර අවසානයි. ඒ අනුව බොහෝ රටවල සෞඛ්‍ය අංශ සහ කොවිඩ් වැළඳෙන්නට සහ අමාරු වන්නට අවදානම වැඩි නිදන්ගත රෝග සහිත මහළු අය එන්නත්කරණයට ලක් වෙලා තියෙනවා. ඒත් විදපු එන්නත් වලට අලුත් ප්‍රභේදය වැඩි අනුකූලතාවයක් දක්වන්නේ නැතිනම් තවත් අමතර එන්නත් මේ සියළුම එන්නත් විද්ද අයට ලබාදෙන්නට සිදු වෙනවා. එය විශාල මෙහෙයුමක්, ක්‍රියාවලියක් වගේම වියදමක් වෙනවා.
ලංකාව වගේ ණයගැති රටවල් සමාජයේ සෑම අතකින්ම වගේ කොවිඩ් නිසා පසුබෑමට ලක් වෙලා තියෙනවා. ලෝකයේ ආර්ථික අතින් සුවිශාල රටවල් පවා කොවිඩ් නිසා සෙලවීමට ලක් වුණා. ඉතින් මේ අලුත් ප්‍රභේදය කුමක් හෝ ක්‍රමයකින් පැතිරීම අඩුකරගන්න, ඒ සඳහා එන්නත් සොයාගන්න හැකි වුණොත් එය අපිට වාසියි. අපි එහෙම වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු.
Leave a Reply